ගෝවා හා කැරැට් වගාවක්
අර්තාපල් කොටු අස්වනු ගැලවීම
වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී
අර්තාපල් ඇතුළු එළවළු වගාවට වැයකිරීමට සිදු ඇති නිෂ්පාදන වියදම ඉහළ යෑමත් ලැබෙන අස්වනු ප්‍රමාණය අවම තත්වයකට පත්වීමෙන් මත තමන් දැඩි ආර්ථික අපහසුවකට පත්වීමෙන් ජීවත්වීමේ ගැටලුවක් ද අද වන විට නිර්මාණයවී ඇතැයි වැලිමඩ සානුවේ එළවළු ගොවීහු මැසිවිලි නගති.
අර්තාපල් හා එළවළු වගාවට අවශ්‍ය බීජ වර්ග, රසායනික පොහොර ඇතුළු යෙදවුම් මිල දිනපතා ඉහළ යෑමත් සමග නිෂ්පාදන මිල ඉහළ ගියත් නිසි අස්වැන්නක් නොලැබීම හා අස්වැන්නට නිසි මිලක් ලබාගත නොහැකිව ඇතැයි ද ගොවියෝ පවසති. මෙසේ වගා අස්වනු පහත වැටීමට හේතුවී ඇත්තේ ප්‍රමිතියෙන් තොර බීජ වර්ග හා ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර ඇතුළු යෙදවුම් නිසා බව ගොවින්ගේ චෝදනාවය. මේ නිසා ගොවිතැනේ යෙදී සිටින වයස අවුරුදු 40-60 ත් අතර පසුවන ගොවින්ද ගොවිතැනින් ඉවත්වීමට ඉඩ ඇති බවද ගොවි සමිති පෙන්නා දෙයි.
වැලිමඩ නගරයේ බීජ අර්තාපල් හා රසායනික පොහොර අලෙවිකරුවන් පවසන්නේ 24/ 25 අර්තාපල් වගා මහ කන්නයට බීජ අර්තාපල් අලෙවිය පෙර වර්ෂවලට වඩා සියයට 40කින් පමණ පහත වැටී ඇති බවය. විදෙස් බීජ අර්තාපල් මිල රුපියල් 38000 ක් 43500ක් අතර පවතින බව ඔවුන්ගේ අදහසය. මෙසේ වසරින් වසර විදෙස් බීජ අර්තාපල් මිල සමග වගා වියදම ඉහළ යෑමෙන් ගොවින් අර්තාපල් වගාවෙන් දුරස්වෙමින් සිටින බව එම ව්‍යාපාරිකයෝ පවසති.
බොරලන්ද එළමල්අරාවේ ගොවි සංවිධානයේ සභාපති කේ.ඇම්. ප්‍රසාද් චාමර ගොවි මහතා මෙසේ ප්‍රකාශ කළේය.
වැලිමඩ සානුවේ අර්තාපල් ගොවින් මහ කන්නය ලෙසට සලකන නොවැම්බර් - දෙසැම්බර් මාසවල විදෙස් හා සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගබඩාවෙන් බීජ අර්තාපල් මිලට ගෙන වගා කරනවා. මෙහි අපේක්ෂා දෙකක් තිබෙනවා.
යල කන්නය ලෙස කුඹුරුවල වගා කිරීමට අවශ්‍ය බීජ අර්තාපල් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය අර්තාපල් ලබාගැනීම හා අතිරික්ත අර්තාපල් අලෙවිකර ගැනීම එයින් එක් කාරණයක්. අපි මෙවර විදෙස් බීජ අර්තාපල් කිලෝ 50ක් වෙළෙඳපොළෙන් රුපියල් 35000 - 42000ටත් අතර මිලකටත් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ගබඩාවෙන් කිලෝ පනහ රු. 23000 ක මුදලකටත් මිලට ගත්තා. රසායනික පොහොර කිලෝ 50ක් රුපියල් 8000 - 12000 අතර මිලක් වෙනවා. දිලීර නාශක ග්‍රෑම් 400ක් රුපියල් 8000ක් පමණ වෙනවා. කෘෂි රසායනික බෝතලයක් රුපියල් 5000 ක් පමණ වෙනවා. ගොවීන් මේ ආකාරයට වගාවට වැයකරන තම ශ්‍රමය නොතකා බීජ අර්තාපල් හා පොහොර බෙහෙත්වලට විශාල මුදලක් වැය කරනවා. එහෙත් කම්කරු වැටුප් හා තම ශ්‍රමයට අදාළ මුදල ගණනය ඇතුළත් කරන්නේ නෑ. ඒ සියලු දේ ඇතුළත් කළොත් අර්තාපල් බීජ කිලෝ 50ක් වගා කරන්න රුපියල් 80000 - 90000ක් වැනි මුදලක් වැයවෙනවා.
එසේ අධික මුදලක් වැයකරමින් වගාකර තිබෙන අර්තාපල් වගාව මාස දෙකක පමණ සිට පවතින අධික වර්ෂාවත් සමග විනාශයට පත්වෙමින් තිබෙනවා. දිලීර රෝග බහුලවීමෙන් සහ පොළව අභ්‍යන්තරයේ පවතින අධික ජලය හේතුවෙන් අර්තාපල් අල කුණුවීමට ලක්වෙලා. වෙනත් වගාකන්නවල දී එක් ගසක අවම වශයෙන් අල 10 -12 වැනි ගණනක් තිබුණා. එහෙත් වර්ෂාව නිසා අර්තාපල් ගසක අල 4 -5ක් වගේ ගණනක් තියෙන්නේ. එසේම ඉතිරිව තිබෙන අර්තාපල් ප්‍රමිතියටත් නෑ. එනිසා අපිට ලබන යල කන්නයට කුඹුරුවල අර්තාපල් වගා කිරීමට අවශ්‍ය බීජ අර්තාපල් නිෂ්පාදනයකර ගැනීමට බැරි තත්වයක් උදාවෙලා. එසේම නිසි ප්‍රමිතියක් නොමැති නිසා අර්තාපල් ටික විකුණා මුදල් කර ගැනීමටත් නොහැකිවෙලා. මේ නිසා අපේ අර්තාපල් ගොවීන් අන්ත අසරණ වෙලා.
ගොවි ජාතික සමුළුවේ අනුශාඛාවක් වන වැලිමඩ ඌවපරණගම එළවළු ගොවි සභාවේ කැඳවුම්කරු ආර්.ඇම්. රෝහණ රාමනායක මහතා මෙසේ සඳහන් කළේය.
රටටම අවශ්‍ය එළවළු ඉහළම නිෂ්පාදනයක් කරන්නේ වැලිමඩ සානුවේ ගොවි ජනතාවයි. එහෙත් අර්තාපල් ඇතුළු එළවළු වගාවෙන් එදා අතමිට සරුකර ඉහළ ජීවන තත්වයක් ගත කළ එම ගොවින් අද වනවිට වගා නිෂ්පාදන වියදම ඉහළයාම නිසි අස්වැන්නක් නොලැබීම හා නිසි මිලක් නොලැබීමට අමතරව වර්ෂාව අධිකවීමත් සමග අස්වනු කුණුවීම වැනි කාරණා මත දැඩි ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටිනවා.
මෙයින් දැඩි අසිරුවට පත්ව ඇත්තේ අධික මුදලක් වැයකරමින් අර්තාපල් වගාව කළ ගොවින් බව කියන්න ඕන. මෙවර අර්තාපල් වගාව සියට 60ක් පමණ සිදුකර ඇතත් වර්ෂාව හා විවිධ රෝග නිසා වගා ප්‍රමාණය සියයට 50ක් පමණ පහත වැටීමට ලක්ව තිබෙනවා. මෙවැනි තත්වයක් දිගටම පැවතියොත් දේශීය අර්තාපල් වගාව රටට හඳුන්වාදුන් වැලිමඩ සානුවෙන් අර්තාපල් වගාව නැතිවී යෑමට හැකියාවක් පවතින බව කනගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා. දේශීය අර්තාපල් වගා අස්වනු ලැබෙන විට විදෙස් අර්තාපල් වෙළෙඳපොළේ සුලභවීම හා විදෙස් අර්තාපල් අඩු මිලකට පාරිභෝගිකයාට මිලට ගත හැකිවීමත් නිසා දේශීය අර්තාපල් මිලට ගැනීමෙන් පාරිභෝගිකයා ඈත්වීමත් සිදුවේවි. දේශීය අර්තාපල් ගොවියා හා එළවළු ගොවියාට තම වගාවලට වැයකිරීමට සිදුවන වියදම් ප්‍රමාණය දෙස බලනවිට එළවළු ගොවියා පත්ව ඇති අසරණකම මනාව තේරුම් ගැනීමට හැකියි.
අක්කර කාලක බීජ අර්තාපල් වගා කරන්න මුළු වියදම රුපියල් හාර ලක්ෂ තිස්දහස් පන්සියක් වැයවෙනවා. ඒ අනුව අර්තාපල් කිලෝ 01ට වගා නිෂ්පාදන වියදම රුපියල් 215ක් පමණ වෙනවා. වර්තමානයේ එම වගා බිම් අස්වනු ප්‍රමාණය කිලෝ 2000ක් පමණ වෙනවා. වර්තමානයේ වෙළෙඳපොළේ කිලෝවක මිල රුපියල් 170 සිට 200 ක් අතර මිලක පවතිනවා. මෙයින් කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට අර්තාපල් කිලෝවට රුපියල් 10 බැගින් කොමිස් මුදලක් ගෙවන්න වෙනවා. ඒ අනුව ගොවියාට අතට ලැබෙන්නේ හාරලක්ෂ විසිහතර දහසක්. වගා වියදමට අනුව රුපියල් 6000 ක් පමණ පාඩුවක් සිදුවෙනවා.
අනෙක් එළවළු වගාවටත් වැයවන මුදල අධිකයි. බෝංචි වගාවට අවස්ථා කිහිපයකදි අවශ්‍ය රසායනික හා කාබනික පොහොර යෙදීමට රුපියල් 30000ක් පමණ වැයවෙනවා. දිලීර නාශක රුපියල් 1000 සිට 5000 අතර මිලක පවතිනවා. ඒ අනුව වාර 12ක් පමණ යෙදීමට රුපියල් 12000ක් පමණ වැයවේ. කෘමිනාශකවලට රුපියල් 12000ක්ද අළු හුණුවලට රුපියල් 2500ක්ද බෝංචි වැල්වලට ආධාරක කෝටු 1000 x 12 රුපියල් 12000කි. වල් නාශක ලීටර් 01 රුපියල් 3000 කි. ජල මෝටරයක ආධාරයෙන් වගාවට ජල සැපයීමට ඉන්ධනවලට රුපියල් 9000යි. ඇසුරුම් මලු 20ක් එකක් රුපියල් 40 බැගින් 800 කි. මෙම වගාවෙන් බෝංචි අස්වනු කිලෝ 500 - 600 ක් පමණ ලැබේ. මෙම අස්වැන්න කිලෝ එකට රුපියල් 200 x 600 ලැබුණොත් රුපියල් 120000 කි. මෙයින් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දා කිලෝ 600 ට රුපියල් 10 බැගින් කොමිස් අයකිරීමෙන් ගෙවීමට සිදුවන මුදල රුපියල් 6000 කි. අනෙක් එළවළු වගා සඳහා ද මෙවැනි අධික මුදලක් වැය වේ.
මෙසේ අධික මුදලක් වැයවුවද ගොවියාගේ ආදායම අඩුවීමට ප්‍රධාන හේතුව නම් 2020 න් පසු බීජ වර්ග හා රසායනික පොහොර බෙහෙත් මිල අධික ලෙස ඉහළ යෑමයි. එසේම බීජ හා රසායනික පොහොර බෙහෙත්වල ප්‍රමිතියේ බාලවීමක් සිදුවන බව දක්නට තිබේ. පසුගිය වර්ෂයේදි වැලිමඩ නැදුන්ගමුව අවට ගම්වල අර්තාපල් ගොවින් 2023/2024 මහා කන්නයේ වගා කළ විදෙස් බීජ අර්තාපල් කුණුවීමට ලක්ව විනාශ වුණා. එසේ බීජ අර්තාපල් විනාශ වූයේ ආනයන කළ එම බීජ අර්තාපල් වල පැවති දිලීරයක් නිසා බවට සිදුකළ රසායනාගාර පරික්ෂණවලදී තහවුරු වුණා. එම බීජ අර්තාපල්වල තිබූ රෝග කාරක වගා බිමේ පසට එක්වෙලා. එහෙත් ඒ පිළිබදව නිසි ඇගයීමක් නැතුව අර්තාපල් ගොවින්ට අදාළ පෞද්ගලික සමාගම විසින් බීජ අර්තාපල් ප්‍රමාණය පමණක් ලබා දුන්නා. එම වගාවට වැයකළ අනෙක් වියදම් ගැන එම සමාගම් නොසලකා හැරියා.
රසායනික පොහොර බෙහෙත් පිළිබඳවත් ආනයනික බීජ වර්ගවලත් ප්‍රමිතිය පිළිබඳව පරික්ෂා කිරීමට හැකි පර්‌යේෂණ මධ්‍යස්ථාන හා අධික බීජ අර්තාපල් මිල අවම කිරීම හා ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක බීජ අර්තාපල් නිෂ්පාදනය බහුල කිරීමේ ව්‍යාපෘති පුළුල් කිරීම හරහා අර්තාපල් ඇතුළු එළවළු ගොවින්ට වගා සඳහා වැයවන අධික මුදල අවම කර ගැනීමට හැකිවෙනවා. එසේ කිරීමට නොහැකි වුවොත් ගොවීන් අර්තාපල් ඇතුළු එළවළු වගාවෙන් ඈත්වීම වළක්වාගන්න බැරි වේවි.
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊ
ශ්රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප
තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹද
සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.
දේශීය කුලී රථකරුවන් සහ යෙදුම් පාදක කරගත් කුලී රථකරුවන් අතර පවතින ගැටලුකාරී තත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අර්තාපල් වගාවෙන් ගොවියා ඈත්වෙයිද?