IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කාගෙන්වත් පිහිටක් නැති බෙර දවුල් කර්මාන්තය

සැකසූ බෙර ඇතුළු භාණ්ඩ


නාවලපිටිය සිසිර ලලිත් කුමාර


  • ​තාක්ෂණික උපකරණ නෑ
  • ​වගකිවයුතු ආයතනවල උදවු ඕනෑ

පරම්පරා පහකට ආසන්න පිරිසක් විසින් රැකගෙන එන “කොත්මලේ බෙර, දවුල් හා වංගෙඩි”‍ කර්මාන්තය රැක ගැනීමට සහාය ලබාදෙන ලෙස ගම්පොළ වැළිගඟ ගම්මානයේ කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

ගම්පොළ වැළිගඟ බෙර දවුල් හා වංගෙඩි කර්මාන්තයේ පිරිසක් ජීවත් වෙති. එම ජනතාව සිය සහජ දක්ෂතාවෙන් ජීවන රටාව ගොඩනගා ගන්නට යත්න දරන්නේ කිසිවෙකුටත් අතනොපා ජීවත්වන සිය පාරම්පරික උරුමයන්ට ද වටිනාකම් දෙමින්‍් ය. අලංකාර බෙර, දවුල්, තම්මැට්ටම්, රබන් පමණක් නොව ගෘහණියට අත්‍යවශ්‍ය වංගෙඩිය පවා නිෂ්පාදනය කරන්නේ සිය ඩා බිඳු මහපොළවට හෙළමින් ය.

කොස්, නැදුන්, පොල් ආදී ලී කොට ගෙන අලංකාර කරමින් සැකසෙන ලී කොටය අවසානයේ බෙරයක් බවට පත්වන ආකාරය ගැන කරුණු කී ගම්පොළ වැළිගඟ බෙර කර්මාන්තයේ නියැළෙන ප්‍රේමදාස මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.

අපේ මුල් පදිංචිය කොත්මලේ වටද්දර කියන ගම්මානයේ. එහෙත් කොත්මලේ ජලාශය නිර්මාණය කිරීමත් සමඟම අපේ ගම්මාන ජලයට යට වුණා. ඉන් පස්සේ අපි ලංකාවේ තැනින් තැන පදිංචි කළා. අපට ගම්පොළ වැළිගඟ ගම්මානයේ පදිංචි වෙන්න සිදුවුණා. අපි පරම්පරා පහක පමණ අතීතයකට උරුමකම් කියන කර්මාන්තකරුවන්. ඒ කාලයේ බෙර, දවුල්, තම්මැට්ටම්, රබන් වගේම වංගෙඩි කර්මාන්තයට හොඳ ඉල්ලු‍මක් තිබ්බා. ඒත් කාලයත් සමඟ ම අපේ කර්මාන්තයටත් කණකොකා හඬන්න ගත්තා. බඩු මිල හරිම ඉහළයි. කොස් කොටය, පොල් කොටය අධික මිලකින් යුක්තයි. මේ වැනි දේවලින් තමයි මේ කියන බෙරය නිර්මාණය වෙන්නේ. මුලින්ම කොටය ශුද්ධ පවිත්‍ර කරගෙන කොටයේ කුහරය නිර්මාණය කර ගන්නවා. ඉන් පසුව පොලිෂ් කර අනෙකුත් ආම්පන්න සූදානම් කරගෙන තමයි “බෙරය”‍ හදාගන්නේ. ඉතින් එළු හම්, හරක් හම් වගේ හම තමයි බෙරයට යොදා ගන්නේ.

සත්තුන්ගේ හම් ගේන්නේ මහනුවර වගේ ප්‍රදේශවලින්. හමක් දැන් රුපියල් හත්සිය පනහක් අටසීයක් විතර වෙනවා ඉස්සෙල්ලා තිබ්බේ රුපියල් තුන්සීයක් තුන්සිය පනහක් වගේ මිලකට. දැන් හරිම ගණන්. ඉතින් මේ ක්‍රියාව සංකීර්ණ දෙයක්. අපට තියෙන ලොකුම ගැටලුව තමයි ලියවන පට්ටලයක් නැතිකම. ලියවන පට්ටලයක් තිබ්බා නම් අපට කර්මාන්තය කරගෙන යන්න පුළුවන් කියන කාරණය කිව යුතුයි.

දහ අට වන්නමට සරිලන තාලය දෙන බෙරය සැකසීම සුළු පටු නොවේ. මේ ඒ පිළිබඳව කරුණු කී ශාන්ත මහතා ද ගම්පොළ වැළිගඟ ගම්මානයේ පදිංචි අයෙකි. මේ ඔහුගේ අදහසයි.

කොටයක් සුමටව ලස්සනට හදාගෙන අවසානයේ ඇහැට ප්‍රියමනාප නිර්මාණයක් බවට පත් කිරීම ආරම්භයේ සිට අවසානය දක්වා සංකීර්ණ දෙයක්. බෙරයක් නිර්මාණය කිරීමට කොටයක් වගේම පට්ටම්, සත්ව හම ආදිය වගේම ඒවා පොලිෂ් කිරීමට අවශ්‍ය පොලිෂ් පවා වුවමනා වෙනවා. එහෙත් මේ සියලු‍ දේ අද වනවිට අධික මිලකින් යුක්තයි. රුපියල් තුන්සීයට තිබ්බ පොලිෂ් බෝතලය අද වනවිට හයගුණයකින් විතර ඉහළ ගිහින් තියෙන්නේ. අද පොලිෂ් බෝතලය රුපියල් එක් දහස් හයසීයක් වෙනවා. මේ කියන කර්මාන්තය ට අවශ්‍ය ආම්පන්න ද ඉතා ඉහළ මිලක් වෙනවා. වැඩකරන පුද්ගලයකුට ඒ කාලේ ගෙව්වේ රුපියල් දාහක් වගේ මුදලක්. ඒ වුණාට අද වනවිට රුපියල් දෙදහස් පන්සියයකට තුන් දහසකට ආසන්න මුදලක් දෙන්න ඕන.

කේ. ප්‍රේමසිරි මහතාද ගම්පොළ වැළිගඟ ගම්මානයේ බෙර කර්මාන්තයේ නියැළෙන අයෙකි. මේ ඔහුගේ අදහසයි.

ඉස්සර කාලයේ මේ කර්මාන්තයට හොඳ ඉල්ලු‍මක් තිබ්බා. අපි අපේ භාණ්ඩ ලක්සල වගේ ආයතනවලට අලෙවි කළා. ඒත් මේ වනවිට ඒ වගේ ආයතනවලින් ඇති ඉල්ලු‍ම සම්පූර්ණයෙන්ම වාගේ අඩුවෙලා. අපි දැන් ටවුන්වලට අරගෙන ගිහින් තමයි විකුණන්නේ. එහෙත් ප්‍රවාහනය, දෛනික වියදම් ආදීය සැලකීමේ දී ඇති ලාභයක් නැති බව කියන්න ඕන. මේ වගේ කර්මාන්ත බොහෝමයක් දෙනා කරන්නේ නැහැ. කරන්නේත් බොහෝම අවශේෂ පිරිසක්. අපි බෙරයට වුවමනා කොට සපයා ගන්නේ පොල් වගේ ගහක් අරගෙන. අදවනවිට පොල් ගහක් රුපියල් පන්දහක් විතර වෙනවා. ඉස්සෙල්ලා පොල් ගහක් රුපියල් දහට එක්දහස් පන්සීයට පමණ ගත්තේ. අහිංසක අපට අතහිත දෙන්න පුළුවන් නම් ඒක ලොකූ පිනක් බව පැවසිය යුතූයි.

සිය දෙපාවලට පින් සිද්ධ වෙන්න එදා දවසේ විකුණගන්න බෙරයකින් හෝ දෙකකින් ජීවිතය ගැට ගහ ගන්නා සුමනරත්න මහතා සිටින්නේ ද ගම්පොළ වැළිගඟ ගම්මානයේ ය. මේ ඔහුගේ අදහසයි.

උරහිස් දෙක ගැලවෙන්න තරම් එන වේදනාව අමතක කරලා තමයි මම මේ රස්සාව කරන්නේ. දවසට බෙරයක් දෙකක් කොහොම හරි විකුණා ගන්න ගව් ගාණක් ඇවිදින්න ඕන. ඉස්සර නම් බෙරයක් දවුලක් විකුණා ගන්න එච්චර මහන්සි වෙන්න ඕන නැහැ. ඒත් අද වනවිට මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒ විතරක් නෙවෙයි සංගීතයට නැටුමට ආදරය කරන මිනිස්සු අඩුවෙලා. හෑන්ඩ් ෆෝන් එකේ සින්දුවක් දාගෙන කොල්ලො කෙල්ලෝ නැටුවට බෙරයක් ගහලා, ඩොල්කියක් ගහලා සින්දුවක් කියන පිරිස් අඩුයි. ඉතින් ඒ නිසාම අපේ කර්මාන්තය කරගෙන යන්න තියෙන ඉඩකඩට වඩා මේ කර්මාන්තය නවතා දමන්න තියෙන ඉඩකඩ එන්න එන්නම වැඩිවෙනවා මහත්තයෝ කියලා තමයි කියන්න තියෙන්නේ.

විවිධ හැඩයන්ගෙන් යුත් බෙරය, තම්මැට්ටම්, දවුල් පමණක් නොව රබාන ද ඔවුන්ගේ අලෙවි ද්‍රව්‍ය අතර ප්‍රමුඛස්ථානයක් ගනී. එපමණක් නොව ගෘහයට, ගෘහණියට අවශ්‍ය වංගෙඩිය පවා ඉතා සාධරණ මුදලකට අලෙවි වන ගම්පොළ වැළි ගඟ බෙර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව යළිත් කරුණු කී ප්‍රේමදාස මහතා පැවසුවේ මෙවන් දෙයකි.

පරම්පරාවෙන් රැකගෙන ආ මේ වගේ කර්මාන්ත රැකගැනීමට උදවු කිරීම සෑම අංශයකම වගකීමක් බව පැවසිය යුතුයි. විශේෂයෙන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ කාර්යාලය වගේ ආයතන මැදිහත් වෙලා අපට උදව් කරනවා නම් අපිට මේ කර්මාන්තය ඉදිරියටත් කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන් මේ හැම නිෂ්පාදනයක්ම අප කරන්නේ අපි හදා ගත්ත කුඩා කුඩා උපකරණවලින්. එහෙත් “ලියවන පට්ටලයක්”‍ වගේ තිබ්බා නම් අපිට අපේ කර්මාන්තය ඉතා ලෙහෙසියෙන් හා පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. අපට කවුරුන් හෝ උදව් කරනවා නම් ඒක ලොකු පිනක්.



අදහස් (0)

කාගෙන්වත් පිහිටක් නැති බෙර දවුල් කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ලංකාව ඍජු විදේශ ආයෝජන අරගලයක
2025 පෙබරවාරි මස 03 100 0

ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික


සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගන්න බෑ
2025 පෙබරවාරි මස 03 149 0

වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ


බහලු‍ම් නිෂ්කාශනය ප්‍රමාදය සෙවීමට කමිටුවක්
2025 පෙබරවාරි මස 03 11 0

ආනයනික බහලු‍ම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ


ජනවාරි උද්ධමනය සෘණ 4.0 ක්
2025 පෙබරවාරි මස 03 22 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


චීන රෙද්දට අපේ රෙදිපිළි කර්මාන්ත දාහක් අවදානමේ - සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය
2025 පෙබරවාරි මස 03 13 0

චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි


ඉන්දීය අයවැයෙන් ලංකාවට රුපියල් කෝටි 300ක්
2025 පෙබරවාරි මස 03 14 0

ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 759 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 734 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site