එළඹෙන උත්සව සමයේ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහන මගින්, NDB බැංකු ශාඛා හරහා සිය Western Union මුදල් ගනුදෙනු කිරීම් සිදුකරන සියලුම ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමේ මහඟු අවස්ථාවද හිමිකර ගත හැක.
2025 අප්‍රේල් මස 13 වැනි දින දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රචාරක වැඩසටහන සිය මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට ත්‍යාග ලබා ගැනීමට විවිධ අවස්ථා උදා කරලමින් සෑම සතියකටම වාසනාවන්ත ජයග්‍රහකයන් තුන් දෙනෙකු තෝරාපත් කරගනු ලැබේ. මේ එළඹෙන්නේ බෙදා හදා ගැනීම සහ සතුට සෞභාග්‍ය සමරන උත්සව සමයයි. මේ කාලසීමාව තුළ විදේශයන්හී වෙහෙස මහන්සි වී සේවා සපයමින් උපයන විදේශ විනිමය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී NDB බැංකුව හරහා එම මුදල් ලබා ගන්නා ගනුදෙනු කරුවන් සඳහා මෙම ත්‍යාග දිනා ගැනීමේ හැකියාව ඇත.
NDB බැංකුව, Western Union සමඟ එක්ව සිය බැංකු ශාඛා ජාලය සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් හරහා මුදල් ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් පහසු හා ආරක්ෂාකාරී මුදල් ගනුදෙනු ක්‍රියාවලියක් සහතික කරයි. මුදල් ගනුදෙනු සඳහා NDBබැංකුව තෝරාගැනීමෙන් ගනුදෙනුකරුවන්ට වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම පමණක් නොව ශ්‍රී ලංකාවේ නිල මුල්ය ක්‍රමවේද ශක්තිමත් කිරීමට ද දායක වේ.
මෙම ප්‍රචාරණ වැඩසටහනේ වැදගත්කම අවධාරණය කරමින්, NDB බැංකුවේ පෞද්ගලික බැංකුකරණ අංශයේ උප සභාපති සියාන් හමීඩ් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ඉදිරියට පැමිණෙන උත්සව සමය පරිත්‍යාග කිරීමේ කාලයක් වන අතර “Remittance Festival Rewards”තුළින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ගනුදෙනු සඳහා අප පිළිබඳ තැබූ විශ්වාසය අගය කිරීම සහ ඒ වෙනුවෙන් ප්‍රතිලාභ පිරිනැමීම අපගේ අරමුණයි. මුල්‍ය විසඳුම් පමණක් නොව උත්සව සමය වඩාත් සතුටුදායක අයුරින් සැමරීමට අර්ථවත් ත්‍යාග පිරිනැමීම පිළිබඳ අපි ආඩම්බර වෙමු” යනුවෙනි.
NDB බැංකුව විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේද හා සම්බන්ධ වන ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ පිරිනැමීම සඳහා කැප වී සිටියි. සිංහල අලූත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය සැමරීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක් වන මෙම අවස්ථාවේදී වඩාත් සුරක්ෂිත සහ ප්‍රතිලාභදායී මුල්ය විසඳුම් පහසුකම් සපයමින් ප්‍රජාව සවිබල ගැන්වීමේ වැදගත් කාර්යභාරය NDB බැංකුව අඛණ්ඩව සිදුකරයි.
NDB බැංකුවේ මුදල් හුවමාරු සේවා සහ “Remittance Festival Rewards” ප්‍රචාරක වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ළඟමNDB බැංකු ශාඛාවට පිවිසීමෙන් හෝ NDB බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැක.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
උත්සව සමයට NDB බැංකුවෙන් “Remittance Festival Rewards”