IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘එන්න එන්න මේක අපේ බැංකොක්වල හෝටලේ‘

තායිලන්තයේ බැංකොක් නුවරට දිනපතා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නම් ආහාරපානවල ප්‍රශ්නය ගැටළුවක් නොවන්නේ බැංකොක් අග නගරයේම පවත්වාගෙන යන ‘මානෙල් ලංකා‘ අවන්හල නිසාය. ශ්‍රී ලාංකීය යුවළක් ඒ අවන්හල පවත්වාගෙන යති.

ගමේ ගෙදරදී වගේ කෑම කෑ හැකි ලෙස සකසා ඇති එම අවන්හලට පසුගිය සතියේ තම පස්වැනි සංවත්සරය සැමරීය.

මීගමුව කොච්චිකඩේ නිමල් ඇන්තනී ප්‍රනාන්දු හා මැනල්ඩා ලක්ෂ්මී මානෙල් යුවළ මෙහි හිමිකරුවෝය.

බැංකොක් නගරයේ පටුනාමි නගරයේ රාජපරොප්සොසි හතරවැනි වීදියේ අංක 447/61 ස්ථානයේ මෙය පවත්වාගෙන යයි.

දිනපතාම පෙරවරු 9ට විවෘත වන මෙම ආපන ශාලාව බොහෝ විට වසා දැමෙන්නේ රාත්‍රී 12 පසුවීය. ශ්‍රී ලංකාවේ ජීවත්වීමට තරම් ප්‍රමාණවත් රැකියාවක් නොවූ නිමල් - මානෙල් යුවළ සියලු දේපළ විකුණා කුඩා දියණිය හා පුතු රැගෙන 2002 වසරේදී තායිලන්තයට පැමිණ ඇත. මෙරටදී හඳුනාගත් අයකුගේ මග පෙන්වීම අනුව තායිලන්තයට පැමිණ ඇත්තේ නවසීලන්තයට යාමේ බලාපොරොත්තුවෙනි. නමුත් පෙරකී පුද්ගලයා ඔවුන් අතරමං කර දමා රටෙන් පළා ගොස් ඇති අතර පසුව බැංකොක් නුවර කතෝලික පල්ලියේ උපකාර අනුව ජීවත් වී පසුව මෙම හෝටලය පටන්ගත් බවත් තම බිරියට රසට කෑම ඉවීමට හැකි නිසා මෙය දියුණු කරගැනීමට හැකිවූ බවත් නිමල් මහතා පැවසීය.

මේක තියෙන්නේ සියම්, චිට්ලොම් අතර රැචප්‍රාෙරාප් අතර. ඔබ පැමිණ තෝරාගන්න හොටෙල් එක අනුව මාර්ගය විස්තර කිරීම වෙනස් විය හැකි නමුත් ලේසිම ආකාරය රට්ටප්‍රරොප් මාර්ගයට මුහුණලා ඇති ඉන්ද්‍ර එස් කුරේ  එක ඉදිරිපස හතරවැනි පටුමගෙහි  පිහිටා ඇති බව අපේ පාඨකයෙක් අපට දන්වා එවීය.

(1A) (2) (3) (4) (5) (6) (7) (8)-NIMAL-MANEL (9) (10) DSC_0044



අදහස් (0)

‘එන්න එන්න මේක අපේ බැංකොක්වල හෝටලේ‘

සනත් Monday, 20 July 2015 12:42 PM

ඕමාන්වල සිගිරි හෝටලයත් මේ වගේම තමයි. ලාංකික අපිට ආඩම්බරයි. (ර)

:       0       0

මෝදිත Sunday, 12 July 2015 10:00 AM

සුබ පැතුම්! (නි)

:       0       0

නිලුෂිකා ප්‍රනාන්දු Sunday, 12 July 2015 03:47 PM

සුපිරියි (බ)

:       0       0

යෙනුර Sunday, 12 July 2015 10:08 AM

දැනගන්න ලැබීම ගැන සතුටුයි (නි)

:       0       0

ජයශ්‍රී Monday, 13 July 2015 06:30 AM

මෙතනට යන විදිහ කවුරුවත් කියලා නැහැ.බැංකොක් අති විශාල නගරයක් නිසා හොයා ගන්න බැහැ අහලා හොයා ගන්න කොහොමවත් බැහැ (ම)

:       0       0

ජයශ්‍රී Monday, 13 July 2015 06:31 AM

මෙතනට යන විදිහ කව්රුවත් කියල නැහැ.බැංකොක් අති විශාල නගරයක් නිසා හොයා ගන්න බැහැ. අහල හොයා ගන්න කොහොමවත් බැහැ. (ස)

:       0       0

දයා Thursday, 16 July 2015 01:26 AM

කතා දෙකක් එපා (ස)

:       0       0

දයාල් Thursday, 16 July 2015 01:26 AM

කතා දෙකක් නැහැ. නියම ආහාර කනවා නම් මානෙල් ලංකා තමයි (නි)

:       0       0

රුවන් Friday, 17 July 2015 07:58 AM

මම ලාංකිකයක් විදිහට ගොඩක් සතුටු වෙනවා වගේම ඔබ දෙපල අපේ රට ජාතිය රැක ගැන කරගෙන යන ඔබ වපාරය දිනෙේ දිනම දියුනුවේවා ඒ වාගෙම ඔබ ගැන හරිම ආඩම්බරයි අපේ ජාතිය සන්කේතයක් වග ඔබ දෙපළ ඔබට සද ජය (අ)

:       0       0

රොෂාන් දේවප්‍රිය Sunday, 12 July 2015 10:33 AM

මෙතැන කෑම ගොඩක් හොඳයි. මම යන හැම සැරේම මෙතැනට යනවා (බ)

:       0       0

කුමාර Monday, 13 July 2015 11:52 AM

හොඳයි. හැබැයි තායිලන්ත කෑම රස බැලුවොත් අනෙක් කෑම එපාවෙනවා. එච්චරට රසයි. (නි)

:       0       0

කුංකුම Monday, 13 July 2015 11:51 AM

හොදයි, හැබැයි තායිලන්ත කෑම රස බැලුවොත් නම්... එච්චරට රසයි. ග්‍රීන් කරී, ටොම් යම්, ච්කෙන් කරී, ස්ටම් රයිස් එක්ක ෆ්‍රරයිඩ් කායිලන් කාලා. තායිලන්ත පොල් කූල් කරලා බිව්වම නියම තමා. (ර)

:       0       0

ඡානක අරම්පත Sunday, 12 July 2015 04:29 PM

මම 2013 දි එහි ඉඳලා තියෙනවා (නදී)

:       0       0

කුංකුම Monday, 13 July 2015 11:52 AM

හොදයි, හැබැයි තායිලන්ත කෑම රස බැලුවොත් මොන ශ්‍රී ලංකන් ද කියල හිතෙනවා, එච්චරට රසයි . ග්‍රීන් කරී, ටොම් යම්, පයින්අැපේල් චිකන් කරී, ස්ටම් රයිස් එක්ක ෆ්රයිඩ් කරන් කාල. තායිලන්ත පොල් කූල් කරලා බිව්වම නියම තමා. (බ)

:       0       0

නාමල් Friday, 17 July 2015 02:51 AM

දැන් ගොඩාක් රටවල ලංකාවේ හෝටල් ආරම්භවෙලා තියෙනවා. ඒවායේ කෑම නරක නැහැ. ගොඩක් රසයි. (නි)

:       0       0

නන්දලාල් ප්‍රංශය Sunday, 12 July 2015 04:41 PM

මේ කතාවෙන් පේනවා ශ්‍රී ලාංකිකයන්ට මේ මිහිතලයේ ඕනෑම තැනක ඕනෑම වැදගත් රැකියාවක් කිරීමට පුළුවන් වග. මේ යුවලට ජයෙන් ජය ලැබේවා.(නදී)

:       0       0

ඉමේෂ් Monday, 13 July 2015 07:00 AM

හොරෙන් බැංකොක් ගිය අය මාට්ටු නේද. (බ)

:       0       0

ඉමේෂ් Monday, 13 July 2015 07:01 AM

හොරෙන් බැංකොක් ගිය අය මාට්ටු නේද. (ස)

:       0       0

යසීර් අහමඩ් Monday, 13 July 2015 07:20 PM

මම මේ රෙස්ටුරන්ට් එක ගාවටම ගොස් එ්ක ඉස්සරහ තිබ්බ තායි රෙස්ටුරන්ට් එකෙන් කෑවා. තායි කෑමවල රස දුටුවම ලංකාවේ කෑම මොනාද කියා සිතෙනවා (නදී)

:       0       0

යසීර් අහමඩ් Monday, 13 July 2015 07:19 PM

මම මේ රෙස්ටුරන්ට් එක ළඟටම ගොස් අන්තිමේදී ඊට ඉස්සරහ තිබුණ තායි රෙස්ටුරන්ට් එකෙන් කෑවා. තායි කෑමවල රස දැනුනහම ආශා හිතුණා (නි)

:       0       0

අමන්දා Monday, 13 July 2015 07:34 PM

සුබ පැතුම් අපෙනුත්! (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 14 July 2015 06:39 AM

මේ දෙපලට දියුනුවෙන් දියුනුව ලැබේවායි පතමි.(හේ)

:       0       0

සිතුම් Tuesday, 14 July 2015 06:39 AM

මෙය අපිට ආඩම්බරයක්.(හේ)

:       0       0

ප්‍රභාත් Tuesday, 14 July 2015 06:39 AM

සුබ පතනවා මේ ව්‍යාපාරය සාර්ථක වේවා කියා.(හේ)

:       0       0

චමල් Sunday, 12 July 2015 05:47 PM

නියමයිනේ (නදී)

:       0       0

ප්‍රභාත් ජයවර්ධන Tuesday, 14 July 2015 06:40 AM

ඔව් ගියමාසේ අපිත් එහෙ ගියා අපිට හොදට සැලකුවා.කෑමත් ගොඩක් රසට උයලා තිබ්බා ගානත් අනිත් ඉන්දියන් කඩ වලට වඩා අඩුයි.මේ දෙපලට දියුනුවෙන් දියුනුව ලැබේවායි පතමි.(හේ)

:       0       0

අප්පුහාමි Sunday, 12 July 2015 11:17 AM

මම දෙවරක් තායිලන්තයේ සංචාරය කළ වෙලේ , දෙපාරම මේකෙන් කෑවා. ඉතාමත් රසට ලාබෙට ලාංකීය ආහාර ගන්න පුළුවන් තැනක්. ලංකාදීපයෙන් මෙය සියලු දෙනාට දැන ගැනීමට සැළැස්වීම සංචාරය සඳහා තායිලන්තයට යන සියලුම ලාංකිකයන්ට සෙතක්. ලංකාදීපයට ස්තුතියි! මෙම අවන්හල දිනෙන් දින දියුණු වේවායි පතමි (නි)

:       0       0

මානෙල් ලංකා Thursday, 16 July 2015 05:16 AM

බොහොම ස්තුති ඔබ සැමට !!!!!! (ම)

:       0       0

විජිත් Saturday, 18 July 2015 02:56 PM

මේ හෝටලයේ කෑම මිල ඉහළයි. ලංකාවේ අයගෙන් බොරුවට තැන පෙන්නනවා කියා මුදල් අයකරන්ඩ බලනවා. බැංකොක් වල ඕනෑතරම් ලාබෙට කෑම තියනවා. (නදී)

:       0       0

මානෙල් ලංකා Sunday, 12 July 2015 06:43 PM

බොහොම ස්තුති ඔබ සැමට (නදී)

:       0       0

මානෙල් ලංකා Sunday, 12 July 2015 06:43 PM

බොහොම ස්තුතියි ඔබ සැමට (නදී)

:       0       0

යහම්පත් Sunday, 12 July 2015 06:51 PM

පින්තුර සහ විස්තර දුටුවම සන්තෝසයක් හිතුනා. මමත් ඉඩ ලැබුනොත් මේ රටට නිවාඩුවක් ගොස් දැක බලා කෑම වල රසය විඳිනවා. ලංකාදීපයට තුති විස්තර දුන්නාට (නදී)

:       0       0

කෙවින් Monday, 13 July 2015 07:34 AM

මේක තියෙන්නේ සියම්, චිට්ලොම් අතර රැචප්‍රාෙරාප් අතර. ඔබ පැමිණ තෝරාගන්න හොටෙල් එක අනුව මාර්ගය විස්තර කිරීම වෙනස් විය හැකි නමුත් ලේසිම ආකාරය රට්ටප්‍රරොප් මාර්ගයට මුහුණලා ඇති ඉන්ද්‍ර එස් කුරේ  එක ඉදිරිපස හතරවැනි පටුමගෙහි  පිහිටා ඇත (බ)

:       0       0

ද්‍රගොන් පොප්රා Monday, 13 July 2015 09:58 PM

එ්කට දෝහා කථර් වල මෙලෝ රහක් නෑ. අපිරිසිදු පරණ කෑම දෙන්නේ (නදී)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 12 July 2015 06:52 PM

පින්තූර සහ විස්තර දුටුවම සන්තෝෂයක් හිතුනා. මමත් ඉඩ ලැබුනොත් මේ රටට නිවාඩුවකට ගොස් දැක බලා කෑම වල රසය විඳිනවා. ලංකාදීපයට තුති විස්තර දුන්නාට (නි)

:       0       0

නැපෝලියන් Sunday, 12 July 2015 08:55 PM

පලවෙනි පින්තූරේ බලන්න. (නදී)

:       0       0

සමන්ත - අඹන්පොල Thursday, 16 July 2015 11:25 AM

ඇත්තටම රසයි. මමත් මෙතනින් කාලා තියෙනවා. (නි)

:       0       0

සිරි අයියා Saturday, 18 July 2015 07:04 AM

ලංකාවෙන් තායිලන්තයට සංචාරයේ එන අයට තායි කෑම වලින් එන සෝස් සුවඳ අල්ලන්නෙ නැහැ. ඒ අය හිතනවා තායි කෑම හදන්නෙ ඌරු තෙල් වලින් කියල. ඒ හින්ද ලංකාවෙ හෝ ඉන්දියාවෙ කෑම හොය හොය වටේ යනව. ඇත්තෙන්ම තායි කෑම වලට පුරුදු වුනාම ඒව කොච්චර රසවත්ද කියල තේරෙයි. ඒක නිසා තමයි තායි කෑම ලෝකයේ විවිධ නගර වල ජනප්‍රිය වෙලා තියෙන්නෙ. අනෙත් දේ තමයි වෙන රටකට ගියාම ඒ රටේ කෑම රස විඳිනව මිසක් ලංකාවෙ කෑම හොයන එක මහ මෝඩ වැඩක්. (අ)

:       0       0

ගුණවර්ධන Tuesday, 14 July 2015 08:18 PM

විස්තරය අපට ලබා දුන්නට ලංකාදීපයට ගොඩාක් ස්තුති කරනවා. අපේ මිනිස්සු මේ ගන්න උත්සාහය ගැන ආඩම්බර වෙනවා. ලබන වර කොහොම හරි යනවා. ඔබලාට ජයෙන් ජය (නදී)

:       0       0

විල්සන් Sunday, 12 July 2015 11:50 PM

කෑම ගොඩක් රස, සාදාරන මිලක් ඇති තැනක්. මම බැංකොක් ඉද්දි මේකෙන්ම තමා කන්නේ. (නදී)

:       0       0

වීරකෝන් Sunday, 12 July 2015 12:27 PM

මමත් දැනගත්තේ දැන්. (නි)

:       0       0

නාලනී පියදිගම Sunday, 12 July 2015 12:28 PM

ඊළඟ සැරේ මමත් යන්න ඕනෑ.මේක දැනගත්තේ අද තමයි. ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

එරික් Sunday, 12 July 2015 12:28 PM

ලාංකිකයන් විදිහට අපිට ආඩම්බරයෙන් අපේම කියලා දෙයක් පෙන්වන්න පුලුවන් (නි)

:       0       0

යසීර් Sunday, 12 July 2015 12:28 PM

දියුණුවෙන් දියුණුවට පත්වේවා! වැඩි වැඩියෙන් ලැබේවා! (නි)

:       0       0

ඇසළ Sunday, 12 July 2015 12:29 PM

නෝ බීෆ්, නෝ පෝර්ක්. ලාංකිකයන් වශයෙන් ආඩම්බරයි මේ වචන ස්වල්පයට. දියුණුවෙන් දියුණුවට පත්වේවායි ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

චතුර Tuesday, 14 July 2015 10:53 PM

හොරෙන් ගිය බදුල්ලේ කට්ටිය මාට්ටු නේද? (නදී)

:       0       0

බර්නාඩ් Monday, 13 July 2015 03:08 PM

දැනුවත් කිරීම ගැන ලංකාදීපයට තුති! (නි)

:       0       0

සම්පත් Tuesday, 14 July 2015 09:13 AM

මමත් අනිවාර්යෙන් එහෙ ගියාම එනවා වේලක් කලා යන්න රට ගියාම අපේ කෑමවල වටිනාකම වැඩී (අ)

:       0       0

හිල්මි Monday, 20 July 2015 01:23 AM

සිරි, ඔබ හරි (නි)

:       0       0

නිවන්තක Monday, 20 July 2015 01:23 AM

සැමදා සැරදේවා! (නි)

:       0       0

බෝගා Thursday, 16 July 2015 09:21 AM

ලංකා වේ කෑම කන්න එහෙ යන්න ඕනද? (ස)

:       0       0

ශශික Sunday, 12 July 2015 01:34 PM

මෙතන කෑම හරිම හොඳයි. ලංකාවේ වගේ දැනෙනවා (නි)

:       0       0

දීපාල් ලියනගේ Saturday, 18 July 2015 06:05 PM

සුභ ගමන් (නදී)

:       0       0

චතුරි Wednesday, 15 July 2015 01:09 AM

අපිටත් මෙහෙ ලංකාවේ කෑම කන රෙස්ටුරන්ට් තිබුනට රස අඩුයි,දැවිල්ල නැහැ. ඒවා අලුත් ස්ටයිල් වලට උයලා. පොල්කිරි වෙනුවට එළකිරි සහ යෝගට් පාවිච්චි කරන්නේ. (නි)

:       0       0

ආශා Sunday, 12 July 2015 01:57 PM

මමත් ගියා හරිම රසයි (නදී)

:       0       0

චමින්ද Sunday, 19 July 2015 08:47 AM

මමත් දෙපාරක් මානෙල් එකට ගියා. ඉතා සුහදශීලි සේවයක්. ඕනෑම කාරණයක් ගැන අහගන්න පුළුවන්. සමහරු ඉන්නවා ලංකාවේම කට්ටිය විස්තර කියන්නේ නැතුව ඒකෙනුත් හම්බකරගන්න හදන. මානෙල් එකට යන්න. කෑම රසයි. (නි)

:       0       0

ජීවන්ත Monday, 13 July 2015 03:47 PM

සුබ පැතුම් ! (බ)

:       0       0

චතුරි Wednesday, 15 July 2015 01:10 AM

අපිටත් මෙහෙ ලංකාවේ කෑම කන රෙස්ටුරන්ට් තිබුනට රස අඩුයි. දැවිල්ල නැහැ, කිසි රසක් නැහැ. කෑම අලුත් ස්ටයිල් වලට උයලා. පොල්කිරි වෙනුවට එළකිරි, සහ යෝගට්. පාවිච්චි කරන්නේ. මම හිතනවා ලංකාවේ දන්සල් බත් මිට වැඩිය රස ඇති. (නදී)

:       0       0

කමල් පෙරේරා Monday, 13 July 2015 05:09 AM

මම 20 වතාවක් විතර බැංකොක් ගිහින් තියෙනවා.යන හැම වෙලාවකම මෙතනින් කෑම ගන්නේ.ඉතාමත් හොඳ තැනක්.මගේ සුබ පැතුම්.මම ලබන සතියෙත් යනවා. (නි)

:       0       0

රොෂාන් Tuesday, 14 July 2015 04:47 AM

ඒකට සවුදියේ ජුබෙල් එකේ තියෙන ශ්‍රී ලංකා රෙස්ට්ටුරන්ට් එක මෙලෝ රහක් නැහැ. එලවලු රොටියෙත් රොල්ස් එකෙත් බිතර රෝල් එකෙත් එකම පේස්ට් එක. අල ලාබ නිසා අලම තමයි. (ස)

:       0       0

පෙරේරා Tuesday, 14 July 2015 03:35 PM

මමත් යනවා, අපිත් යනවා,ඊළඟ වතාවෙත් යනවා,මමත් යන්නේ එහෙටමයි...මමත් ඔය හෝටලයට ගියේ ලංකාවේ කෙනෙක් අගය කළ නිසා.ලංකාවේ හදනවටත් වැඩ හොඳට රසට කෑම දෙනවා.(හේ)

:       0       0

තරූ Thursday, 16 July 2015 07:30 AM

මම නම් 3න් වේලම කන්නේ මේකන්. බොහොම රසයි කෑම (නදී)

:       0       0

සෝම් Thursday, 16 July 2015 01:32 PM

අපේ අවංක සුභ පැතුම්. (ස)

:       0       0

රසික Sunday, 12 July 2015 09:42 AM

බොහොම සන්තෝසයි. බැංකොක් ආවොත් අනිවාර්යෙන්ම යනවා මෙතනට. (බ)

:       0       0

කුන්කුමා Monday, 13 July 2015 10:35 AM

හොදයි, හැබයි තායිලන්ත කෑම රස බැලුවොත් මොන ශ්‍රී ලන්කන් ද කියලා හිතෙනවා, එච්චරට රසයි . (ම)

:       0       0

සිරි අයියා Sunday, 19 July 2015 01:51 AM

වෙන රටකට ගියාම ඒ රටේ කෑම බීම රස විඳින්න එපායැ. බත්, හොදි මාළු කන්න ඕනෙනම් ගෙදරම ඉඳගෙන බැරිද ඒක කරන්න.(නදී)

:       0       0

ලාල් Thursday, 16 July 2015 04:17 AM

ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඇත්තටම ආඩම්බරයි .... ජය වේවා ...(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 145 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2017 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site