ශ්රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම්, ණය සහන මත යැපීම නවතා අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව, රාජ්‍ය ප්‍රතිව්‍යුහගත ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම ආරම්භ කිරීමට සූදානම් වෙයි.
ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් මෙරට රැඳී සිටින තකෆූමි කඩෝනෝ මහතා අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව නව ණය ගැනීම්වලට යොමු වීමට සිදු නොවන බව සහතික කරන ආකාරයේ ව්‍යුහාත්මක ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කළ යුතු බවය.
දකුණු කොරියාවේ සිදුවුණු ආර්ථික පෙරළිය සිහිපත් කරමින්, පාලන තන්ත්‍ර වෙනස්වීම් නොතකා, ස්ථාවර නායකත්වය සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ශ්‍රී ලංකාවට ද අවශ්‍ය බව කඩෝනෝ මහතා අවධාරණය කර ඇත.
‘කොරියානු රජය පර්යේෂණ සහ සංවර්ධන ප්‍රයත්නයන්ට නායකත්වය දුන්නා, රටේ සමාගම් දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දුන්නා සේම, වැඩි ආයෝජනයක් කිරීමට දායක වන්නැයි පුද්ගලික සමාගම්වලට උපදෙස් දුන්නා. දකුණු කොරියාවේ ආර්ථික පෙරළියක් සිදුවුණේ ඒ අනුවයි.’ යැයි කඩෝනෝ මහතා වැඩි දුරටත් පැහැදිලි කළේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමිනි.
“ආණ්ඩුව කළ යුත්තේ මෙයයි. ඔවුන් පුද්ගලික සමාගම් හෝ රාජ්‍ය ව්‍යවසායකයන්ට සහන ලබා දෙන්නේ නම්, මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට උදව් කරන ලෙස ඔවුන්ට උපදෙස් දිය යුතුයි, ණය සහන මත හෝ තවත් ණය ලබා ගැනීම් මත හෝ යැපීම කළ යුතු වන්නේ නැහැ.’ යැයි කඩෝනෝ මහතා වැඩිදුරටත් පැවසීය. යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි ඉලක්කගත කාර්මික ප්‍රතිපත්තිවල ඇති විය හැකි බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා ආර්ථික සමුළුව්දී සාකච්ඡාවට බදුන් විය. ‘රජය මුදල් වියදම් කිරීම පමණක් නොකළ යුතුයි. ඔවුන් ආයෝජනය කළ යුතුයි. ඔවුන් වෙළඳපොළ නියාමනය කිරීම පමණක් නොව, වෙළඳපල නිර්මාණය කළ යුතුයි’ යැයි ද කඩෝනෝ මහතා පැවැසීය.
කොරියානු විදුලි බල සංස්ථාව වැනි ප්‍රධාන ආයතන ඉතා ක්‍රමාණුකූලව, උපායමාර්ගිකව පුද්ගලීකරණය කිරීම ආදිය උදාහරණයට ගනිමින්, දකුණු කොරියාව ඔවුන්ගේ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම පිළිබඳව කඩෝනෝ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
‘ශ්‍රී ලංකාවේ නව රජයට, ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. එය විනිවිදභාවයෙන් යුතුව කිරීම සඳහා, තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම සහ අපනයනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා’ යැයි කඩෝනෝ මහතා අවසන් වශයෙන් පෙන්වා දුන්නේය.
සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත්කර ඒ වෙනුවට විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනය
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේදී 236.8ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉතාලි ත
සතිය ආරම්භයේදී පිට පිට දින දෙකක් පසුබැසීමට ලක් වූ කොළඹ කොටස් හුවමාරුව ඊයේ (27) දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය.
මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි