යොහාන් භාසුර
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති ආන්තිකයට පහළින් ඇති බවත් ඒ අනුව එහි වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට යොමු කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමේ දක්වා ඇති උද්ධමන ඉලක්ක එම ගිවිසුමේ දක්වා ඇති නිශ්චිත ආන්තිකයෙන් එක ළඟ කාර්තු දෙකක් තුළදී සපුරා ගැනීමට නොහැකි වුවහොත් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් පසුගිය වසරේ (2024) දෙවැනි සහ තුන්වැනි කාර්තුවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය පිළිවෙළින් සියයට 1.4 ක් සහ 0.8 ක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එම වාර්තාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කර සාකච්ඡා කළ බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රජයේ වියදම් පියවා ගැනීමට සහ ණය ගෙවීමට අවශ්‍ය මුළු මුදල (දළ මූල්‍ය අවශ්‍යතාව) මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටම ද
රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි කල්පනා කරන බ
මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සහ දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියාවේ රටවල්වල ද
මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹීමට රජය තීරණය කර ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය,
ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන්නේ, වැඩි ආයෝජන ආකර්ෂණයක් ඇති කර ගැනීමට යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවැති රැස්වීමේද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නෑ