කඩුවෙල කේ බුද්ධික කුමාරසිරි
ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙරේදා (11) හෝමාගම දී පැවසීය
හෝමාගම, පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය. ඒ මහාත වැඩිදුරටත් මෙසේද පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1ක බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතුයි
විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1ක යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි. එහෙත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාව වැඩිවෙද්දි ඒ සහන නැවත එම කර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා.
එතැනින් එහාට විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල 17 වැනිදා අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණ.
කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට පියවර ගන්නවා.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයවැයෙන් කර්මාන්තවලට බදු සහන නෑ