IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ඇඟලු‍ම් අපනයනයේ සියයට 2.3 ක වර්ධනයක්

 

  • ඇමෙරිකාවට කළ ඇඟලු‍ම් අපනයන සියයට 7.43 කින් පහත වැටිලා
  • එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට කළ අපනයන සියයට 7.54 කින් ඉහළ ගිහින්

විමුක්ති එස් රුද්‍රිගු


2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන සියයට 2.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

සමස්තයක් ලෙස 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇඟලු‍ම් අපනයනවල වර්ධනයක් පෙන්නුම් කළත් එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව වැනි ප්‍රධාන වෙළෙඳපොළේ අපනයන පහළ ගොස් ඇත. මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකාවට කළ ඇඟලු‍ම් අපනයන සියයට 7.43 කින් පහත වැටී ඇති අතර ඉන් මෙරටට ලැබුණු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 153.11 කි

එසේම එක්සත් රාජධානියට කළ අපනයන සියයට 14.58 කින් පහත වැටී ඇති අතර ඉන් ලැබූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 54.85 කි.

එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට කළ අපනයන සියයට 7.54 කින් ඉහළ ගොස් ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 120.69 අපනයන ආදායමක් උපයා ඇත. කෙසේ නමුත් 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී අනෙකුත් රටවලට සිදු කෙරෙන ඇඟලු‍ම් අපනයන සියයට 39.85 කින් ඉහළ ගොස් ඇති අතර ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 79.28 කි.

2024 වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස දෙක තුළදී ඇඟලු‍ම් අපනයන සියයට 12 කින් වර්ධනය වී ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 845 ක ආදායමක් උපයා ඇත. මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයේදී පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව ඇමෙරිකා වෙළෙඳපොළේ ඇඟලු‍ම් අපනයනයන සියයට 8.12 කින් වර්ධනය වී තිබේ.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 322.86 ආදායමක් උපයා ඇත. එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයේ අනෙකුත් රටවලට සිදු කෙරෙන ඇඟලු‍ම් අපනයන ජනවාරි සහ පෙබරවාරි මාසයේදී සියයට 17 කින් වර්ධනය වී ඇති අතර ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 250.18 කි.

ගෙවුණු මාස දෙකක කාලය තුළ වැඩිම ප්‍රතිශතයකින් ඇඟලු‍ම් අපනයන වර්ධනය වී ඇත්තේ අනෙකුත් රටවල්වලට වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 23.16කි. ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 155.54 කි. 



අදහස් (1)

ඇඟලු‍ම් අපනයනයේ සියයට 2.3 ක වර්ධනයක්

ගුණරත්න Sunday, 30 March 2025 08:11 AM

බංග්ලාදේශයේ අර්බුදය නිසා ලංකාවට ඕඩර් ලැබෙන එක වැඩි වුනා, එක තමයි ඔය වර්ධනයට හේතුව, නැතිව ආණ්ඩුවේ විස්කමක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටට අවශ්‍ය නොවන දේට මහජන මුදල් නාස්ති නොවිය යුතුයි
2025 මාර්තු මස 28 88 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනෙන් නිර්දේශ කර ඇති සීමා කිරීම් සමග නාස්තිය අවම කර ගනිමින් අරමුදල් වෙන් කළ යුත්තේ කෙසේද යන්න ප


ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළකට ලංකාව, බංග්ලාදේශ, පකිස්තානය ගිවිසුමක
2025 මාර්තු මස 28 38 0

දකුණු ආසියාව තුළ ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ගොඩ නැගීමට සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සඳහා වන මුල පිරීමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, පකිස්ත


ඇඟලු‍ම් අපනයනයේ සියයට 2.3 ක වර්ධනයක්
2025 මාර්තු මස 28 50 1

2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන සියයට 2.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ නවතම දත


විදෙස් බැංකුවකට රක්ෂණ සමාගමකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් රු.මිලියන 3ක දඩ
2025 මාර්තු මස 28 45 0

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමාගමකට එරෙහිව රුපියල් මිලියන 3ක දඩ පැනවූ


ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් වෙතින් රු.බි. 1.25ක ණයකර නිකුතුවක්
2025 මාර්තු මස 28 16 0

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරු, සු


සමාගම් පනත සංශෝධනය කෙරේ
2025 මාර්තු මස 28 19 0

සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (26) කො


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 629 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 736 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1477 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site