IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පියවර

  • මෙහෙයුම් කාර්යක්ෂමතාව නැංවීමට පියවර
  • ආයෝජන විවිධාංගීකරණයටත් අවධානය
  • ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පලදායිතාව නැංවීමට පියවර

විමුක්ති එස් රුද්‍රිගු


රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේදීත් ඉන් ඉදිරියටත් පියවර රැසක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. 

2025 වසර සහ ඉන් ඔබ්බට කොටස් තුනක් යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඒ යටතේ මිල ස්ථායිතාව සඳහා සහාය වන ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධති ස්ථායිතාව අරමුණු කරගත් ප්‍රතිපත්ති සහ මහ බැංකුවේ අනෙකුත් ප්‍රතිපත්ති, කාර්යයන් වන බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසීය.

මෙම වසරේදී සේවක අර්ථ සාධක අරමුදලේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වාර්තා ඩිජිටල්කරණය සහ සාමාජිකදායක මුදල් මාර්ගගතව ගෙවීමට ඉඩ ලබාදීම ඇතුළුව විසඳුම් කීපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. එසේම අර්ථ සාධක අරමුදලේ පවතින පද්ධති සහ ක්‍රියාවලිය නැවත වැඩි දියුණු කර සකස් කිරීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් නවීකරණය කිරීමටද අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව අර්ථ සාධක අරමුදල විසින් සිදු කරනු ලබන ආයෝජන විවිධාංගීකරණය කිරීමේ මාර්ගද පිරික්සමින් සිටින බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කකරණ රාමුවට අනුකූලව මෙම වසරේ මැද, අවසන් භාගය වනවිට උද්ධමනය සියයට 5 ක ඉලක්කය වටා ස්ථායීව පවත්වා ගැනීමට මහ බැංකුව කටයුතු කරනු ඇතැයි ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මහ බැංකුවේ වත්මන් පුරෝකථන අනුව සැපයුම් අංශයේ එක්වරක් පමණක් මිලෙහි ඇතිවූ වෙනස්කම්වල බලපෑම හේතුවෙන් සිදුවූ උද්ධමනය පහළ යෑමේ තත්වය මෙම වසරේ මුල් භාගයේදී පවතිනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

එසේම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා මෙම වසරේදී තවත් පියවර කීපයක් සැලසුම් කර තිබෙන බවද ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. අපේක්ෂිත ලෙස විදෙස් සංචිත ගොඩනංවා ගැනීමත් සමග මෙම වසරේදී දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලිතාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවත් එහිදී සුදුසු මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් හරහා ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමට මහ බැංකුව සූදානම් බවත් ඔහු පැවැසුවේය.

මුදල් ප්‍රතිපත්තිය සඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහ වෙනස් වන දේශීය හා ගෝලීය ප්‍රවණතාවලට අනුකූලවීමේ අරමුණින් මෙම වසරේදී වෙළෙඳපොළ කටයුතු සඳහා වඩාත් වෙළෙඳපොළ හිතකාමී ක්‍රමවේදයකට යොමුවීමට මහ බැංකුව සැලසුම් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. එසේම මෙම වසරේදී වෙන්දේසි සඳහා කාල සටහනක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකාව 2023 වසරේදී සහ පසුගිය වසරේදී ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුවත් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යෑමත් සමග මෙම වසරේදී විදේශීය ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කිරීමට ඉඩ ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මැදි කාලීනව විදේශීය ජංගම ගිණුම තිරසාර මට්ටමින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවද ඔහු පැවැසුවේය.

මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ බැංකු අංශයේ මෙහෙයුම් ශක්තිමත්භාවය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව, කෙටි කාලයේ සිට මැදි කාලය දක්වා විහිදී යන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව අපේක්ෂා කරන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එහිදී සියලු‍ බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතා සමග මෙරට බැංකු අනුකූල වන බවට ඉදිරියේදී අර්ධ වාර්ෂිකව අධීක්ෂණය කෙරෙනු ඇතැයි ඔහු පැවැසුවේය. එසේම ඉදිරියේදී මෙරට බලපත්‍රලාභී බැංකු සඳහා වෙළෙඳපොළ මත පදනම්වූ ඒකාබද්ධ කිරීමේ රාමුවක් ස්ථාපිත කිරීමට නියමිත බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පියවර

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පියවර
2025 ජනවාරි මස 09 58 0

රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේදීත් ඉන් ඉදිරියටත් පියවර රැ


’Gem Sri Lanka - 2025’ ඇරැඹේ
2025 ජනවාරි මස 09 30 0

“Gem Sri Lanka - 2025”‍ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී ඊයේ (08) පෙරවරුවේ ආරම්භ වි


2024 ආර්ථික වර්ධනය සියයට 5ක්
2025 ජනවාරි මස 09 21 0

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත්, එය මෙරට ආර්ථිකය වසර හතකට පසු වර්ධනය වූ වැඩිම ප්‍රතිශත


2024 දී මහ බැංකුව ඩොලර් බිලියන 2.8ක විදේශ විනිමය මිලදී අරන්
2025 ජනවාරි මස 09 40 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 වසරේදී දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගත් සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් ඉක්මවන බව මහ බැංක


Fusion ඇපරල් වෙතින් ඩො .මි .1.06 ක නව ආයෝජන ව්‍යාපෘතියක්
2025 ජනවාරි මස 09 18 0

බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලු‍ම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේය.


ජනතාවගේ ආර්ථික තත්වය අමාරුයි
2025 ජනවාරි මස 09 17 0

මෝටර් රථ අමතර කොටස් අ​ෙලවියේ දීර්ඝ කාලයක් කටයුතු කරන සමන් පෙරේරා පිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ පංචිකාවත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 64 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 497 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 263 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site