IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කුණුකොල්ලෙට විකිණෙන උතුරු මැද බඩඉරිඟු අස්වැන්න

 

  • උතුරු මැද පළාතේ මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු‍ වගාව හෙක්ටයාර් තිස් අටදහසක් 
  • අක්කරයක බඩ ඉරිඟු‍ වගාවකින් කිලෝ ග්‍රෑම් එක්දහස් පන්සීයක්, එක්දහස් හත්සීයක් අතර අස්වැන්නක්
  • විදෙස් රටවලින් ගෙන්වන බඩඉරිඟු‍ ඇට කිලෝවක් රුපියල් 3500ක්
  • ලංකාවේ වාර්ෂික බඩ ඉරිඟු‍ පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් 
  • ශ්‍රී ලංකාවේ වසරකට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 3 20 000ක්
  • බඩ ඉරිඟු‍ ඇට කිලෝවක් නිෂ්පාදනය කිරීමට ශ්‍රමයත් සමග වැයවන මුදල රුපියල් 114ක්
  • හීරළුගම සහ කටුගම්පලගම ගම්මාන දෙකේ පවුල් දෙසීයක් බඩ ඉරිඟු‍ වගා කරලා
  • එහෙත් මිලදී ගැනීමට ගැනුම් කරුවන් නෑ

උතුරු මැද පළාතේ මෙවර මහ කන්නයේ හෙක්ටයාර් තිස් අටදහසක බඩ ඉරිඟු‍ වගා කර තිබේ. ගලෙන් බිඳුණු වැව, යකල්ල, මැදවච්චිය, ඇලයාපත්තුව, ගම්බිරි ගස් වැව, විලච්චිය, තන්තිරිමලේ ආදී ප්‍රදේශවල බඩ ඉරිඟු‍ බහුල ලෙස වගා කර ඇත.
අක්කරයක බඩ ඉරිඟු‍ වගාවකින් කිලෝ ග්‍රෑම් එක්දහස් පන්සීයක්, එක්දහස් හත්සීයක් අතර අස්වැන්නක් ලබාගැනීමට හැකියාව තිබේ. විදෙස් රටවලින් ගෙන්වන ලද දෙමුහුන් ප්‍රභේද මෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබන එම්.අයි.එච්.වයි. 5 ප්‍රභේදයද ගොවීන් අතර විශාල ඉල්ලු‍මක් පවතී. දේශීය බඩ ඉරිඟු‍ බීජ අඩු මිල ගණන් යටතේ පැවතියත් විදෙස් රටවලින් ගෙන්වන ලද බඩ ඉරිඟු‍ බීජ සඳහා විශාල මුදලක් දැරීමට ගොවීන්ට සිදුව තිබේ. ඒ අනුව විදෙස් රටවලින් ගෙන්වන ලද බඩඉරිඟු‍ ඇට කිලෝවක් රුපියල් තුන්දහස් පන්සියයක් පමණ වන මිල ගණන් යටතේ වෙළඳපළේ අලෙවි කෙරේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික පරිභෝජනය සඳහා බඩ ඉරිඟු‍ මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් පමණ අවශ්‍ය වන බව 

 

උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පැවසීය.

එහෙත් දැනට ශ්‍රී ලංකාවේ වසරකට නිෂ්පාදනය කරනු ලබන්නේ බඩඉරිඟු‍ මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ විසි දහසක් පමණි. ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට රජයට සිදුව තිබේ.
උතුරු මැද පළාතේ මෙවර යලකන්නයේ හෙක්ටයාර් විසි දහසකට වැඩි ප්‍රමාණයක බඩ ඉරිඟු‍ වගා කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. වැඩි ප්‍රමාණයක් කුඹුරු ඉඩම්වල වගා කිරීමට තමයි අදහස. මෙපමණ කාලයක් අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය ලබා දුන්නේ නෑ. ඒත් ලබන කන්නේ සිට බඩඉරිඟු‍ වැනි අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදෙන්න සියලු‍ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා කෘෂිකර්ම ඇමතිතුමාගේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒක ගොවීන්ට විශාල සහනයක් වෙයි. ඉදිරියේදී රජයේ මැදිහත්වීම මත බඩ ඉරිඟු‍ මිලදී ගැනීමට වැඩපිළිවෙළකුත් සැලසුම් කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හරහා බඩඉරිඟු‍ මිලදී ගැනීමට තමයි අදහස. ඒත් එය තවම ක්‍රියාත්මක නෑ.
ගොවියකුට බඩ ඉරිඟු‍ ඇට කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රමය සමග ගණන් බැලූ විට රුපියල් එකසිය දාහතරක පමණ මුදලක් වැය වෙනවා. ශ්‍රමය නැතිව රුපියල් අසූ පහක පමණ මුදලක් ඒ වෙනුවෙන් යොදවනවා. ඒ අනුව බැලූ විට ගොවියාගේ නිෂ්පාදනවලට හොඳ මිලක් ඔවුන්ට ලබාදිය යුතුයි. ඉදිරියේ දී දේශීය අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම අපේ රට තුළ නිෂ්පාදනය කර ගොවියා ශක්තිමත් කිරීම තමයි අපේ අරමුණ යැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 අනුරාධපුර දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයත් යා කරන මායිමේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හීරළුගම සහ කටුගම්පලගම යන ගම්මානවල පදිංචි ගොවීන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය බඩ ඉරිඟු‍ වගාව බවට පත්ව ඇති බවයි. ඔවුහු දැනට වසර දහයක පමණ කාලයක සිට බඩ ඉරිඟු‍ වගාවට යොමුව සිටිති.

 

හීරලු‍ගම පදිංචි කේ.එම්.සිරිල් විජේවර්ධන මේසේ පැවසීය.

මේ ගම්මාන දෙකේ පවුල් දෙසීයක් විතර බඩ ඉරිඟු‍ වගාවට යොමුව සිටිනවා. ප්‍රදේශයේ අක්කර තුන් සියයක විතර බඩ ඉරිඟු‍ වගා කර තිබෙනවා. එහෙත් මිලදී ගැනීමට ගැනුම්කරුවන් නෑ. අඩු මිල ගණන් යටතේ බඩඉරිඟු‍ අලෙවි කිරීමෙන් ගොවියාට විශාල පාඩුවක් සිදුවෙනවා. මේ දවස්වල අමු බඩඉරිඟු‍ කිලෝවක් රුපියල් අසූවයි. වියළි බඩ ඉරිඟු‍ කිලෝවක් රුපියල් එකසිය තිස් පහයි. මම මේ ගණන්වලට බඩ ඉරිඟු‍ කිලෝ තුන් දහසක් පමණ අලෙවි කළා.

 
ඒ ගැන හීරළුගම පදිංචි කේ.එම්. දිල්හානි සකුන්තලා පැවසුවේ 

මෙවැනි අදහසකි. අපි කනකර බඩු උකසට තියලා බැංකුවලට ණය වෙලා තමයි ගොවිතැන් කළේ. බඩ ඉරිඟු‍ බීජ ඇට කිලෝ ග්‍රෑම් පහක පැකට්ටුව රුපියල් දාහත් දහස් පන්සියයයි. තව තෙල් පොහොරවලට විශාල වියදමක් යනවා. හාන කුලියත් ඉතා විශාල ගණනක්. එහෙම බැලු‍වම අපිට ඉතුරු වෙන දෙයක් නෑ යැයි ඇය පැවසුවාය.

 

හීරළුගම පදිංචි කේ.එම්. අනුර සංජීව විජේවර්ධන මෙසේ පැවසීය.

බඩඉරිඟු‍ ඇටේ බිමට දාපු දා ඉඳලා අපි දුක් විඳිනවා. මුලින්ම මීයෝ කනවා. පසුව ගහ හැදිලා එනකොට සේනා දලඹුවා හානි කරනවා. කරල් හටගන්නා අවස්ථාවේ ගිරවුන්ගෙන් හානි. එක රංචුවේ දහස් ගණනක් ගිරව් සිටිනවා. රෑට අලිංගෙන් ඌරන්ගෙන් හානි. මෙහෙම කරලා දුක් විඳලා නෙළා ගන්නා අස්වනුවලට නිසි මිලක් නොමැති වීමෙන් ගොවීන් වශයෙන් අපි අසරණ වෙනවා යැයි ඔහු පැවසුවේය.
කලාවැව අතුල බණ්ඩාර නෙළුම්පත්ගම



අදහස් (0)

කුණුකොල්ලෙට විකිණෙන උතුරු මැද බඩඉරිඟු අස්වැන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 45 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 19 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 20 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 26 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 13 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 13 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 482 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 287 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site