ශ්රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සඳහා දකුණු පළාත් දායකත්වය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස ලබා ගැනීම පිණිස ප්‍රාදේශීය සම්පත් අපනයන කර්මාන්තවලට යොදා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. එමෙන්ම, මාතර දිස්ත්‍රික් ලේකම් හා එම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අපනයන සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීමද එහි ප්‍රධාන අරමුණු විය.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල, මාතර දිස්ත්‍රික්යේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ , අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක යන මහත්ම මහත්මීන් අපනයන සංවර්ධන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සහ දකුණු පළාතේ අපනයනකරුවන් සහභාගී විය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපනයන ඉලක්ක කර ගත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ එය අධීක්ෂණය කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. තවද, එක් අරමුණක් කරා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා තනිව තනිව දකුණු පළාතේ සියලුම අපනයන සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර, එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග, යෝජනා සහ ඉදිරි අපනයන ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයකට ලක් විය. අනෙකුත් පළාත්වලද ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
ශ්රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර පවතින විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එක
මේ වසරේ මාර්තු මාසයේදී මෙරට තේ ඵලදාව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4ක් ලෙස සටහන් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
ශ්රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව 2025“ සංචරණ සහ සං
දකුණු ආසියානු රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා පිහිටුවා ගනු ලැබූ COSCAP - South Asia (Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia) සංවිධානයේ 32 වන සමුළුව ඉකුත
ශ්රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපනයන සංවර්ධනයට පළාත් මට්ටමෙන් විධිමත් වැඩපිළිවෙළක්