IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘ඊසි ඩිපොසිට්’ කෝටියක් වටින අදහසක්

 

මොබිටෙල් සංකල්පයකට අනුව සිරස ටීවී එක්ව කළ ‘කෝටියක් වටින අදහසක්’’ රියැලිටි ටීවී වැඩසටහන් අතර පෙරළිකාර වෙනසක් සිදු කළේය. කෝටියක් වටින අදහසක් යනු නවෝත්පාදන දිරි ගැන්වීමේ අරමුණ පෙරදැරි කරගත් වැඩසටහනක් වේ.


මෙහි අවසන් මහා තරගය පසුගිය 21 වැනි සෙනසුරාදා ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ශවත් අයුරෙන් පැවැත්විණි. මොරටුව විශ්ව විද්‍යාල උපකුලපති තුමන් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උළෙලට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිංහ මහතා සහ ශ්‍රි  ලංකා ටෙලිකොම් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා සහ මොබිටෙල් ප‍්‍රධාන මෙහෙයුමි නිළධාරි නලින් පෙරේරා මහතා ඇතුළු ව්‍යාපාරික ආයතනික සහ මාධ්‍ය ප්‍රධානීන් රැසක් සහභාගී වූ මෙම උ‍ත්කර්ශවත් අවස්ථාව සංස්කෘතික අපූර්වත්වය සහ නවීන සුපිරිත්වය මනාව උකහා ගත් සංකලනයක් ලෙසින් වේදිකා ගත විණි.


මෙම අවස්ථාවේදී සභාව ඇමතූ මහාචාර්ය ආනන්ද ජයවර්ධනයන් පවසා සිටියේ මෙම වැඩසටහන දිවයිනේ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට යාමට නියත දිරියක් වනු ඇති බවයි.


මූලික වශයෙන් තරගකරුවන් දහසකට ආසන්න පිරිසක් ඉදිරිපත් වූ කෝටියක් වටින අදහසක් වැඩසටහන දේශයේ අවධානය රටට වැඩදායී පිරිසක් වෙතට යොමු කරන්නට සමත් විය. වෙනස් අදහස් වලින් සන්නද්ධ 125 ක පිරිසක් මූලික පරීක්ෂාවකින් පසු වැඩමුළුවක් සදහා යොමු කෙරුණි.


තරගයේ ඊළග අදියරට යොමු වූයේ මෙම වැඩමුළුව තුළින් දැනුවත් භාවයට පත් වූ තරගකරුවන් වීම මෙහි විශේෂත්වයකි. පියවරෙන් පියවර තරගකරුවන්ට අවශ්‍ය දැනුම ප්‍රායෝගිකව සපයමින් ඔවුන්ගේ අදහස් නිර්මාණකරණය තෙක් ගෙන යාම මෙම තරගයෙහි මූලික අපේක්ෂාවක් විණි. මූලිකව තෝරාගත් තරගකරුවන් 125 දෙනා අතරින් අවසන් තරගකරුවන් 24 දෙනෙක් තරගාවලියේ අභියෝගාත්මක බවට මුහුණ දීම සදහා තෝරා ගත් අතර ඉන් 12 ක්දල පසුව එය 8 ක්ද සහ අවසන් වශයෙන් තරගකරුවන් 4 ක්ද දක්වා ක්‍රම ක්‍රමයෙන් අඩු වන සේ තෝරාගැනීම් සිදු විණි.


මෙම තේරීම් ක්‍රියාවලිය පුරාවට තරගකරුවන් හා රැදෙමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ දිරිගැන්වීම් සැපයූ විනිශ්චය මණ්ඩල සාමාජිකයින් වන ඉන්ටෙල් ශ්‍රී  ලංකා ව්‍යාපාර කළමනාකාර ඉන්දික ද සොයිසා මහතා, කප්රුක නිර්මාතෘ දුලිත් හේරත් මහතා, ව්‍යාපාර උපදේශක ෆයාස් හුදා මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් සහ විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ ප්‍රධානී මහාචාර්ය රොහාන් මුණසිංහ, ක්‍රවුඩ් අයිලන්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන් මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංජිනේරු නලීන් කරුණාසිංහ,වැඩිම ජාත්‍යන්තර සම්මානයට ප්‍රාත ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරු මංජු ගුණවර්ධන මහතා යන විද්වතුන් තරගයට සැබෑ අරුතක් එක් කිරීමට සමත් වූහ.


වෙනත් රියැලිටි ටීවී වැඩසටහන් අතරින් වෙනස් ආරක් ගන්නා කෝටියක් වටින අදහසක් වැඩසටහන හරහා සමාජය පෝෂණය කළ හැකි අදහස් රැසක් ඉස්මතු වුණි. මෙහිදී කැපී පෙනෙන යමක් වූයේ බලශක්ති පිරිමැසුම,ජල සම්පත සහ වන සතුන් සුරැකීම, මාර්ග ආරක්ෂණය ආදී සමාජයට වැඩදායී සංකල්පයන් කතා බහට ලක් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට තරගකරුවන් මෙන්ම විනිශ්චය මණ්ඩලයද දැක්වූ සැළකිල්ලයි.


නව අදහස් නිර්මාණකරණයට ගෙන යාමටත් ඉන් නොනැවතී ඒවා වෙළදපොළට ඇතුළත් කිරීමට පවා මුල්‍යමය සහ දැනුම් දායකත්වයක් තරගකරුවන් හට සැපයීම අවසන් තරගකරුවන් 12 දෙනාගෙන් ඇරඹිණි. අවසන් තරගකරුවන් 12 දෙනා හට ඔවුන්ගේ ව්‍යාපෘති දියුණු කරගැනීම සදහා රුපියල් ලක්ෂය බැගින් පිරිනැමුණේ වඩාත් හොද නිර්මාණයන් අපේක්ෂාවෙනි.
අදහසක් නිර්මාණයක සිට වෙළදපොළ භාණ්ඩයක් දක්වාත්, ඉන් නොනැවතී ආකර්ෂණීය වෙළද නාමයක් දක්වාත් ගෙන ඒමට තරගකරුවන් මෙහෙයවූ කෝටියක් වටින අදහසක් වැඩසටහන සිරස ටීවී සහ මොබිටෙල් සුසංයෝගයෙන් නිර්මාණය වූ කාලෝචිත වැඩසටහනකි.


පසුගියදා පැවැත්වූ අවසන් තරගය සදහා සිය නිර්මාණයන් ඉදිරිපත් කළ තරගකරුවන් වන්නේ ශෂී සම්පත්, සුනිල් ජයසිංහ, ආසිරි ද සිල්වා සහ අරුණ ප්‍රසාද්ය. ශෂී සම්පත් විසින් නිර්මාණය කරනු ලැබුවේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, අනතුරු අවම කරනා බොයිලේරු ආරක්ෂිත පද්ධතියකි. බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ එහෙත් කාර්මික ක්ෂේත්‍රය තුළ අන්තරාදායකත්වය අතින් ඉදිරියෙන්ම සිටිනා බොයිලේරුව වඩාත් ආරක්ෂිත පද්ධතියක් යටතේ නිර්මාණය කිරීම ශෂීගේ වෑයම විණි. පහසුවෙන් බැංකුවක මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් වන වන ඊසි ඩිපොසිට් නිර්මාණය කරනු ලැබුවේ සුනිල් ජයසිංහ විසිනි. වෙළද සැලකින් මිලදී ගත හැකි කාඩ් පතක් හරහා ඕනෑම බැංකුවකට මුදල් බැර කිරීමේ හැකියාව මේ හරහා සැපයෙනු ඇත.


ආසිරි ද සිල්වාගේ නිර්මාණය වූයේ ඕනෑම මුදල් වර්ගයකින් පහසුවෙන් ව්‍යාජ මුදල් හදුනාගත හැකි උපකරණයක් වූ අතර එහි විශේෂත්වය වූයේ දැනට පවතින ව්‍යාජ මුදල් හදුනාගැනීමේ උපකරණවල නොමැති අංග සහ වැඩි විශ්වසනීයත්වයක් මෙහි පැවතීමය. විද්‍යාත්මක සංකල්පයක් ඔස්සේ සිය චින්තනය මෙහෙයවා අරුණ ප්‍රසාද් වඩාත්ම නිවැරදිව සහ සූක්ෂ්මව ලේසර් විදුමක් සිදු කරගත හැකි ක්‍රමවේදයක් ලොවට හදුන්වා දුන්නේය. මෙම අදහස් සහ නිර්මාණයන් සියල්ලේම විශේෂත්වය වන්නේ මෙම නිර්මාණයන් ලොව පළමු වරට හදුන්වාදෙන නිර්මාණයන් වීමය.


තීරණාත්මක අවසන් තරගයේදී ජයග්‍රහණය හිමි කරගත් ඊසි ඩිපොසිට් නිර්මාතෘ සුනිල් ජයසිංහ වෙත මුදලින් රුපියල් මිලියනයක කූසලානයක්ද පිරිනැමිණි. මෙම තරගයේදී දෙවන ස්ථානය දිනා ගත් ආසිරි ද සිල්වා වෙත රුපියල් ලක්ෂ පහක්, තෙවන ස්ථානය දිනා ගත් අරුණ ප්‍රසාද්  වෙත රුපියල් ලක්ෂ දෙකක් සහ සිව්වැනි ස්ථානය දිනා ගත් ශෂී සම්පත් වෙත රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග පිරිනැමිණි. අවසන් තරගකරුවන් සිව්දෙනා හට වටිනා සහතිකයන්ද පිරිනැමුවේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීමේ පියවරක් ලෙසිනි.


අතිශය උත්කර්ශවත් ලෙස කෝටියක් වටින අදහසක් පළමු වැඩසටහනේ පළමු වාරය නිමාවට පත් වූයේ සමස්ත දේශයක අවධානය දිනාගනිමිනි. වෙනස් ලෙසින් සිතන්නට සමත්කම් ඇති නවෝත්පාදකයින් දිරිගැන්වීම සදහා සිරස ටීවී සහ මොබිටෙල් විසින් සැපයූ දායකත්වය මෙම අගනා වැඩසටහන හරහා මනාව පිළිබිඹු කෙරුණි.



අදහස් (1)

‘ඊසි ඩිපොසිට්’ කෝටියක් වටින අදහසක්

Rohan Weerasekera Thursday, 09 March 2017 03:39 AM

ඇත්තටම එක හරිම කාලෝචිත අදහසක් අද සෑම කෙනෙක්ම හරිම කාර්යබහුලඊ ඒ නිසා සල්ලි අතේ තිබුනත් වෙලාව මදිකම නිසා බැංකුවකට යන්නේ නැහැ. ඉන් පස්සේ වෙන්නේ ඒ මුදල වෙන දෙකට යොමු කරනවා නමුත් ඉසි දෙපොසිට් නිසා තමාගේ අවශතාවය ලෙහෙසියෙන් කර ගන්නද ලේබෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 149 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 294 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site