ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සහ පහසුකම් සැලසීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම සිය නියාමන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්, රුපියල් බිලියනයකින් තම ද්විතීක ප‍්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට සමත්වී සිටී.
වසර 5ක කාල සීමාවකට යටත්ව මෙරට ප‍්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන කැපිටල් එලායන්ස් සමාගම (CAL) මගින් ලබාගත් උපකාරක ණය ව්‍යූහගත කිරීමක් මගින් මෙම ප‍්‍රාග්ධනය රැස්කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය කටයුතු කර ඇත.
මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එලායන්ස් ෆිනෑන්ස් ආයතනයේ නියෝජ්‍ය සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා මෙසේ පැවසීය. “අපගේ තිරසාර ව්‍යාපාරික දර්ශනය කෙරෙහි ආයෝජකයන් තුළ ඇති විශ්වාසය මෙම ජයග‍්‍රහණයෙන් ඉතා හොඳින් පිළිබිඹු කරනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ රටේ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි ලෙස අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ නිසා ඔවුන්ට වෙන කවරදාටත් වඩා වැඩි සහයෝගයක් ලබා දිය යුතු බව අපි අවබෝධ කරගත්තා. උපකාරක ණය ක්‍රමවේදයක් මගින් අපගේ ද්විතීක ප‍්‍රාග්ධනය රුපියල් බිලියනයකින් ඉහළ නංවාගැනීම නිසා, අපටම ආවේණික ව්‍යාපාරික ආකෘති භාවිතා කරමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමේ හැකියාව අපට තිබෙන බව පැවසීමට කැමතියි. ඒ වගේම අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් කැපිටල් එලායන්ස් ආයතනයට මගේ අවංක ස්තුතිය පුදකර සිටිනවා. 2019 වසරේ දී ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශයේ තාක්ෂණික සහයෝගය ඇතිව, අභ්‍යන්තර ප‍්‍රතිව්‍යුහගතකරණයකට ලක්කිරීමෙන් පසුව, මේ රටේ මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් සියයට 1.6ක ණය වත්කම් වර්ධනයක්, සියයට 169ක ලාභයේ වර්ධනයක් සහ අක්‍රිය ණය අනුපාතය (NPL) හි සියයට 23 ක අඩුවීමක් 2020/21 මුල්‍ය වර්ෂය තුළ දී වාර්තා කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනයට හැකියාව ලැබුණා. ශ‍්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වගේම, ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ණය ලබා දෙන ආයතනයෙක් විදියට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය සියලුම ජනතාවගේ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බව පැවසිය යුතුම කරුණක්.”
එලායන්ස් ෆිනෑන්ස් ආයතනය මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමෙන් ඔබ්බට යමින්, සාමාජීය හා පාරිසරික තිරසාරභාවය කෙරෙහි ද සුවිශේෂී අවධානයක් යොමු කරයි. 2012 වසරේ දී ත‍්‍රිත්ව ලාභදායිත්ව සංකල්පය අනුගමනය කරමින් එහි ආරම්භක වටිනාකම් ආයතනගත කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය පියවර ගෙන ඇති අතර, එය ආයතනයේ අද පවතින ආයතනික තිරසාර ප‍්‍රගතිය සඳහා හේතු පාදක වී ඇත. එමෙන්ම 2020 වසරේ දී, එලායන්ස් ෆිනෑන්ස් ආයතනය, පුරෝගාමී තිරසාර ප‍්‍රමිති සහ සහතිකකරණ වැඩසටහන (SSCI) යටතේ පරිපූර්ණ තිරසාරභාවය පිළිබඳ සහතික ලැබූ ප‍්‍රථම දකුණු ආසියානු මූල්‍ය ආයතනය බවට පත්විය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එලායන්ස් ෆිනෑන්ස් රු. බිලියනයකින් ද්විතීක ප‍්‍රාග්ධනය ඉහළ නංවා ගනී