ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්ය රැසක් පසුගිය10 වැනි දින සිට ඩිජිටල්කරණයට ලක්කෙරුණි. ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවෙළේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
නව වැඩපිළිවෙළ යටතේ මෙතෙක් සාමාන්‍ය ආකරයට කරන ලද ආනයන අපනයන ලියකියවිලි ඉදිරිපත් කිරීම හා ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය වීම, සත්‍යෙක්ෂණ ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය,QR කේතය ඇතුළත් ඩිජිටල්කරණය කරන ලද ගේට් පාස් සහිත අපනයන සත්‍යාපන කළමනාකරණ පද්ධතියක් දියත් කිරීම නව වැඩ සටහනට අනුව සිදු කරයි.
මේ තුළින් විද්‍යුත් ගෙවීම් පහසුකම් පැය 24 පුරා සම්පූර්ණ සේවාව, විනිවිදභාවය, මානව සම්පත් අඩු කිරීම සහ පිරිවැය ඉතිරි කිරීම සිදු වනු ඇත. නව වැඩපිළිවෙළ හදුන්වාදීමත් සමග ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ සානු බලයක් හිමි වේ.
මෙම ආයතනයේ සේවා අපේක්ෂාවෙන් ආනයන අපනයන කටයුතු සිදු කරන සමාගම්වල නියෝජිතයන් විශාල පිරිසක් දිනපතා පැමිණෙන අතර, මෙතෙක් ඒ සදහා පැවතියේ පෝරම පුරවන, බලපත්‍ර නිකුත් කරන යල් පැනගිය ක්‍රමවේදයකි. නව ක්‍රමය යටතේ මෙම සියලු ක්‍රමවේද නව්‍යකරණය වෙමින් ඩිජිටල් හදුනා ගැනීමක් සමග ඩිජිටල් පද්ධතියෙන් අදාළ අනුමැතිය ලබාදිම ඇතුළු සියලු කාර්ය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩ සටහනේ ආරම්භක පියවර ලෙස ඩිජිටල් ගේට්ටු අවසරපත් නිකුත් කිරීම ආරම්භ විය.
ආරම්භක අවස්ථාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පසුගිය ජනවාරි 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මෝටර් රථ නිෂ්පාදන බද්ද පිළිබඳ සටහනක් පමණක් බ
කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදු කරන දැවැන්තම ව්‍යාපෘතිය වන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය 10 වැනිදා ආරම්භ විය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්ය රැසක් පසුගිය10 වැනි දින සිට ඩිජිටල්කරණ
නව රජයක් තේරී පත්වීමත් සමග රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ සුබවාදී අදහස් මෙන්ම ධනාත්මක බලාපොරොත්තු ඇතිව තිබෙන බව මෙරට ප්‍රමුඛතම ව්‍යාපාර
අලුතින් සංචාරක කලාප 13 ක් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම මගින් ඉදිකරන The Colombo Border ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමිව ඇතැ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ආයෝජන මණ්ඩලයේ වැඩ ඩිජිටල්කරණය වෙයි