විමුක්ති එස් රුද්‍රිගු
මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24දී මෙරටට සංචාරකයන් 118,134 ක් මෙරටට පැමිණ තිබිණි.
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මෙම මස පළමු දින 24 දී මෙරටට දිනකට පැමිණි සංචාරකයන් ගණන සාමාන්‍යයක් ලෙස 6,013 කි. ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 24 වැනිදා දක්වා 866,596 ක් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ එම කාලය සමග සංසන්දනය කරන විට සියයට 15 ක වර්ධනයකි.
පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24 දී මෙරටට සංචාරකයන් 753,918 ක් පැමිණ තිබිණි. ශ්‍රී ලංකාවේ මෙම වසරේ සංචාරක ඉලක්කය ලක්ෂ 30 කි. මෙම මසදී සංචාරකයන් 224,710 ක් මෙරටට ගෙන්වා ගැනීමට සංචාරකයන් ඉලක්ක කර ඇත.
මෙම වසරේදී වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයටත් හිමිව ඇත. පිළිවෙළින් ඉන්දියාවෙන් සංචාරකයන් 148,078 ක්, රුසියාවෙන් සංචාරකයන් 105,427 ක්, බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 85,206 ක් මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොය
ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් 2024 වසරේදී විදේශ අධ්‍යාපනය සඳහා දැරූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු පද්ධතිය ඔ
අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI)
මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධික
මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් මස 23 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.4 කින් අවප්‍රමාණය වී
පසුගිය වසරේදී මෙරට නීත්‍යානුකූල සිගරට් අලෙවිය පහත ගොස් ඇතත් නීති විරෝධීව මෙරටට ගෙන්වන සිගරට් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අප්‍රේල් මුල් දින 24ට සංචාරකයෝ 144,320 ක්