IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


කුඩා -මධ්‍ය ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ගැනීමට 31 ට පෙර අභියාචනා කරන්න

යොහාන් භාසුර

බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ තව දුරටත් සහන ගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් ණය ගනුදෙනුකරුවන්ට මේ මස 31 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම සහන සම්බන්ධයෙන් කිසියම් ප්‍රතික්ෂේප කිරීමක් හෝ මතභේදයක් ඇති වුවහොත් අදාළ බැංකු සම්බන්ධ කරගතයුතු බවත් ඒ සඳහා අභියාචනා කරන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සම්බන්ධකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම බැංකුව පවසයි.  1935 ක්‍ෂණික දුරකථනයෙන් හෝ 0112477000 යන දුරකථනයෙන් හෝ එසේ නැත්නම් 0112477744 ෆැක්ස් අංකයෙන් අධ්‍යක්‍ෂවරයා සම්බන්ධකරගත හැකි බවත් එසේ නැත්නම් [email protected]      යන ඊමේල් ලිපිනයෙන් හෝ අධ්‍යක්‍ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයෙන් හෝ සම්බන්ධ වියහැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.  https://www.cbsl.gov.lk/fcrd යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද එම බැංකුව සමඟ සම්බන්ධවිය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යපාර යළි පණගැන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම පදනම්ව බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (0)

කුඩා -මධ්‍ය ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ගැනීමට 31 ට පෙර අභියාචනා කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

යෝජිත නව ගාස්තු ක්‍රමයෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 200ක් කොටඋඩ
2025 අප්‍රේල් මස 02 28 0

කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටිය


බදු සහන හේතුවෙන් රජයට 2023/24 දී රු. බි. 966 ක් අහිමිවෙලා
2025 අප්‍රේල් මස 02 14 0

රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි ව


DFCC බැංකුවෙන් නව ආයෝජන බැංකුවක්
2025 අප්‍රේල් මස 02 19 0

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාප


LOLC Finance කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අත්හරී
2025 අප්‍රේල් මස 02 19 0

LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි.


ටී. සෙන්තිල්වර්ල් ලංකෙම් සිලෝන්හි තවත් කොටස් මිලියනයක් මිලදී ගනී
2025 අප්‍රේල් මස 02 12 0

මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක


ස්විට්සර්ලන්තය - ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා තර කෙරේ
2025 අප්‍රේල් මස 02 17 0

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 247 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site