IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කොන්ද කෙලින් කිරීමේ උපකරණයක්

ඩුබායි හි පැවැති ඇරැබ් හෙල්ත් ඉන්ටර්නැෂනල් කොංග‍්‍රස් ඇන්ඞ් එක්ෂිබිෂන්’ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවට හා තාක්‍ෂණික ප‍්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ මහතා සහභාගිවිය.

සෞඛ්‍ය හා නවීන තාක්‍ෂණික සොයාගැනීම් විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ එකම ස්ථානයකදී ඉදිරිපත් කෙරන මෙම ප‍්‍රායෝගියක විද්වත් සමුළුව ලෝකයේ පිළිගත් ප‍්‍රධාන නවීන වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රදර්ශනයකි.

භෞත චිකිත්සාවට අදාල ප‍්‍රධාන සමුළුවේදී භෞතික වෛද්‍ය විද්‍යාව සහ පුනරුත්ථාපනය මූලික අංගය විය. ඊට සමගාමීව ලොවපුරා නිර්මාණකරුවන්ගේ නවීන තාක්‍ෂණික උපකරණ භාවිතය පිළිබඳ ප‍්‍රායෝගිකව දැනුම ලබා දෙන්නට විය. 

වරලත් භෞත චිකිත්සක සංගමයේ එක් ව්‍යාපෘතියක් වන බෝ නොවන රෝග වළක්වා ගැනීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ ‘මිනිසාගේ ඉරියව් නිවැරැදි කිරීම මගින් විකෘතිතා වළක්වා ගැනීම’යන මාතෘකාව සඳහා ඉතා වැදගත් පරිගණක හා කුඩා කැමරා භාවිත කර නිෂ්පාදනය කර ඇති ඉරියව් විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇති නවීන උපකරණයක් සමුළුවේදී විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබූහ.  එම උපකරණ වැඩිදියුණු කර ඉදිරි අනාගතයේදී මෙම උපකරණ ලංකාවේදී හඳුන්වාදීමට හැකියාව ලැබෙන අතර ලංකාවේ භෞත චිකිත්සකයන් ඇතුළු ප‍්‍රජාවට අවශ්‍ය දැනුම ලබාදීමට සංගමයේ සභාපති ජාලිය උඩුවැල්ල මහතා සමඟ සාකච්ඡා සිදුකරමින් පවතී.

‘කොඳු ඇට පෙළේ නිවැරැදි වක‍්‍ර පවත්වා ගැනීම සඳහා මෙන්ම ආතතිය පාලනය කිරීම සහ මාංශපේශී ඇදීමට ලක් කිරීම යාන්ත‍්‍රිකව සිදුකරනු ලබන උපකරණ පුහුණුවද ලබා ගැනීමට හැකිවුණා. වේදනාව පාලනය කිරීම සඳහා නිපදවා ඇති උපකරණ මගින් හානියට ලක්වූ මෘදු පටක ස්කෑන් කර ප‍්‍රතිකාර තීරණය කරන පරිගණක ආශ‍්‍රිත උපකරණයක්ද ප‍්‍රායෝගිකව අත්හදා බැලීමට හැකිවුණා. මෙමගින් භෞත චිකිත්සකවරයාට ඉතා පහසුවෙන් ප‍්‍රතිකාර විශ්ලේෂණය කර වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා.

ජපන් ජාතික සමාගමක් විසින් හඳුන්වාදුන් මාංශපේශී හා ස්නායු උද්දීපනය කරන උපකරණය මගින් මාංශපේශී ක‍්‍රියාකාරීත්වය පවතින්නේ කුමන මට්ටමකද යන්න මැන ගත හැකිය. එමෙන්ම එම උපකරණය මගින් ප‍්‍රතිකාර කරන අතරතුර අක‍්‍රීය වූ මාංශපේශී කුමන ආකාරයෙන් වර්ධනයවී ඇත්දැයි අධ්‍යයනය කළ හැකියි.

ලේසර්, චුම්භක ප‍්‍රතිකාර, ධ්වනිය ආශ‍්‍රිත අල්ට‍්‍රාසවුන්ඞ් ප‍්‍රතිකාර මෙන්ම මාංශපේශී උද්දීපනය කිරීම යන සියල්ලම ලබාදීමට හැකි එක කුඩා උපකරණයක් පෝලන්ත සමාගමක් නිපදවා තිබුණි.  විවිධ අනතුරු නිසා හානි වූ කණ්ඩරා, බන්ධනි සහ පේශීවලට ප‍්‍රතිකාර කිරීමේදී එම හානිවූ ස්ථානයේ පටක තරලය හා රුධිරය කැටි ගැසී තන්තු ඒ හා ඇලෙන අතර මේවා ඉවත් නොකළහොත් තුවාලය සුවවීම පමාවන බැවින් අල්ට‍්‍රා සවුන්ඞ් ප‍්‍රතිකාරයට අමතරව භෞත චිකිත්සකවරයා විසින් ෆ්රික්ෂන් නැමැති වේදනාකාරී ප‍්‍රතිකාරය සිදුකරනු ලබනවා.  මෙම ක‍්‍රියාවලිය චිකිත්සකවරයාට වේදනාකාරී වන අතර අනාගතයේදී මහපොට ඇඟිල්ලේ සන්ධිවල ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය ඇතිවීමට ප‍්‍රවණතාවක් තියෙනවා. මෙයට විකල්පයක් ලෙස ෂොක් වේව් නැමැති ප‍්‍රතිකාර ක‍්‍රමයද ප‍්‍රායෝගිකව අත්හදා බැලූවා. එය ලංකාවේ චිකිත්සකවරුන්ට හඳුන්වාදීමට අගනා ප‍්‍රතිකර්මයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙම වැඩමුළුවෙන් ලබාගත් දැනුම ලාංකික භෞත චිකිත්සක හා ශිෂ්‍ය ප‍්‍රජාව වෙත ලාබදීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. එමෙන්ම විදේශ විශේෂඥයන් මෙරටට ගෙන්වා පුහුණු සැසි කීපයක් කිරීමටද එහිදී ගිවිසුම් ඇති කරගත්තා.  එමගින් ලාංකික ප‍්‍රජාවට ඉතා උසස් මට්ටමේ භෞතික සෞඛ්‍ය මට්ටමක් ලබාදීමටත් බෝ නොවන රෝග වළක්වා ගැනීමටත් ඉදිරියේදී අපි කටයුතු සැලසුම් කරනවා.

මෙම අවස්ථාව ලබාදීමට අනුග‍්‍රහය දැක්වූ සුජිත් සමරදිවාකර, ශිරෝමි සමරදිවාකර සහ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කර්නල් පතිරණ යන මහත්ම මහත්මීන්ට විශේෂ ස්තූතිය මා මේ අවස්ථාවේදී පිරිනමනවා‘

dubai_20161273 dubai_201612732 dubai_201612733 dubai_201612734 dubai_201612735



අදහස් (0)

කොන්ද කෙලින් කිරීමේ උපකරණයක්

පහන් Wednesday, 27 January 2016 07:48 PM

ගණන කීයද? කොඳු කැඩුණු කීපදෙනෙක් ඉන්නවා දියවන්නාවේ. හරි තීරණයක් ගන්නම බැහැ එයාලට (නි)

:       0       0

කුමාර් Thursday, 04 February 2016 06:04 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

අජන්ත Thursday, 04 February 2016 10:35 AM

හොඳ නිර්මාණයක්.(හේ)

:       0       0

අජන්ත Thursday, 04 February 2016 10:42 AM

කොන්ද විතරක් නෙවෙයි ඔලු කට්ට ඇතුලේ තියෙන ඒවත් සුද්ද කරන්න පුළුවන් දෙයක්, (හේ)

:       0       0

දිනේත් Tuesday, 02 February 2016 03:20 AM

ලංකාවට ඔය උපකරණ සෑහෙන ඕනෑවෙයි .... (නි)

:       0       0

ඔස්කා අර්වින් Thursday, 28 January 2016 07:19 AM

විජිත්,ඔයාගේ අදහසට මම තවත් කැල්ලක් එකතුකරන්න කැමතියි.." චන්ද කාලේදී, තක්කඩි ,හොර දේශපාලුවන්ගේ බත් මුලට, අරක්කු වීදුරුවට, රුපියල් 1000 ට වහල්වී, ඔවුන්ගේ කිම් අසා නොයෙකුත් මැතිවරණ දුෂනයන්වල යෙදෙන ,දුප්පත් අහිංසක මෝඩ මිනිසුන්ගේ " කොන්ද කෙලින් කිරීමට "ත් මේ උපකරණය බොහෝ සෙයින් උපකාර වේවි. (බ)

:       0       0

චින්තක Tuesday, 02 February 2016 05:32 PM

අපිත් මේවා ගෙන්වමු නේද? (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 11:51 AM

අපේ රටේ නායකයනට නියමයි, (බ)

:       0       0

චාන්දනී Thursday, 28 January 2016 12:46 AM

නියමයිනේ! (නි)

:       0       0

විජිත් Thursday, 28 January 2016 12:54 AM

ඔය වැනි උපකරණ දහසක්වත් අපේ රටට වහාම ආනයනය කරන්න. ඉන්පසුව ඒවා වහාම රජයේ ආයතනවල ප්‍රධානින්, ලේකම්වරු, සහ පොලිසියේ, හමුදාවේ නිලධාරීන් අතර බෙදාදෙන්න. උදේ හවස ව්‍යායාම් කරවන්න. ඊටපස්සෙවත් හොර,තක්කඩි, දේශපාලුවන් ඉදිරියේදී කොන්ද නොනමා, අවංකව රටට සේවය කරන්න ඒ අයට හැකිවේවි. නමුත් මිනිසුන්ගේ කොන්ද කෙලින් කරන ඒ උපකරණය, ශ්‍රී ලංකාවට ආනයනය කිරීම රජයෙන් තහනම් කළොත් ඔබත් මමත් හැමදාම සිටි තැන්වලමයි. රටත් එතනමයි. අපිත් එතනමයි.. (නි)

:       0       0

ලලිත් Thursday, 28 January 2016 09:21 PM

සුද්දෝ, චීන්නු, ජපන්නු මේ වගේ වටිනා සොයාගැනීමක් කළාම ඒකට පේටන්ට් බලපත්‍රයක් අරගෙන තමයි මහජන ප්‍රදර්ශනයට තියන්නේ. අපේ කට්ටිය වැඩේ හොයාගත් ගමන්ම මෙන්න අපේ වැඩ කියලා පෙන්නලා තමයි වැඩිදියුණු කරලා හඳුන්වා දෙන්න හිතාගෙන ඉන්නේ. අද වෙළඳ ලෝකය ඉතාමත්ම වේගවත්. තාක්ෂණය සහ දැනුම හොරකම් කිරීමට විශාල සමාගම් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. ඔය උපකරණය ඇත්තෙන්ම සුවිශේෂි නව සොයාගැනීමක් නම් තව සති, මාස කිහිපයකින් ඒ සමාගම් වලින් පේටන්ට් බලපත්‍රයකුත් සමඟ වෙළඳපොළට එවාවි. ඒ නිසා නව සොයාගැනීම් වලට වෙහෙසෙනවාත් සමඟම ඒවා තමන්ට හෝ රටට ආදායම් මාර්ගයක් වෙන විදියටත් වැඩ කළයුතුයි. මේ අදහසින් මම කිසිසේත්ම එම සොයාගැනීම සහ උපකරණය හෑල්ලුවට ලක්කිරීමට අදහස් කරන්නේ නැහැ. (නි)

:       0       0

වික්‍රම Monday, 01 February 2016 06:26 AM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

රන්දික Monday, 01 February 2016 06:26 AM

මේ වගේ දෙයක් අපේ රටටත් ඕනිකර තිබෙනවා.(හේ)

:       0       0

විජය Thursday, 28 January 2016 10:03 PM

මෙච්චර රටේ හොඳ මිනිස්සු සිටිද්දී මේ කොන්ද පණ නැති අයට කොහු මිටක් තමයි දෙන්න ඕනෑ (නි)

:       0       0

අමල් ප්‍රියන්ත Saturday, 30 January 2016 02:54 PM

විජිත ඔබ හරියටම හරි (බ)

:       0       0

අතුල Wednesday, 03 February 2016 12:18 AM

අපිට බොහොම වැදගත් (නි)

:       0       0

ෂැගී Saturday, 06 February 2016 09:30 AM

කොච්චර හොඳද? (නි)

:       0       0

චාමික Sunday, 31 January 2016 08:54 AM

මටත් එකක් ගේන්න (හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 January 2016 09:14 AM

විජිත්.ඔබ හරි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 January 2016 09:21 AM

විජිත්. ඔබ හරි. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 29 January 2016 10:49 AM

කොන්ද කෙලින් තියා ගන්න මැෂින් එකක් හරි තෙල් බෙහෙතක් හරියට සොයා ගත්තනම් ලංකාවට වටිනවා , මොකද අද බහුතරය කොන්දක් කෙලින් තියන් කතා කරන්න බය , බේරී , ක්‍රියා කරන්න බේරී කොටසක් , නිපැයුම අගය කරමු (කෞ)

:       0       0

ජගත් Saturday, 06 February 2016 10:53 AM

අපිට හොඳයි.(හේ)

:       0       0

ජනිදු Saturday, 06 February 2016 11:00 AM

අපේ පොලිසියට මේක හොදට ගැලපෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 433 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 149 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 150 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 140 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 41 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 25 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site