විමුක්ති එස් රුද්‍රිගු
ගියවර අයවැයේ රජයේ අදායම් ඉලක්ක සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සපුරාගෙන තිබෙන බවත් මෙම වසරේද රජයේ අදායම් ඉලක්ක සපුරා ගැනීමට ජාතික ජන බලවේග රජය බලාපොරොත්තු වන බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ(19) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ දැනුවත් කිරීමේ වැඩසටහනකදී ප්‍රකාශ කළේය. ආර්ථික ස්ථාවර කිරීම සඳහා රටක හරිත මූල්‍යකරණය දියුණු කිරීම ඉතා වැදගත් බවත් එයට කොටස් කීපයක් අවශ්‍ය බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. ස්ථාවරත්වය ඉන් එක කොටසක් බවද මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවැසුවේය.
තිරසාර මූල්‍යකරණයකට ව්‍යාපාරික හරිත පද්ධතිය දියණු කිරීමට ඉතා වැදගත් යන තේමාව යටතේ පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටනට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂක ටකෆුමි කඩානෝ ටකෆුමි කඩානෝ මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.
ස්ථාවරත්වය පිළිබඳ කතා කරනවිට එයට දේශය සඳහා වන තිරසාර මූල්‍යකරණ විසඳුම් අයත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. එම විසඳුම් සාර්ථක අයුරින් වර්ධන කර ගැනීමට ස්ථාවර හරිත මූල්‍ය පද්ධතියක් අවශ්‍ය වන බවත් ස්ථාවරත්වය යන්නෙන් දේශපාලන ස්ථාවරත්වය, සමාජීය ස්ථාවරත්වය, ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව, ව්‍යාපාරවලට අනාගතය දෙස බලමින් පුරෝකථනය කළ හැකිවීම සහ සැලසුම් කිරීම අදහස් කරන බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. නව රජය රට අරාජික කරනු ඇතැයි ඇතැම් පාර්ශ්ව බලාපොරොත්තුව වූ බවත් නමුත් රජය රට අරාජික කරනවා වෙනුවට ස්ථාවර කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාව පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තත් ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේ පැවැති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට ළඟා වීමට අවම වශයෙන් ත
ශ්රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට තුළ සිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය (wealth and retail banking) වෙනත් පාර්ශ්ව
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිම
විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයති
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Softlogic Life සමාගම, Allianz සමූහයට අයත් මෙරට ක්‍රියාත්මක Allianz Life Insurance Lanka Ltd සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් අත්පත්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ අදායම් ඉලක්ක සියයට 99ක් සපුරාගෙන
ගුණරත්න Thursday, 20 March 2025 10:01 PM
ගියවර අයවැය කියන්නේ පසුගිය රජයේ අයවැය. එහි ආදායම් ඉලක්ක 99% සපිරුවා කියන්නේ විපක්ෂයේ ඉඳලා ආණ්ඩුව බාරගත්තු අලුත් මුදල් ඇමැති...