පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරියුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය, රත්තරන් බඩු සදහා හෙට්ටි වීදිය , විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් සදහා 01 වැනි හරස් වීදිය , රෙදි සහ මැහුම් උපකරණ සදහා 2වැනි හා 3වැනි හරස් වීදි , ආහාර ද්‍රව්‍ය සදහා 4 සහ 5 වැනි හරස් වීදී ආදී ලෙස බෙදී ගොස් ඇත.
මේ විදී අතරින් අපි ගමන් කළේ පිටකොටු ප්‍රධාන ජාලයට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති චීන වීදිය වෙතයි. චීන වීදීය අනෙක් වීදි තරම් ජනාකීර්ණ නොවේ. වීදුරු භාණ්ඩ විසිතුරු භාණ්ඩ සහ උත්සව සදහා අවශ්‍ය සැරසිලි මිලදී ගැනීමට නම් චීන වීදිය වෙත යා යුතුය. මේ දිනවල බිස්නස් පිළිබදව දැනගැනීමට අපි ගොඩ වූයේ පාර්ටි මාර්ට් වෙළෙදසැල වෙතයි. එහි හිමිකරු මොහොමඩ් නවුෂාඩ් මහතා අප හා අදහස් බෙදා ගත්තේය මෙලෙසය.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ උත්සව සැරසිලි සහ පාවහන්. උපන්දින, මංගල උත්සව ආදී උත්සව අවස්ථාවලට ඕන කරන සැරසිලි වර්ග අපි ළග තියනවා. සේවකයොත් 10 ක් වැඩ කරනවා. මේ දවස් වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. කොහොමත් පෙබරවාරි කියන්නේ ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි.
Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
ඕනම බිස්නස් එකක සිස්ටම් එකක් තියනවා. හැමදාම බිස්නස් අඩුත් නෑ. හැමදාම බිස්නස් සරුත් නෑ. දෙසැම්බර් කියන්නේ සීසන් එක නිසා හොදට බිස්නස් තිබ්බා. නත්තල් තිබ්බ නිසා සැරසිලි හොදට වෙළෙදාම් කරන්න පුළුවන් වුණා. ජනවාරි මාසෙත් මුල බිස්නස් තියනවා. මොකද අලුත් අවුරුද්දක් එන නිසා මිනිස්සු ගෙවල් වලට අලුතෙන් බඩු ගන්නවනේ. ජනවාරී මැද ඉදන් පෙබරවාරි මාසය පුරාවටම බිස්නස් අඩුයි. අඩුයි කියන්නේ බාගෙට බාගයක්ම බිස්නස් අඩු වෙනවා. සීයට පනහක්ම අඩුයි. එහෙම අඩු වෙන්න හේතුව තමයි මිනිස්සු දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ මුල ගොඩක් වියදම් කරලා පෙබරවාරී වෙද්දි මිනිස්සු ළග සල්ලි නෑ. ආපහු බිස්නස් වැඩි වෙන්නේ මාර්තු මාසයේ රාමසාන් උත්සවය එක්ක. ඊට පස්සේ අප්‍රේල් මාසේ සිංහල හින්දු අවුරුද්ද එන නිසා අයේ බිස්නස් හොදට තියනවා. ඕක තමයි බිස්නස් වල සිස්ටම් එක.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දිශාවට රැගෙන යාමට රජය තැබූ පියවර නිවැරදි එකක් වුවත් ඉන් පමණක් මෙරට මුහුණදෙන බදු අභියෝගවලට විසඳුම් සෙවිය නොහැකි බව ජෝන් කීල්ස
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න
පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරියුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය, රත්තර
ජනාධිපති දිසානායක යටතේ මෑතකදී නව ආණ්ඩුවක් පිහිටුවූ පසුව ශ්‍රී ලංකාවට මගේ ප්‍රථම නිල විදෙස් සංචාරය සිදුකිරීමට ලැබීම මගේ ඉමහත් සතුටට හේතු විය. එය මගේ ප්
ඉන්දියාව කැමැත්තෙන් සිටී නම් ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් බව ජනාධිපති අනුර කු
DFCC බැංකුව සහDavid Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි