IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වයට ලංකාවේ වැඩ සැලැස්මක්

නිමල කොඩිතුවක්කු

ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)ට ලංකාවේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ( ASEAN) අග්නිදිග ආසියාවේ රටවල් 10ක එකතුවෙන් සැදුම්ලත් දේශපාලන හා ආර්ථික සංගමයකි.

එයට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථීකයන් කිහිපයක් ඇතුළත් වන අතර එම රටවල් දළ වශයෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.5කට පමණ දායක වේ.

ශ්‍රී ලංකාව මේ වන විට සියලු‍ම ආසියාන් සාමාජික රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන නමුත් හවුල්කාරී ආර්ථික ප්‍රගතිය සදහා ආසියාන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය වන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

අග්නි දිග ආසියාවට අයත් නොවන රාජ්‍යයන්ට ආසියාන් සාමාජිකත්වය ලබා ගැනීමට නොහැකි වුවද ආසියාන්හි අරමුණු සඳහා දායක වීමට ඇති හැකියාව මත පදනම්ව බාහිර රාජ්‍යයකට ‘‘ආංශික සංවාද හවුල්කරුවකු” ගේ තත්වය පිරිනැමීමට ආසියාන් සංගමයට හැකියාව පවතී.

ශ්‍රී ලංකාව 2019 වර්ෂයේදී ආංශික සංවාද හවුල්කාරීත්වය සඳහා අභිප්‍රාය ලිපියක් හා ආසියාන්හි අරමුණ ඉටු කර ගැනීම සඳහා යෝජනාවක් ආසියාන් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන නොමැත.

එබැවින්, බාහිර පාර්ශවයකට ආසියාන්හි ආංශික සංවාද හවුල්කරුවකුගේ තත්වය ලබා ගැනීම සඳහා ආසියාන් දක්වා ඇති ක්‍රියාවලිය අනුගමනය කරමින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද අභිප්‍රාය ලිපියට අදාළව පැහැදිලි කාල රාමු සහිත නව වැඩ ක්‍රියාකාරකම් සැලැස්මක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වයට ලංකාවේ වැඩ සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අවදානමක?
2025 අප්‍රේල් මස 09 101 0

ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කොන්දේසිවලට සියයට සියයක ප්‍රතිශතයකින් අනුකූල වනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු නොවන බවත්, ක


2024 දී සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රු.බි. 4,375 ක්
2025 අප්‍රේල් මස 09 32 0

2024 වසර අවසන් වන විට සේවක අර්ථ සාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,375.7ක් වූ බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2023 වසර අවසානයේදී වාර්තා කළ රුපියල් බිලියන 3,88


පෙට්‍රල් සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Vitol Asia සමාගමට
2025 අප්‍රේල් මස 09 23 0

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6.51 ක්
2025 අප්‍රේල් මස 09 40 0

පසුගිය මාර්තු මාසයේදී මෙරට නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.


මහ බැංකුව මාර්තුවේදී ඩො.මි.401.9 ක් වෙළෙඳපොළෙන් මිලට අරන්
2025 අප්‍රේල් මස 09 16 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු මාසයේදී මිලියන 401.9 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති බව එම බැංකුව නිකුත් කළ


සියපත ෆිනෑන්ස් වෙතින් රු. බි. 5ක ණයකර නිකුතුවක්
2025 අප්‍රේල් මස 09 12 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානම


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 97 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 818 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 629 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site