( තිළිණි ද සිල්වා )
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට යෝජිත සංචාරක ගුවන් බුබුළ අත් හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
කෙසේ වෙතත් ඉන්දියාවේ මේ දිනවල පවතින කොවිඩ් තත්ත්වය සලකමින් ලබන 26 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ කුෂිනගර් - කටුනායක ගුවන් ගමන තාවකාලිකව කල් දැමිමට තීරණය කළ බව ද සංචාරක ඇමතිවරයා කියා සිටියේය
ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස නවීකරණය කරන ලද ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයට අයත් කුෂී නගර් තොටුපළට පළමු ජාත්‍යන්තර ගුවන් යානයක් ගොඩබැස්සවීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවට කරන ආරාධනයකට අනුව මෙම ගුවන් ගමන සංවිධානය කළ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී..
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ආගමික සබදතා වැඩි දියුණු කර මෙරට බැතිමතුන්ට බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමට හැකිවන පරිසරයක් නැවත නිර්මාණය කිරීම එම ගුවන් ගමනේ අරමුණ බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවේ දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහාය.
දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් ,සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම එහි අපේක්ෂා කරන බව ඇමතිවරයා වැඩිදුරටත් කීය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක බුබුළ අත් හිටුවා නෑ
chandima Wednesday, 21 April 2021 01:52 PM
සංචාරෙට ඇවිත් ආයෙත් වතාවක් මාලුකඩේ පැත්තේ යයිද?
wicky Wednesday, 21 April 2021 01:58 PM
හොඳයි ., හොඳයි, ඉන්දියාවේ තියෙන්නේ බුබුළු නෙවෙයි, කොරෝනා ගෙඩි...