නිමල කොඩිතුවක්කු
ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාපවල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තුළ නවීන ගිනි නිවන උපකරණ සහිත අභ්‍යන්තර ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම මගින් ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැංවීමට හැකි වන බවත්, ක්ෂණික ප්‍රතිචාර හරහා ශ්‍රමිකයන් හා කර්මාන්ත දේපළ ආරක්ෂා කර ගනිමින් හානි අවම කර ගැනීමට හැකි වන බවත් හඳුනාගෙන ඇත.
ඒ සඳහා ජපන් ආර්ථීක හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 300ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 590ක) ප්‍රදානයක් මඟින් කටුනායක, බියගම, සීතාවක සහ වතුපිටිවල අපනයන සැකසුම් කලාප සඳහා ලීටර් 4000ක ධාරිතාවකින් යුත් ගිනි නිවන රථ 4ක් සහ උපකරණ කට්ටල 12ක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගීතාව මත සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, යෝජිත ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියකියවිලි අත්සන් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකාව පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තත් ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේ පැවැති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට ළඟා වීමට අවම වශයෙන් ත
ශ්රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට තුළ සිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය (wealth and retail banking) වෙනත් පාර්ශ්ව
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිම
විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයති
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Softlogic Life සමාගම, Allianz සමූහයට අයත් මෙරට ක්‍රියාත්මක Allianz Life Insurance Lanka Ltd සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් අත්පත්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අපනය කලාපවල ගිනි නිවන්න ජපන් යෙන් මිලියන 300ක්