IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


ආනයනික කහ වලින් අර්බුදයට පත් දේශීය ගොවියෝ

දෙවොලපොල කීර්ති ප්‍රනාන්දු 


ඉන්දියානු කහ නීති විරෝධී ලෙස ආනයනය කර රට තුළ අලෙවි කිරීම හේතුවෙන් දේශීය කහ ගොවීන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වී දැඩි අසරණ තත්වයකට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් කහ වගාකරුවන්ගේ සංගමයේ සභාපති නාමල් අධිකාරි මහතා පවසයි.

ඉන්දියාවෙන් කහ ආනයනය රජය මගින් පෙර සිටම තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට කහ ආනයනය කිරීමත් එම කහ රට පුරා තොග සහ සිල්ලර වෙළෙඳසැල්වල අලෙවි කිරීමත් හේතුවෙන් දේශීය කහ අලෙවි කර ගත නොහැකි තත්වයකට කහ ගොවීන් පත්වී සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ඉන්දියානු කහ කොළඹ තොග වෙළෙඳ සල්වලද විශාල ලෙස අලෙවි වුවත් එම නීති විරෝධී කහ අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරිය හෝ වගකිවයුතු කිසිදු ආයතනයක් මේ වනතුරු පියවර ගෙන නැති බව පවසන නාමල් අධිකාරි මහතා මෙම තත්වය තුළ එම කහ අද වන විට ගමේ පුංචිම කඩවලත් අලෙවි කරන තත්වයකට පත් වී ඇතැයිද කියා සිටි.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම කහ නිෂ්පාදනයක් සිදු කරනු ලබන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාරම්පරික කහ ගොවීන් සිය කහ අස්වැන්න අලෙවි කර ගත නොහැකිව පීඩාවට පත්ව ඇති බවද සභාපතිවරයා පවසයි.

වසරකට රටේ පරිභෝජනය සඳහා අවශ්‍ය කහ අස්වැන්න අද වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළින්ම නිෂ්පාදනය කර ඇති බවද නාමල් මහතා කියා සිටී.
පවතින මෙම තත්වය මත ගොවීන්ගේ කහ අස්වැන්න අලෙවි කර ගැනීමට සහ එම වගා සඳහා කරන ලද වියදම් උපයා ගත නොහැකිව දැඩි ලෙස පීඩාවට පත් වී සිටින බව පවසන කහ වගාකරුවන් ඉන්දියානු කහ මෙරටට රැගෙන ඒම නවතා දමා දේශීය කහ සඳහා රට තුළ හොඳ වෙළෙඳපොළක් සකසා දී අස්වැන්න අලෙවි කර ගැනීමට පහසුකම් සලසා නොදුනහොත් තමන් කහ වගා කිරීමෙන් ඉවත් වන බව මෙම පාරම්පරික කහ වගාකරුවෝ කියා සිටිති.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් කහ වගාකරුවන්ගේ සංගමයේ සභාපති නාමල් අධිකාරී:-
දේශීය කහ ගොවියාට මේ විනාශය වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් කහ හොරෙන් ලංකාවට ගේන නිසයි. නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් කහ ගෙනල්ලා ලංකාවේ විකුණන වෙළෙඳුන් කියනවා ලංකාවේ කහ හොඳ නෑ හොඳම කහ ඉන්දියාවෙ කහ කියලා. එහෙත් ඒක බොරුවක්. මුළු ලෝකයම දන්නවා ලෝකයේ හොඳම කහ තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. එහෙත් පුදුම තත්වය කියන්නේ අපේ රටේ කහ හොඳයි කියලා අපේ රටේ කිසිම කෙනෙක් කියන්නේ නැහැ. අද වෙනකොට සමූපකාරයට ගියත් සතොසට ගියත් වෙනත් වෙළෙඳ සැලකට ගියත් තියෙන්නේ ඉන්දියන් කහ. 
ලංකාවට ඉන්දියාවෙන් කහ ගේන්න තහනම් කරලයි තියෙන්නේ. එම තහනම තවමත් රජයෙන් ඉවත් කරලා නැහැ. එවැනි පසුබිමක් තුළ මේ තරම් ඉන්දියාවෙන් කහ ගේන්නේ කොහොමද කියල වගකිවයුතු නිලධාරීන් හොයන්නේ නැත්තේ ඇයි?. ඉන්දියන් කහ අද වෙනකොට ශ්‍රී ලංකාවේ කහ නිෂ්පාදනයට මරු පහරක් එල්ල කරලා තියෙනවා . අද වෙනකොට මහා පරිමාණයෙන් පාරම්පරිකව කහ වගා කටයුතු කරපු කහ ගොවීන් එම වගා කටයුතු වලින් ඉවත් වෙලා වෙනත් වගාවලට යොමු වෙලා තියෙනවා.
අද කොළඹ පිටකොටුව තොග වෙළෙඳසැල්වලට ගියොත් එම වෙළෙඳසැල්වලත් අලෙවි කරන්න තියෙන්නේ ඉන්දියානු කහ. නීති විරෝධී ලෙස ලංකාවට කහ ගේන හැටි පාරිභෝගික සේවා අධිකාරියෙ බලධාරීන් හොයා බලන්නේ නැත්තේ ඇයි?.
අපි රජයෙන් ඉල්ලා සිටිනවා වහාම මෙම ඉන්දියානු කහ ජාවාරම නවත්වා අපේ රටේ කහ වගා කරන ගොවියා ශක්තිමත් කරන්න කියලා. අපේ රටට පරිභෝජනයට අවශ්‍ය කහ ඉන්දියාවෙන් ආනයනය කරන්න කිසිම වුවමනාවක් නැහැ. අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය කහ කිසිම ගැටලු‍වක් නැතුව සෑම වසරක් පුරාම නිෂ්පාදනය කරනවා.


පාරම්පරික මහා පරිමාණ කහ වගාකරුවකු වන සරත් චන්ද්‍රසිරි මහතා :-
එදා ඉඳන් අපෙන් කහ මිලදී ගත්තු වෙළෙඳුන් මේ වනවිට අපේ කහ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වෙළෙඳුන් කියනව අපේ කහවලට වැඩිය හොඳ ඉන්දියන් කහ ඕන තරම් කොළඹ වෙළෙඳපොළේ මිලදී ගන්න තියෙනවා කියලා. අපේ රටේ කහ ලෝකයේ හොඳම කහ වුණාට අද වනවිට කවුරුවත් ඉල්ලන්නේ නැහැ. ලංකාවට ඉන්දියාවෙන් හොරෙන් රැගෙන එන කහ නිසා අපේ කහ කිසිම විදියකින් මිලදී ගන්න වෙළෙඳුන් කැමැති නැහැ. ඉස්සර විවිධ සමාගම් ඇවිත් අපෙන් කහ මිලදී ගත්තා. දැන් ඒ සමාගම් ගන්නෙත් නැහැ.
මේ වනවිට අපි විශාල අස්වැන්නක් ලබාගෙන තියෙනවා. මේ වසරේ අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය කහ අස්වැන්න මේ වනවිට ලබාගෙන ඉවරයි. වෙනත් වසර වලට වඩා මේ වසරේ කහ අස්වැන්නේ විශාල වැඩිවීමකුත් තියෙනවා. එහෙත් නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් රැගෙන එන කහ නිසා අපේ කහ ටික විකුණ ගන්න එක විශාල ගැටලු‍වක් වෙලා. මේ වනවිට අමු කහ කිලෝ එකක් රුපියල් 180 ටත් අඩුවෙන් තමයි අලෙවි කරන්නේ. වියළි කහ කෑලි කිලෝවක් රුපියල් 2000ක් දක්වා පහත බැහැලා. එහෙත් එම මිලටවත් විකුණ ගන්න බැරිවෙලයි කහ ගොවීන් ඉන්නේ. මේ තත්වය අපේ රටේ කහ ගොවියා විනාශ කර දමන වැඩපිළිවෙළක් කියලයි මම හිතන්නේ. මේ තරම් විශාල ලෙස ඉන්දියන් කහ රට තුළට නීති විරෝධී ලෙස රැගෙන එන එක ගැන බලධාරීන් සොයා බලන්නේ නැති එක හරිම පුදුමයක්. ඒ නිසා රට තුළට නීති විරෝධී ලෙස ඉන්දියානු කහ රැගෙන ඒම සහ එම කහ රට තුළ ප්‍රසිද්ධියේම අලෙවි කිරීම පිළිබඳව රජයේ වගකිවයුතු අංශ ඉක්මනින්ම අවධානය යොමු කළ යුතු බව කියන්න කැමැතියි. මෙම ඉන්දියානු කහ නිසා අපේ කහ අලෙවිකර ගන්න බැරුව අපි වගාව සඳහා වියදම් කළ රුපියල් ලක්ෂ ගණනක් පාඩු විඳීමට අපට සිදුවී තිබෙනවා. ඒ නිසා දිගින් දිගටම ඉන්දියානු කහ රට තුළ අලෙවි කරමින් අපගේ දේශීය කහ වගාවට පහර එල්ල කරමින් සිදු කරන මෙම ජාවාරම පිළිබඳව වහාම ක්‍රියාත්මක වී කටයුතු කරන්න කියා රජයෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ අපිම වගා කරන කහවලට රට තුළ මෙන්ම ලෝක වෙළෙඳපොළ තුළත් අලවියට පහසුකම් හදලා දෙන්න කියලා අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකර දිගින් දිගටම කහ ගොවියන් වන අපට මේ ආකාරයෙන් පාඩු විඳීමට සිදුවුවහොත් අකැමැත්තෙන් වුවද කහ වගාවෙන් ඉවත් වී වෙනත් වගාවන් සඳහා යොමුවීමට සිදුවනු ඇති බව කියා සිටිනවා.



අදහස් (0)

ආනයනික කහ වලින් අර්බුදයට පත් දේශීය ගොවියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටට අවශ්‍ය නොවන දේට මහජන මුදල් නාස්ති නොවිය යුතුයි
2025 මාර්තු මස 28 25 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනෙන් නිර්දේශ කර ඇති සීමා කිරීම් සමග නාස්තිය අවම කර ගනිමින් අරමුදල් වෙන් කළ යුත්තේ කෙසේද යන්න ප


ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළකට ලංකාව, බංග්ලාදේශ, පකිස්තානය ගිවිසුමක
2025 මාර්තු මස 28 9 0

දකුණු ආසියාව තුළ ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ගොඩ නැගීමට සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සඳහා වන මුල පිරීමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, පකිස්ත


ඇඟලු‍ම් අපනයනයේ සියයට 2.3 ක වර්ධනයක්
2025 මාර්තු මස 28 13 0

2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන සියයට 2.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නවතම දත


විදෙස් බැංකුවකට රක්ෂණ සමාගමකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් රු.මිලියන 3ක දඩ
2025 මාර්තු මස 28 6 0

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමාගමකට එරෙහිව රුපියල් මිලියන 3ක දඩ පැනවූ


ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් වෙතින් රු.බි. 1.25ක ණයකර නිකුතුවක්
2025 මාර්තු මස 28 6 0

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරු, සු


සමාගම් පනත සංශෝධනය කෙරේ
2025 මාර්තු මස 28 8 0

සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (26) කො


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 500 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 697 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1390 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site