තිරසාර හා ලාබදායී ඉදිකිරීම් කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම වැදගත්
ඉදිකිරීම් අංශය පීඩාවට පත්වූ හැටිත් හෙළිකරයි
කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවා අවසන්
පසුගිය මාස කීපයේ ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රගතියක්
මෙරට ඉදිකිරීම් පිරිවැය ඉහළ මට්ටමක
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට තුළ තිරසාර හා ලාබදායී ඉදිකිරීම් කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඉදිකිරීම් කර්මාන්තය හමුවේ ඇති අභියෝග සහ අවස්ථාද එහිදී ඔහු පෙන්වා දුන්නේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 14 වැනිදා ආරම්භ වූ “කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2025” වෙළෙඳ ප්‍රදර්ශනයට පැමිණ සිටි පිරිස අමතමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ලාබදායී බලශක්ති විසඳුම් සහ පරිසර හිතකාමී ගොඩනැගිලි පිළිවෙත් එක්කරමින් තිරසාර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රවණතා සමඟ ශ්‍රී ලංකාව පෙළගැස්වීමේ අවශ්‍යතාව ආචාර්ය වීරසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
නව ව්‍යාපෘති සඳහා පමණක් නොව පවතින ගොඩනැගිලි සඳහාද ඉදිකිරීම් තුළ තිරසාරභාවය තිබීම ඉතාම වැදගත් බව ආචාර්යවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයෝජන පහත වැටීම, ඉහළ අමුද්‍රව්‍ය පිරිවැය සහ ඉදිකිරීම් කර්මාන්තය රජයේ ව්‍යාපෘති මත යැපීම ඇතුළු බහුවිධ ආර්ථික පීඩන හේතුවෙන් ඉදිකිරීම් අංශය වඩාත්ම පීඩාවට පත්වූ කර්මාන්තවලින් එකක් බවට පසුගිය කාලයේදී පත්වුණු බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
රජය මූල්‍ය සීමාවලට ලක්වීම හේතුවෙන් යටිතල පහසුකම් වියදම් සීමා කිරීමට සිදුවූ බවත්, කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් ප්‍රමාද කිරීමට සිදුවූ බවත් පිළිගත් මහ බැංකු අධිපතිවරයා මේ වනවිට එම හිඟ මුදල් ගෙවා තිබෙන බව පැවැසුවේය. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රාජ්‍ය ආයෝජන සඳහා මුදල් වියදම් කිරීමට රජයට පසුගිය කාලයේදී ඉඩක් නොතිබූ බවත් ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල වූ බවත් ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම රජය ඉදිකිරීම් කේෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන් ගෙවීමට තිබූ හිඟ මුදල් දීර්ඝ කාලයක් ගෙවීමට නොහැකි වීම හේතුවෙන්ද කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූ බව ඔහු පැවැසුවේය.
එපමණක් නොව විදේශ විනිමය හිඟය රුපියල අවප්‍රමාණය වීම, ඉහළ පොලී අනුපාත සහ වියදම් ඇතුළු සාධක කීපයක් හේතු වූ බවද ආචාර්යවරයා පැවැසුවේය. මේ සියලු සාධක ඉදිකිරීම් කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ල කළ බව සැවොම දන්නා කරුණක් බව මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් බොහොමයක් රජය මේ වනවිට ගෙවා අවසන් බවත් තමන් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. තවදුරටත් ඉදිකිරීම් කර්මාන්තය තුළ ගෙවීමට ඇති හිඟ මුදල් නොමැති බවත් ඉදිකිරීම් කර්මාන්තය පසුගිය මාස කීපයේදී ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආයෝජන සඳහා රජය වෙන්කරන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඉදිකිරීම් කර්මාන්තය දරණ මතය බව තමන් දන්නා බවත් මෙවර අයවැයෙන් රුපියල් ට්‍රිලියන 1.3 ක් රාජ්‍ය ආයෝජන සඳහා රජය වෙන්කර තිබෙන බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. මෙම මුදලින් විශාල කොටසක් ඉදිකිරීම් කර්මාන්තයට වෙන්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙවර අයවැයෙන් වෙන්කර ඇති විශාල මුදල දෙස බලනවිට අත්හිටුවා ඇති ව්‍යපෘති කීපයක් නැවත ආරම්භ කිරීම සඳහාද අවශ්‍ය මුදල් එයට ඇතුළත් වන බවට බලාපොරොත්තු විය හැකි යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිද නැවත ආරම්භ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේවා ධනාත්මක ලකුණු බවද ආචාර්යවරයා පැවැසුවේය. කිසිම විටකත් ඉදිකිරීම් කර්මාන්තය රාජ්‍ය ආයෝජන මත යැපීම සිදු නොවිය යුතු බව තමන් සැමවිටම ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ඕනෑම රටක ඉදිකිරීම් යනු රජයේ ව්‍යාපාරයක් පමණක් නොවන බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
ඉදිකිරීම් කර්මාන්තය පෞද්ගලික අංශයට, අඩු ආදායම්ලාභීන්ට, මධ්‍යම ආදායම්ලාභීන්ට සහ සැමට ආර්ථිකය පුරාවටම වඩා පුළුල් දායකත්වයක් ලබා දෙනු ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිකිරීම් කර්මාන්තය වඩාත් විවිධාංගීකරණය විය යුතු බවත්, රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක මතම ඉදිකිරීම් කර්මාන්තය යැපිය යුතු බවත් ඔහු පැවැසුවේය.
පසුගිය දශක කීපය තුළදී ඉදිකිරීම් කර්මාන්තයේ විශාල කොටසක් වර්ධනය වී ඇත්තේ රාජ්‍ය ආයෝජන මත බවත් එය එක් කොටසක් මත රඳා පැවැතීම සිදු නොවිය යුතු බව පසුගිය වසර කීපයේදී අප උගත් පාඩමක් බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. තරඟකාරී වෙළෙඳපොළ සමග සංසන්දනය කරන විට මෙරට ඉදිකිරීම් පිරිවැය ඉහළ මට්ටමක පවතින බවත් දියුණු රටවල ඉදිකිරීම් පිරිවැය සමඟ ශ්‍රී ලංකාව තරඟ නොකරන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. කලාපයේ ශ්‍රී ලංකාව වැනි රටවල් සමග සංසන්දනය කිරීමේදීද මෙරට ඉදිකරීම් පිරිවැය ඉහළ මට්ටමක පවතින බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉදිකිරීම් කර්මාන්තය රාජ්‍යආයෝජනය මත යැපෙන්න ඕන නැහැ