ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම්, ණය සහන මත යැපීම නවතා අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව, රාජ්‍ය ප්‍රතිව්‍යුහගත ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම ආරම්භ කිරීමට සූදානම් වෙයි.
ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් මෙරට රැඳී සිටින තකෆූමි කඩෝනෝ මහතා අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව නව ණය ගැනීම්වලට යොමු වීමට සිදු නොවන බව සහතික කරන ආකාරයේ ව්‍යුහාත්මක ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කළ යුතු බවය.
දකුණු කොරියාවේ සිදුවුණු ආර්ථික පෙරළිය සිහිපත් කරමින්, පාලන තන්ත්‍ර වෙනස්වීම් නොතකා, ස්ථාවර නායකත්වය සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ශ්‍රී ලංකාවට ද අවශ්‍ය බව කඩෝනෝ මහතා අවධාරණය කර ඇත.
‘කොරියානු රජය පර්යේෂණ සහ සංවර්ධන ප්‍රයත්නයන්ට නායකත්වය දුන්නා, රටේ සමාගම් දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දුන්නා සේම, වැඩි ආයෝජනයක් කිරීමට දායක වන්නැයි පුද්ගලික සමාගම්වලට උපදෙස් දුන්නා. දකුණු කොරියාවේ ආර්ථික පෙරළියක් සිදුවුණේ ඒ අනුවයි.’ යැයි කඩෝනෝ මහතා වැඩි දුරටත් පැහැදිලි කළේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමිනි.
“ආණ්ඩුව කළ යුත්තේ මෙයයි. ඔවුන් පුද්ගලික සමාගම් හෝ රාජ්‍ය ව්‍යවසායකයන්ට සහන ලබා දෙන්නේ නම්, මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට උදව් කරන ලෙස ඔවුන්ට උපදෙස් දිය යුතුයි, ණය සහන මත හෝ තවත් ණය ලබා ගැනීම් මත හෝ යැපීම කළ යුතු වන්නේ නැහැ.’ යැයි කඩෝනෝ මහතා වැඩිදුරටත් පැවසීය. යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි ඉලක්කගත කාර්මික ප්‍රතිපත්තිවල ඇති විය හැකි බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා ආර්ථික සමුළුව්දී සාකච්ඡාවට බදුන් විය. ‘රජය මුදල් වියදම් කිරීම පමණක් නොකළ යුතුයි. ඔවුන් ආයෝජනය කළ යුතුයි. ඔවුන් වෙළඳපොළ නියාමනය කිරීම පමණක් නොව, වෙළඳපල නිර්මාණය කළ යුතුයි’ යැයි ද කඩෝනෝ මහතා පැවැසීය.
කොරියානු විදුලි බල සංස්ථාව වැනි ප්‍රධාන ආයතන ඉතා ක්‍රමාණුකූලව, උපායමාර්ගිකව පුද්ගලීකරණය කිරීම ආදිය උදාහරණයට ගනිමින්, දකුණු කොරියාව ඔවුන්ගේ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම පිළිබඳව කඩෝනෝ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
‘ශ්‍රී ලංකාවේ නව රජයට, ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. එය විනිවිදභාවයෙන් යුතුව කිරීම සඳහා, තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම සහ අපනයනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා’ යැයි කඩෝනෝ මහතා අවසන් වශයෙන් පෙන්වා දුන්නේය.
රජය සතු ව්‍යවසායන් වෙත නව ඇරඹුමක් ලබාදීම සඳහා යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට වඩාත් සාර්ථක සහ නව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් වීම ආරම්භ වීමත් සමග ණය ලබාගැනීම සඳහා ලැබෙන ඉල්ලීම් ඉහළ යෑම හේතුවෙන් මෙරට බැංකු, පෞද්ගලික ණය අයැදුම්කරුවන්ට ලබාදී ඇති ණය ප්
මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරන වැට් බද්ද ඔවුන්ට ආපසු ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති තීරණය සම්බන්ධ
ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම්, ණය සහන මත යැපීම නවතා අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුත
කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ සිට ඩිජිටල් වේදිකාවක් හරහා සිදු කෙරුණු කොළඹ තේ වෙන්දේසිය පසුගියදා සිට යළිත් සාම්ප්‍රදායික වෙන්දේසි ක්‍රමයට ලංකා වාණි
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයකට ළඟා වෙමින් එහි පළමු අදියර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සියලුම උපකරණ සපයා තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි