ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් දේශීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම පසුගියදා සිදු විය.
ආරම්භයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ අවශ්‍යතාව සඳහා මෙයින් රථ තුනක් නිෂ්පාදනය කර බාරදීම පසුගියදා සිදු විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන සහ එකලස් කරන සමාගමක් වන අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ (Mahindra and Mahindra – India) තාක්ෂණික දායකත්වයෙන් මෙම ATV රථ දේශීයව නිෂ්පාදනය කර ඇති අතර, මේ සඳහා එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම මගින් ලබාගෙන ඇත.
අනිකුත් සියලුම යෙදවුම් සහ වාහන නිර්මාණය දේශීය ඉංජිනේරුවන් අතින් නිමවා සකස් කර ඇති මෙම රථය ඕනෑම රළු මාර්ගයක ගමන් කළ හැකි බව පරීක්ෂණ ධාවනවලින් තහවුරු වී ඇතැයි අයිඩියල් මෝටර්ස් සඳහන් කරයි.
මෙම එක් වාහනයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ නම් රුපියල් මිලියන 20ක පමණ මුදලක් වැය වන අතර දේශීයව නිෂ්පාදනය කළ මෙම වාහනය රුපියල් මිලියන 8කට ආසන්න මුදලකට ලබාදිය හැකි බව අයිඩියල් මෝටර්ස් සමාගම සඳහන් කරයි. මෙම වාහන සඳහා වසර තුනක වගකීමක් අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලබාදෙන අතර ධාවනයේදී ඇතිවන කිසියම් ගැටලුකාරී තත්ත්වයන්ට පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සේවයක් අයිඩියල් මෝටර්ස් මගින් ක්‍රියාත්මක කරනු ඇත.
මෙම රථ විශේෂයෙන් වෙරළ ආශ්රිත අවේක්ෂණ කටයුතු සහ ගොඩබිම ආශ්රිත වනාන්තර යාබද අවේක්ෂණ කටයුතු සඳහා නාවික හමුදාව භාවිත කිරීමට නියමිතය.
ඉදිරියේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන් වෙත අවශ්‍ය මෙවැනි විශේෂිත වාහන නිෂ්පාදනය කිරීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල විශේෂ වූ අවශ්‍යතාවන් පරිදි දේශීයව නිෂ්පාදනය කරන වාහන හඳුන්වාදීමට කටයුතු කරනු ඇත. එමගින් වර්තමාන අසීරු ආර්ථික අවස්ථාවලදී මෙවැනි වාහන ආනයනය කිරීමට වැයවෙන විදේශ විනිමයන් රට තුළ ආරක්ෂා කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, දේශීය කර්මාන්ත නගාසිටුවීමටද ඉමහත් පිටුවහලක් වනු ඇත.
595
ඡායාරූපය
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අධ්යක්ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන් විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ රථ නිල වශයෙන් බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ නාවික හමුදාවේ රියර් අද්මිරාල් පී.ඒ.ජේ.එන්. පොන්නම්පෙරුම, රියර් අද්මිරාල් ආර්.ඒ.පී.පී. රත්නායක, කොමදෝරු ඩී.එස්.පී.කේ. ද සිල්වා, නාවික හමුදා මැරයින් බළකායේ අධ්යක්ෂ කොමදෝරු පී.එස්.කේ. පිටිගල යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට
Kumar (Gulf) Monday, 13 March 2023 11:25 PM
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට මිලියන 2 කට නිෂ්පාදනය කරන්න තිබුණා, මේ සමාගම MR Junta එක්ක සම්බන්ධ මාෆියාවක් වෙන්න ඇති.
උදිතා Sunday, 19 March 2023 01:21 PM
අමුඩෙ ගහගන්න දියලනුවක්වත් නැති වුනාට දර්ශන වලින් නම් කිසිම අඩුවක් නැත ! අනිත් රටවල නාවික හමුදාවට දෙන්නේ , නැව් .. බෝට්ටු වගේ දේවල් !