IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 10 වැනි වසරටත් ලොව ප්‍රමුඛම බැංකු 1,000 අතරට

මෙම වසරේ ලොව ප්‍රමුඛම බැංකු වර්ගීකරණයේ ස්ථාන 51ක් ඉහළට යමින් මෙරට බැංකු ක්ෂේත්‍රයට ගෞරවයක් අත්කර දීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත.

පිට පිට වසර 10ක් මෙම ගෞරවනීය ලැයිස්තුවට ඇතුළත් වූ මෙරට එකම බැංකුව වන්නේ ද කොමර්ෂල් බැංකුවයි.

එංගලන්තයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් ප්‍රකාශයට පත්කරන ‘ද බෑන්කර්’ සඟරාව 50 වැනි වරට ප්‍රකාශයට පත් කළ ලෝකයේ ප්‍රමුඛම බැංකු1000 වර්ගීකරණයේ 878 වන ස්ථානයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධනය මෙම වර්ගීකරණය සඳහා මූලික වශයෙන් පාදක කරගෙන ඇත.

ලොව ප්‍රමුඛම බැංකු 1000 වර්ගීකරණයට මුලින්ම ඇතුළත් වූ දේශීය බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි.

මෙම වර්ගීකරණයේදී ‘ද බෑන්කර්’ සඟරාව මූලික වශයෙන් පළමු පෙළ ප්‍රාග්ධනය පදනම් කරගනිමින් අංක 1 සිට 1000 දක්වා බැංකු වර්ගීකරණය කරන අතර ලොව බැංකු ක්ෂේත්‍රයේ වඩාත් ඇගයීමට ලක්වී තිබෙන වර්ගීකරණයක් වන ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයේ කලාපීය ලැයිස්තුව සකස් කිරීමේදී සඟරාවේ කර්තෘ මණ්ඩලයේ අදහස්ද සැලකිල්ලට ගනී.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්, මෙම වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගත්තේය. පසුගිය වසර අවසන් වනවිට රුපියල් ට්‍රිලියන 1.4ක වත්කම්, රුපියල් බිලියන 150ක දළ ආදායමක්, රුපියල් බිලියන 17.4ක ශුද්ධ ආදායමක්, රුපියල් ට්‍රිලියන 1.07ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 930.7ක ශුද්ධ ණය සහ ලැබීම් බැංකුව සතු විය.

ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සැලකීමේදී බැංකුවේ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන ආරක්ෂණ සමග) 2019 දෙසැම්බර් 31 වනදා වනවිට සියයට 12.398 ක්වූ අතර බාසල් III යටතේ 2019 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වූ අවම අවශ්‍යතාවය වූ සියයට 10 ක මට්ටමට වඩා මෙය ඉහළින් තිබීම කැපී පෙනේ. මේ අතර, බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය සියයට 16.146 ක් වී තිබෙන අතර එය බාසල් III යටතේ වන අවම අවශ්‍යතාවය වන සියයට 14 ක මට්ටමට වඩා ඉහළින් තිබේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ මෙරට එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී එම බැංකුව ආරම්භ කිරීමේ සියවැනි වසර සමරයි. කොමර්ෂල් බැංකුව සතුව බැංකු ශාඛා 268 තිබෙන අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

055



අදහස් (7)

කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 10 වැනි වසරටත් ලොව ප්‍රමුඛම බැංකු 1,000 අතරට

සෙනෙවිරත්න Thursday, 09 July 2020 04:31 PM

දුප්පත් මිනිස්සු 10 දෙනෙකුට ණය දීලද අහන්න. සාමාන්‍ය මිනිස්සුන්ගේ තැන්පතු බාරගත්තාට ණයක් ගන්න පුළුවන්ද ඔය බැංකුවෙන්..?

:       128       174

pushpanandaSaturday, 08 August 2020 10:29 AM

දුප්පත් අයට කිසිම ණයක් මේ බැංකුවෙන් ලබාගන්න බැහැ.

:       1       5

pushpanandaSaturday, 08 August 2020 10:37 AM

ඒ අය ගරු කරන්නේ පොහොසත් මිනිසුන්ට විතරයි.

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 12:54 PM

කොමර්ෂල් බැංකුවට අපගේද හදපිරි සුභාශිංසනය.. සත්‍ය වශයෙන්ම රාජ්‍ය බැංකු හා සැසඳීමේදී කොමර්ෂල් බැංකුව ගනුදෙණුකරුවන් වෙත දක්වන සුවිශේෂි වූ හදපිරි ලෙංගතුකම කැපවීම ගැන සැබැවින්ම එම බැංකුවට ස්තුතිවන්ත විය යුතුයි. රාජ්‍ය බැංකු හා සැසඳීමේදී කොමර්ෂල් බැංකු නිලධාරීන්ගේ විනය හා සිනහමුසු මුහුණු කාර්යශූරත්වය ආදී සියලු දෙයින් අප සැනසීම තුළින් අපගේ සියලු කටයුතු බැංකුවට පරිභාහිරව වුවද, සාර්ථක වේ. මෙවන් උසස් සංවර සිනහමුසු බැංකු නිලධාරීන් හා ඔවුන්ගේ සේවය ලැබීමට අප ලත් භාග්‍යය අතිමහත් බව පවසනුයේ හද පිරි සතුටිනි.

:       1273       178

R.V.G.Perera Friday, 24 July 2020 08:43 AM

ආරක්ෂක නිලධාරියාගේ පටන් හොඳ කළමනාකාරීත්වයක් ඇති විශිෂ්ඨ බැංකුවක්... පාරිභෝගිකයාට හිතෛෂී බැංකුවකි.

:       126       25

සෙනෙවිරත්න Friday, 14 August 2020 07:06 AM

මේකෙන් ණය මුුදලක් ගත් සරමක් ඇඳපු මිනිහෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. නැත්නම් කුඩා පරිමාණයේ වඩු බාස් කෙනෙක් මේසෙන් කෙනෙක්, කුඩා ප්‍රමාණයේ කඩ කාරයෙක් ඉන්නවද? රාජ්‍ය බැංකු මෙන් අවධානම් ව්‍යවසායකයෙකුට ණය දෙනවාද? සුහදතාවය තම පන්තියට පමණි. එබැවින් මෙම බැංකුව සමාජයේ පොදු සාම්පලයක් ලෙස සැලකිය නොහැක.

:       48       6

Nilantha GamageTuesday, 08 September 2020 12:39 PM

කොමර්ෂල් කියන්නේ වාණිජ කියන එක... වාණිජ බැංකු ණය දෙන්නේ ව්‍යාපාරිකයින්ට එහෙම නොකරපු වාණිජ බැංකු 1000 අතරට එන්නේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 81 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 344 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර
2024 අගෝස්තු මස 13 175 0

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස


NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී
2024 අගෝස්තු මස 12 125 0

ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුව


LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව
2024 අගෝස්තු මස 09 94 0

ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.


campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි
2024 අගෝස්තු මස 06 393 0

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site