මනීෂා වීරසිංහ
කොළඹ කොටුවේ මල්වත්ත පාර එදා මෙන්ම අදත් සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියකි. මේ දිනවල මල්වත්ත පාරේ සපත්තු සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී මිස් මොනවද බැලුවේ. මේවා ඔරිජිනල් ලෙදර් බඩු, කීයටද කුට්ටමක් බලන්නේ, ආයේ වෙන ගන්න තැනක් නෑ, මෙතන විතරයි. සාප්පුවක් පසුකරන වාරයක් ගානේ මේ වචන පෙළ අපට අසන්නට ලැබිණ. ඒ ගිය ගමනේ දී පාවහන් සහ බෑග් අලෙවිකරුවකුවන මහින්ද ගුණසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මම මේ වීදියේ බිස්නස් කරන්න පටන්ගෙන දැන් වසර 10කට ත් වඩා වැඩී. මේ පාර උත්සව සමය, නව පාසල් වාරය ආරම්භය කියලා සැලකිය යුතු මට්ටමක බිස්නස් එකක් තිබුණේ නැහැ. බඩුවල මිල ගණන් ඉහළ ගියාට පස්සේ දැන් වසර කිහිපයක ඉදන් ලොකු බිස්නස් එකක් තිබුණේ නැහැ. සමහර කාල තිබුණා සතියේ දවස්, සති අග දවස් කියලා වෙනසක් නැතිව බිස්නස් තිබුණු. එහෙම කාලයක් අපි හුඟ කාලෙකින් දැක්කේ නෑ. ගිය වසරට සාපේක්ෂව මෙච්චර ප්‍රමාණයකින් අඩුයි කියන්න බෑ මේ පාර බිස්නස් සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
දැන් මිනිස්සුන්ට සපත්තු කියා දවසේ කෑම වේල සරි කරගන්නවත් බැරි කාලයක්. පාරිභෝගිකයන්ගේ ආර්ථිකය කඩා වැටීම බිස්නස් අඩුවෙන්න හේතුවක් කියලා හිතනවා. මේ වෙද්දී වෙළෙඳපොළේ විවිධ මාදිලියේ බෑග්, පාවහන් ආශ්‍රිත නිෂ්පාදන ඇති වෙනකම් තිබුණාට ඒවායේ මිලේ අඩුවීමක් වෙලා නැහැ. එනිසා පාරිභෝගිකයන් ලාබෙට තියෙන තැන්වලින් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යොමුවෙලා ඉන්න නිසා අපේ බිස්නස් මේ වෙද්දී කඩා වැටිලා තියෙන්නේ. වෙනදා ගම්වල ඉඳන් මිනිස්සු මල්වත්තට ඇවිත් භාණ්ඩ අරන් ගියා. දැන් එහෙම නෑ. දැන් මිනිස්සු තමන්ගේ අතේ ඇති මුදලට අඩු මිලකට භාණ්ඩ මිලදීගන්න පුරුදුවෙලා ඉන්නේ. අතේ මිටේ ලොකු මුදලක් නැති නිසා භාණ්ඩයේ කල්පැවැත්මට වඩා මිල අඩුවීම ගැන තමයි බලන්නේ.
ඡායාරූපය : ඉසුරු පෙරේරා
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එදා වගේ බිස්නස් දැන් නැහැ