Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන International Logistics & Movers (Pvt) Ltd (ILM) වෙත Tata SIGNA Prime Movers, රථ 22 ක් ලබාදීම පසුගියදා සිදු කරන ලදී.
මෙරට වෙළෙඳපොළ, වාහන ආනයනය සඳහා විවෘත කිරීමෙන් පසුව සිදු කරන ලද මෙම වෙළෙඳ වාහන සැපයුම ශ්‍රී ලංකාවේ වෙළෙඳ වාහන ක්ෂේත්‍රය තුළ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරයි. Prime Movers කාණ්ඩයේ මෙරට අංක 01 තේරීම බවට පත්වෙමින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී පමණක් Tata Prime Movers රථ 100කට අධික ගණනක් අලෙවි කිරීමට DIMO සමත් වී තිබේ.
එමෙන්ම ගබඩා, ප්‍රවාහන, රේගු තැරැව්කාර කටයුතු ඇතුළු මෙහෙයුම් කටයුතු සහ ව්‍යාපෘති භාණ්ඩ ප්‍රවාහන විසඳුම් සැපයීම ආදිය සම්බන්ධයෙන් ප්‍රධාන සැපයුම්කරුවකු ලෙස කටයුතු කරන ILM ආයතනය මුල් අදියරේදී ලබා දුන් Tata SIGNA Prime Movers රථ 22, Prime Movers රථ ඒකක 50 දක්වා කඩිනමින් පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත.
මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ILM හි උපායමාර්ගික පියවරක් ලෙස සිය ප්‍රවාහන මෙහෙයුම් සඳහා යොදාගන්නා රථවාහන ප්‍රමාණය පුළුල් කිරීමෙන් කොළඹ සහ හම්බන්තොට වරායවල අන්තර් පර්යන්ත ප්‍රවාහන මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීම මෙහි මූලික අරමුණයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් International Logistics & Movers (Pvt) Ltd හි සභාපති සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී හැඩ්ලි රොද්‍රිගෝ මහතා මෙසේ පැවසුවේය. “Tata SIGNA Prime Movers නිර්මාණය කර ඇත්තේ ප්‍රවාහන මෙහෙයුම් සඳහා වැදගත් වන වැඩි බරක් දරා ගැනීමේ හැකියාව, වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ උසස් රියැදුරු සුව පහසුව සමගින් වීම විශේෂත්වයක්. ILM මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා Tata වාහන තෝරා ගැනීම කෙරෙහි තීරණාත්මක සාධක ලෙස DIMO හි අසමසම අලෙවියෙන් පසු සේවාව හේතු වුණා.”
DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙහි වැදගත්කම පිළිබඳ අවධාරණය කළේ මෙසේය. “DIMO සහ Tata සතු නිෂ්පාදන ගුණාත්මකභාවය කෙරෙහි පවතින විශ්වසනීයත්වය මෙම මිලදී ගැනීමෙන් පසක් කර තිබෙනවා. DIMO, මුළු රටම ආවරණය වන පරිදි පැය විසිහතර පුරාම ලබාදෙන මාර්ගස්ථ උපකාරක සේවය සහ අසමසම අලෙවියෙන් පසු සේවාව සමග ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා මාවත් විවර කරමින්, ඉතා ඵලදායී වෙළෙඳ වාහන සැපයීමක් සඳහා දක්වන කැපවීම මෙයින් මැනවින් ප්‍රදර්ශනය කරනවා. නවීන වෙළෙඳ වාහන සදහා දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා උසස් ඉංජිනේරු තාක්ෂණය සමග අති නවීන විශේෂාංග එක් කරමින් නිර්මාණය කළ මෙම Tata SIGNA prime movers මගින් දිගුකාලීන වටිනාකමක් සහ උසස් ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන් වෙත පිරිනමනවා.”
ILM විසින් Tata LPS 5530 SIGNA Prime Movers සහ Tata LPS 4018 SIGNA මාදිලි ද්විත්වය සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය සඳහා භාවිත කිරීමට තෝරාගෙන ඇති අතර එමගින් පෙර වාහන මාදිලිවලට වඩා වැඩි බර ධාරිතාවක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබී තිබේ. උපරිම ආයු කාලය සහ ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුත් Tata SIGNA Prime Movers වැඩිදියුණු කළ එන්ජිමක් සහ 9-speed GRT ගියර් පද්ධතියකින් සමන්විත වේ.
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි
ශ්රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ටර්නැෂනල් ලොජිස්ට්ක්ස් සමාගමට DIMO වෙතින් Tata SIGNA Prime Movers