අමානා බැංකුවේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි මහතා කාලීඩ් ඔෂ්මාන්ගේ නම සඳහන් විශේෂ ජර්සිය ඔහු වෙත පිරිනැමූ අවස්ථාව
ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්‍රහණ කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි.
2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක බවට පත් වූ අමානා බැංකුව තවදුරටත් ඔහුට අනුග්‍රහය දැක්වීමට තීරණය කර ඇත්තේ මළල ක්‍රීඩාව සඳහා ඔහු පෙන්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනි.
මවුපිය රැකවරණය අහිමි දරුවකු ලෙස හැදී වැඩුණු කාලීඩ් ඔෂ්මාන් වයස අවුරුදු 26 දී දෘශ්‍යාබාධිත තත්වයට පත් විය. කෙතරම් බාධක පැමිණියද උත්සාහය අත් නොහැරි ඔහු, දිගින් දිගටම ක්‍රීඩාවේ යෙදෙමින් ඉසව් රැසකදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 2024 වසරේ ආබාධ සහිත වූවන්ගේ ජාතික ක්‍රීඩා තරගවලියේදී මීටර් 100 දිවීම ඉසව්වේ රන් පදක්කම, දෘශ්‍යාබාධිත බොක්සින් ඉසව්වේ රන් පදක්කම සහ ඉන්දියාවේදී පැවති 4 වන ජාත්‍යන්තර දකුණු ආසියානු තරගාවලියේදී කිලෝමීටර් 5 ධාවන ඉසව්වේ රන් පදක්කම ආදිය එම ජයග්‍රහණ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම වියට්නාමය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල Ironman 70.3 තරගාවලි සඳහා සහභාගී වූ ඔහු, ජාතික හා ජාත්‍යන්තර මැරතන් තරග රැසකට සහභාගී වෙමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ. මීට අමතරව ඔහු 2017 සහ 2022 දෘෂ්‍යාබාධිත T 20 ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය.
අමානා බැංකුවේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “කාලීඩ් ඔෂ්මාන්ගේ ජයග්‍රහණ සියැසින් දුටු කෙනකු වශයෙන්, ඔහුගේ මේ ගමන සැබවින්ම උත්සාහය සහ අධිෂ්ඨානය ඔස්සේ පැමිණි ගමනක් බව මට කියන්නට පුළුවන්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ තවතවත් ජයග්‍රහණ සනිටුහන් කරන්නට ඔහු දරන මේ උත්සාහයෙන් යළිත් වරක් ඔහු සමග අත්වැල් බැඳගනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. එමෙන්ම තමන්ගේ ජීවන අත්දැකීම්වලට සමාන මෙහෙවරක් වෙනුවෙන් කැපවුණු OrphanCare වැඩසටහනට ඔහුගෙන් විශාල සහයෝගයක් හිමි වීමත් අපට මහත් සතුටක්. මේ හවුල්කාරීත්වය, යහපත් වෙනස්කම් සඳහා පෙරමුණ ගැනීමේ හැකියාව ඇති පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීම මැනැවින් නිරූපණය කරන දෙයක් බව මා සිතනවා. කාලීඩ් ඔෂ්මාන්ගේ ඉදිරි ගමනට අප අපගේ උණුසුම් සුබපැතුම් එක්කර සිටිනවා.”
ශ්රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික
වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි
ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අමානා බැංකුවෙන් කාලීඩ්ට අනුග්‍රහය