IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


උතුරේ රබර් වවයි

මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්වල රබර් වැවීමට යයි.

එක් දිස්ත්‍රික්කයක හෙක්ටයාර තුන්සීයක් වගා කරන අතර හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක ආධාරයක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා කියයි.

මෙහි මූලික සාකච්ඡාවක් මුලතිව් දිසාපති කාර්යාලයයේදී අද පැවැත්විණි.

වගාකරුවෝ පනස් දෙනෙක් ද ඊට එක්වූහ.

 

 



අදහස් (0)

උතුරේ රබර් වවයි

නිමාලි Friday, 07 June 2013 11:10 AM

මේකනම් හොද වැඩක්. උතුරේ යුද්දේ ඉවර උනාට පස්සේ මේ වගේ දෙයක් කරන එක අගය කරන්න ඕනේ. ඒ වගේ පැතී වල මිනිස්සුන්ව දිරිමත් කරන්න කරන්න මේක හොද අදහසක්. අනිත් ආණ්ඩු වල කලේ උතුරේ මායිම් බෙදල දුන්න එක කොටින්ට. ඒත් ජනාදිපතිතුමා කරන්නේ ඒවා නිදහස් කරලා මිනිස්සුන්ට අදායමක් උපය ගන්න අවස්ථාවක් දුන්න එක.(නදී)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 04:17 PM

අපිටත් ඉඩමුයි හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක ආධාරයක්කුයි දෙන්න අපිත් වවලා පෙන්නන්නම්.(ස)

:       0       0

පුෂ්පෙ Sunday, 02 June 2013 06:55 AM

රබර් පිටරට පටවලා ලැබෙන ආදායමක් නැහැ. ඉස්සර වගේ ටයර් හදන කම්හලක් දැම්මා නම් කොච්චර හොඳද? අමුද්‍රව්‍ය පිටරට පටෝලා දියුණුවෙච්ච එක රටක්වත් ලෝකෙ නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 05:37 PM

උතුරේ රබර් වවනවට වඩා වැවෙන වෙන භෝග තිබෙනවා ඒවා දිරිමත් කරන්න. දඹුලේ ටොන් ගණන් එළවලු ඉවත දමනවා වෙළඳ මාෆියා නිසා. මෙයට විසදුමක් දෙන්න මේක ජාතික ප්‍රශ්නයක්.(නදී)

:       0       0

ගුනේ Monday, 03 June 2013 06:28 AM

පුෂ්පෙ, ටයර් හදන කම්හලක් දාලා අපිට ණය දෙන රට තරහා කර ගන්නද කියන්නේ? (නි)

:       0       0

සමන් කුමාර Saturday, 01 June 2013 04:13 PM

මම දන්න විධියට නම් ලංකාවේ පළාත් කිහිපයක් තියෙනවා රබර් වගාකරන්න බැරි. උතුරු නැගනහිර පළාත් ඊට අයිතියි. මොකද්ද මේ කරන්න හදන්නේ? (නි)

:       0       0

දයා Friday, 31 May 2013 05:32 PM

අපිට තවමත් තේයි රබරුයි වලින් පිට දෙයක් හොයාගන්න බැරි උන හැටි.(නදී)

:       0       0

අපොන්සු Saturday, 01 June 2013 09:24 AM

උතුරේ සහෝලා වෙගේම දකුණේ සහෝලාත් හරි දක්ෂයි වගාවට. දඹුල්ලට ඇවිත් බලන්න විකුණා ගන්න බැරුව විසිකරන ටොන් ගන්නන් එලවලු තොග. (නි)

:       0       0

නීල් Friday, 31 May 2013 12:54 PM

රටේ එක පැත්තක රබර් වවල අනෙක් පැත්තේ තණකොළ වවමු. (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 01 June 2013 09:28 AM

ජය වේවා ! මේක උතුම් රට. (නි)

:       0       0

පෙරේරා Friday, 14 June 2013 06:58 AM

නියම අදහස, ඔය එක්කම තේ ටිකකුත් වැව්වනම්. (අ)

:       0       0

නිටුන් Friday, 31 May 2013 01:14 PM

මහත්වරුනි, ඔබතුමාලට තරම් අපට දැනුම නොමැති බව මුලින්ම කියන්නම්. නමුත් ඔය දෙය සඳහා රටේ සල්ලි වෙන්කිරීමට පෙර රබර් ඇට ගෝනියක් වත්තකින් ගෙනිහින් ඔය දිස්ත්‍රික්ක දෙකේ දිස්ත්‍රික් ලේකම් මහතාගේ කාර්යාල ඉඩමේ , විස්ස තිහ හිටවලා එතුමාට කියමු වසරකින් පස්සේ පැල වල වාර්තාව දෙන්න කියලා.මෙය සමෘද්ධි මහතුන් හරහා පහසුවෙන් කළ හැක. මොකද ඔය හරියේ හිටවන්න ගැලපෙන වෙන දේවල් තියෙනවා (නි)

:       0       0

අජිත් Friday, 31 May 2013 01:32 PM

පරිසරයටත් ආර්ථිකයත් දෙකටම හොදය. (ස)

:       0       0

sisira Sunday, 02 June 2013 08:23 PM

මත්තල එකක්, හම්බන්තොට එකක්, නොරච්චෝලේ එකක්, හදල තව මදි, ඔව්ව යෝජනා කරන ඇත්තන්ට කන්ට රට තණකොළ වැව්වොත් නරකද ?

:       0       0

හේරත් Saturday, 01 June 2013 10:43 AM

උතුරේ රබර් දාමු. සබරගමුවේ රබර් අදිමු. කොළඹ රබර් පුච්චමු.අපි හුල්ලමු.ලක්ස 1/1/2 රබර් ඇට නේ. අපට කොස් ඇටත් නැහැ. (නි)

:       0       0

සින්තියා Wednesday, 05 June 2013 11:24 AM

ඔන්න කලින්ම කිව්වා, රබර් වවන්න කැලේ එලි කරන කොට කපන ලොකුම ගස් ටික මටයි. මම අහවලාගේ ලොකු නැන්දා.(නදී)

:       0       0

නුවන් Monday, 03 June 2013 10:09 AM

මේවගේ දේවල් කරල තේරුමක් නෑ ලංකාවේ පුල්මුඩේ තියන වැලි වලින් වත් හරියට ප්‍රයෝජන ගන්නේ නැතුව.(ස)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 02:14 PM

හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක ආධාරයක් දෙනවා නම් මේ පෝලිමේ මුලින්ම ඉන්නේ කවුද කියලා හිතාගත හැකියි (නි)

:       0       0

මනා Saturday, 01 June 2013 11:17 AM

ලබන සැරේ චන්දෙට උදවු ගන්න පනස් දෙනෙක් හොයා ගත්තා.(ස)

:       0       0

ජ.හේරත් Sunday, 09 June 2013 05:50 AM

අනේ මන්ද අපේ රටේ දේශපාලකයන්ට තියෙන්නේ කඳ විතරද කියලා.(නදී)

:       0       0

සිල්වා Friday, 07 June 2013 09:38 PM

උතුරේ ඉඩම් වගාවන් සදහා යොදාගැනීම ඉතා හොදයි. නමුත් කාලයට ඔබින වැඩි පලදායිතාවක් තියන දේවල් තමයි කරන්න ඕනෑ. වැදගත් වෙන්නේ කාලය ශ්‍රමය අවසානයේ කොතරම් ලාබයක් ලැබෙනවද කියන එකයි. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 31 May 2013 08:50 PM

කෑගලු දිස්ත්‍රික්කයේ දැනට අක්කරයකට ගෙවන්නේ රුපියල් 75000/= ක මුදලකි.උතුරට ගෙවන මෙම ලක්ෂ 1, 1/2 ,කිරි වැඩියෙන් රබර් කිරි සපයන සබරගමුවටත් ක්‍රියාත්මක කරන ලෙස ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු. (නි)

:       0       0

මිනිපේ Friday, 31 May 2013 09:19 PM

උතුරේ සහෝලා හරි දක්ෂයි වගාවට.මතකද රතු ලුණු,මිදී හා මිරිස්. (නි)

:       0       0

දයා Friday, 31 May 2013 02:53 PM

පුරුවේ පින් කරපු පනස් දෙනෙක්.(ස)

:       0       0

ගයාන් Saturday, 01 June 2013 01:06 PM

ගාමිණී සිරි, හෙක්ටයාරය කියන්නේ අක්කර 2.47ට. අක්කරයකට රුපියල් 75000 ගෙවනවා නම් ඒක වාසි නැද්ද? (නි)

:       0       0

දිසානායක කුඩගම Sunday, 02 June 2013 03:15 PM

නිටුන්, ඔබ හරි. ඉතින් මිරිස් ලුණු මදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 369 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 130 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 128 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 123 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 36 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 41 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 215 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site