IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කබලෙන් ළිපට වැටෙන දිඹුලාගල වී ගොවියෝ

වී කිලෝවකට රැ.150ක්වත් නැත්නම් පාඩුයි

මේ කන්නයේ වුණේ 

ලෙ​ාකු ආර්ථික පාඩුවක්

ගොවියාත් සහල් පාරිභෝගිකයාත් දෙපිරිසම අමාරැවේ


මනම්පිටිය නිමල් ජයරත්න 


පොලොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ පළමුවරට මැද කන්නයේ වගා කළේය. එම කුඹුරුවල වී අස්වනු නෙළීමත් සමග රජයේ සහතික මිලට වී මිලදීගැනීමේ  වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා පොලොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් වී මිල පහත දමා ඇති බව දිඹුලාගල ගොවීහු චෝදනා කරති. මෙවර දිඹුලාගල මහවැලි කොට්ඨාසයට  අයත් ඉද්දෙපිච්ච වැව බෙදුම්මල ගොවිසංවිධානය මගින් කුඹුරු අක්කර 700 කට ආසන්න සංඛ්‍යාවක් පළමුවරට මැද කන්නයේ වගා කළ අතර එම වී අස්වනු නෙළීමත් සමග පොලොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවල වී මෝල් හිමිකරුවන් වියළන ලද වී නාඩු වී කිලොවක් රුපියල් 110 කටත් අමු නාඩු වී කිලෝවක් රුපියල් 108 කටත් මිලදී ගැනීමට පෙළඹී ඇති බව ගොවීහු කියති.

එලෙස තුට්ටු දෙකට ලබාගන්නා වී  තොග සහල් බවට පත්කර  පොලොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන්  ඒවා සහල් බවට පත්කර කිලෝවක් රුපියල් 240 ත් 260 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීම බරපතළ අසාධාරණයක් බවත් මෙම තත්වය සැලකිල්ලට ගනිමින් රජය ඉතා කඩිනමින් තමන්ගේ වී සාධාරණ සහතික මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කළයුතු බව දිඹුලාගල ගොවීහු පෙන්නා දෙති.  මෙවර මැද කන්නේ වගා කරන ලද  තම වී වගාවෙන් කොටසක්  පසුගිය කාලය පුරා ඇදහැලුණු අධික වර්ෂාවට හසුවීමත් සමඟම නෙළීමට නොහැකි මට්ටමේ පවතින බවත්, ඇතැම් වී අස්වනු සහ ගොයම් වර්ෂාවට හසුවීමෙන් විනාශ වී ඇති බවද ගොවීහු ප්‍රකාශ කරති. මහවැලි බි කලාපයේ ඉතිහාසයේ පළමුවරට දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ මැද කන්නයේ වගා කරන ලද නාඩු වී කිලෝ ලක්ෂ එකොළහක් රජයට ලබාදීමට සූදානම් වුවද රජය එම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්, මෙම තත්වය මත පිටරටින් සහල් ගෙන්වා පාරිභෝගයන්ට වැඩි මිලට සහල් අලෙවි කිරීමට පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන්ට ඉඩ සලසා දීම බරපතළ අසාධාරණයක් බවද දිඹුලාගල කොට්ඨාසයේ ඉද්දෙපිච්ච වැව බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති උෂාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

වී වගාව සඳහා යෙදවුම් මෙන්ම තෙල් පොහොර සහ අනෙකුත් වියදම් සලකා බලන කල අක්කර දෙකහමාරක කුඹුරක් වගා කිරීම සඳහා රුපියල් ලක්ෂ  හතරත්, හතර හමාරක වියදමක් පමණ යන බවත්, එම වියදම් පියවා ගැනීමට නම් මෙවර රජය මගින් වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කළ යුතු බවද වික්‍රමසූරිය මහතා කීවේය.  බලයට පත්වන ආණ්ඩු යල මහ දෙකන්නයේදීම ගොවියාගේ වී මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නො කිරීම නිසා ගොවියාගේ වී අස්වනු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් සහ වී මෝල් ව්‍යාපාරිකයන්ට තුට්ටු දෙකට  ලබාදීමට ගොවියාට සිදුව ඇති බවත්, එලෙස ලබා ගන්නා වී තොග මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සහල් බවට  පත්කර සහල් කිලෝවක් රුපියල් දෙසිය පනහකට වැඩි මිලකට අලෙවි කිරීම හරහා ගොවියාටත් සහල් පාරිභෝගිකයාටත්  දැඩි අලාභයක් සහ අසාධාරණයක් සිදුවි ඇති බවද වික්‍රමසූරිය මහතා පෙන්වා දුන්නේය. දිඹුලාගල සොරුවිල මෙවර මැද කන්නයේ වී වගා කළ ගොවි මහතකු වන 58 වියැති යූ.එම්.සිරිපාල    මහතා, මෙවර මැද කන්නයේ නෙළූ වී අස්වැන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තුට්ටු  දෙකට ලබාදීමට සිදුවීමෙන් ආර්ථික වශයෙන් සිදුව ඇති හානිය මෙලෙස කීවේය..

 ''  අක්කර දෙක හමාරක කුඹුරක් වී වගාව කිරීම සඳහා යන වැඩ කුලී, පොහොර,තෙල්, වියදම්, සීසාන්න වගේම බිත්තර විවලටත් ගත් කල රුපියල් ලක්ෂ හතරක්, හතර හමාරක් යනවා. සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින්  වී කිලෝ 5000 ක් ලබා ගත්තොත්, වී කිලෝවක්  රුපියල් සීයකට දුන්නොත් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි වි  කිලෝවකට ආණ්ඩුවෙන් රුපියල් 150  ක සහතික මිලක් ඉල්ලන්නේ.ගොවි සංවිධාන, ගොවියා එක්ක සාකච්ඡා නොකර රජයට හිතුණු සහතික මිලක් නියම කරනවා. ඉතින්  ණයතුරුස් ගෙවා ගන්න ඒ මිලට වී ටික දුන්නට පස්සේ අතින් පාඩු සිද්ධ වෙනවා. හැම සැරේම අපිට සිදුවුණේ ඔය ටික.මොන ආණ්ඩුවක් බලයට පත්වුණත්  වී ගොවීන් ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙනවා. ඒ වගේම වී වගාවට නිසි මිලක් නොමැති කම නිසා හැමදාමත් අපිට වී වගාවෙන් මහා පාඩුවක් වෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා වත්මන් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවුරුදු ගාණක් වී ගොවින්ගේ ප්‍රශ්න සමග සටන් කළා. උද්ඝෝෂණය කළා.  එතුමත් නිහඬව සිටියා. ඉතින් ගොවියාගේ දහඩිය,  කඳුළ, හඳුනන නාමල් කරුණාරත්න මහතාගෙන් අපි ඉල්ලීමක් කරනවා ගොවියාගේ වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක්වත් ලබා දෙන්න කියලා,

මහවැලි බී කලාපයේ වැලිකන්ද නෙළුම්වැව ගම්මානයේ  එච්. එම්. ධර්මපාල මහතා මෙවර වී අස්වනු  පිළිබඳව මෙලෙස අදහස් දැක්වූයේය.

''මහවැලි බි කලාපයේ ගොවීන් විසිපන්දහකට වැඩි ගණනක් අක්කර හැටපන්දහසක් පමණ යල මහා දෙකන්නයේ වී වගා කරනවා. මේ හැම ගොවියකුගේම කුඹුරු, අඩු, වැඩි, වශයෙන් පසුගිය වර්ෂාවට අහුවෙලා විනාශ වුණා. පීදෙමින් තිබෙන ගොයමත් අහුවෙලා ලොකු විනාශයක් වුණා. ගංවතුරට අවස්ථා තුන හතරකදීම අපේ කුඹුරු යටවුණා. පූදින වයසේ ගොයම් යටවුණාට පස්සේ අස්වැන්නක් ලැබෙනකම් අපිට ලබාගත හැකි ප්‍රමාණයක් කියන්න බෑ. ඒ නිසා අපිට වගේම මහවැලි බී කලාපයේ ගොවියාට මෙවර සාර්ථක වි අස් වැන්නක් ලබාගන්න බැරිවෙයි. ඒ නිසා ලොකු ආර්ථික පාඩුවක් අපිට සිදුවෙයි. රිදීපොකුණ ඩි 09 ගොවි සංවිධානයෙන් කුණු  ඇළක් කපපු නිසා මාදුරුඔය ආපු මහා ජලකඳක් අපේ, පීදෙමින් තිබූ කුඹුරු අක්කර හැට හැත්තෑවක් විනාශ වුණා. ගොවියෝ හතළිහකට පනහකට විතර ඒකෙන් වී අස්වැන්නක් ගන්නම විදිහක් නෑ.මෙම සියලු තත්වය සැලකිල්ලට ගෙන වී කිලෝවකට රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කරන ලෙස ජනාධිපතිතුමාගෙ වගේම කෘෂිකර්ම බලධාරින්ගෙන් අපි මහවැලි බි කලාපයේ ගොවියෝ හැටියට ඉල්ලීමක් කරනවා යැයි ද ධර්මපාල මහතා කීවේය.  

 මේ පිළිබඳව රජය නියෝජනය කරන පොළොන්නරුව දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සුනිල් රත්නසිරි මහතාගෙන් කළ විමසීමකදි ඒ මහතා සඳහන් කළේ ගොවියා වී කිලෝවක්  නිෂ්පාදන කිරීමට යන වියදම් සැලකිල්ලට ගනිමින් සාධාරණ සහතික මිලක් මෙවර නියම කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.  

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව පො​ෙලාන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයකු සඳහන් කළේ මෙවර රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සමූපකාර හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව ගබඩා ශුද්ධ පවිත්‍ර කරමින් මෙම මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්ය.



අදහස් (1)

කබලෙන් ළිපට වැටෙන දිඹුලාගල වී ගොවියෝ

Hasith Thursday, 06 February 2025 06:20 PM

දේශගුණික හේතු මත වගාහානි වුණු ඒවා වී මිලට එකතු කරලා දෙන්න කියන එක සාධාරණයි නේද? වගා හානි වෙනුවෙන් රජයෙන් වෙනම රක්ෂණ වන්දි ලබාගන්න ඕනෑ... මොකද බත් මේ රටේ ප්‍රධාන ආහාරය... හාල් මිල අහස උසට වැඩි වුණාම මිනිස්සු කන්නේ මොනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 54 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 22 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 24 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 31 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 17 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 17 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site