IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් වර්ධනයක්

කොමර්ෂල් බැංකු සමූහය 2021 ජූනි 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලය තුළදී ප්‍රධාන දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබේ. දෙවැනි කාර්තුව තුළදී ණය පොත රුපියල් ට්‍රිලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පෞද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුහන් කර ඇතැයි එම බැංකුව නිවේදනය කර තිබේ.

කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය මෙම කාල සීමාව තුළදී රුපියල් බිලියන 79.931 ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර එය 2020 වසරේ පළමු අර්ධය සමග සැසඳීමේදී සියයට6.34 ක වර්ධනයකි. එසේම, මෙය 2021 දෙවන කාර්තුව සඳහා ද සියයට 11.23 ක වර්ධනයකි.

බැංකු සමූහය 2021 පළමු කාර්තුවේදී ලබාගත් ඍණ සියයට 2 ක පොලී ආදායම් වර්ධනය දෙවන කාර්තුව වනවිට සියයට 9 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර 2021 පළමු අර්ධය අවසානයේදී රුපියල් බිලියන 63.355 ක පොලී ආදායමක් ලබාගෙන තිබෙන්නේ පෙර වසරේ පළමු අර්ධයට සාපේක්ෂව සියයට3.22 ක වර්ධනයක් පෙන්වමිනි. සලකා බලන කාලය තුළදී සමූහයේ පොලී වියදම සියයට16.65 කින් රුපියල් බිලියන 32.197 ක් දක්වා අඩුවී තිබෙන අතර සලකා බලන කාල සීමාව තුළදී සමූහය විසින් රුපියල් බිලියන 31.158 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කරගෙන තිබේ. එය මාස හය සහ දෙවැනි කාර්තුව සඳහා පිළිවෙළින් සියයට36.86 ක සහ සියයට 57.06 ක වර්ධනයකි.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසුවේ බැංකුවේ තැන්පතු වලට සාපේක්ෂව ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ තැන්පතු අනුපාතය ^CASA ratio& 2020 අවසානයේ තිබූ සියයට 42.72 ක සහ 2020 ජූනි තිබූ සියයට 40.79 මට්ටමේ සිට සියයට 45.37ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

‘‘අපගේ ණය පොත රුපියල් ට්‍රිලියන 01 ක සීමාව පසුකිරීම මගින් අපි තව තවත් දිරිමත් වූ අතර ප්‍රධාන ශේෂ පත්‍ර දර්ශක 3ක් රුපියල් ට්‍රිලියනයේ සීමාව පසුකළ ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙනවා. අපගේ වත්කම් 2016 වසරේදී මෙම සීමාව පසුකළ අතර 2019 වසරේදී තැන්පතු ප්‍රමාණය මෙම සීමාව පසුකිරීමට සමත් වුණා,’’ යනුවෙන් රෙන්ගනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.

සලකා බලන මාස හයක කාලය තුළදී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම සියයට30.78 කින් වර්ධනය වී රුපියල් බිලියන 46.344 ක්වූ අතර හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ සඳහා වෙන්කළ ප්‍රතිපාදන රුපියල් බිලියන 13.654 ක් දක්වා සියයට47.44 කින් ඉහළ නැග ඇත.

මේ හේතුවෙන් සලකා බලන කාලයේදී සමූහයේ මෙහෙයුම් ආදායම සියයට 24.88 කින් රුපියල් බිලියන 32.690 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙහෙයුම් වියදම් සියයට8.42කින් වර්ධනය වී රුපියල් බිලියන 14.079 ක්වී ඇත. මේ නිසා, සලකා බලන මාස හයක කාලය තුළදී කොමර්ෂල් බැංකු සමූහයේ මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු වලට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 18.611 ක්වී තිබේ. මෙය පෙර වසරේ මුල් මාස හයට සාපේක්ෂව සියයට41.09 ක ශක්තිමත් වර්ධනයකි. සලකා බලන කාල සීමාව තුළ මූල්‍ය සේවා මත අයකළ අගය එකතු කිරීමේ බදු ප්‍රමාණය සියයට37.82 කින් රුපියල් බිලියන 2.857 ක් දක්වා වර්ධනය වූ අතර ආදායම් බදු වලට පෙර බැංකු සමූහය රුපියල් බිලියන 15.754 ක ලාභයක් 2021 මුල් අර්ධය තුළදී වාර්තා කිරීමට සමත්ව තිබේ. එය 2020 මුල් මාස හයට සාපේක්ෂව සියයට41.71 ක වර්ධනයකි.

සලකා බලන කාල සීමාව තුළදී 2020 ආදායම් බදු සම්බන්ධ ප්‍රතිපාදනයන් වෙනස් කිරීම නිසා ආදායම් බදු සියයට 7.33 කින් අඩුවී රුපියල් බිලියන 3.400 ක්වී තිබේ.

මේ හේතුවෙන් 2021 මුල් මාස හය තුළදී කොමර්ෂල් බැංකු සමූහය බදු වලට පසු රුපියල් බිලියන 12.354 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය සියයට 65.87 ක වර්ධනයක් වන අතර දෙවැනි කාර්තුවේ පමණක් සියයට 52.93 ක වර්ධනයක් ලබාගැනීමට සමත්ව ඇත. වෙනම ගත්විට මෙම කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකුව බදුවලට පෙර රුපියල් බිලියන 15.420 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය සියයට47.61 ක වර්ධනයකි. 2021 මුල් මාස හය තුළදී කොමර්ෂල් බැංකුව බදු වලට පසුව රුපියල් බිලියන 12.134 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 74.31 ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම කාල සීමාව තුළ බැංකු සමූහයේ සමස්ත වත්කම් 2021 ජූනි 30 වැනිදා වනවිට රුපියල් බිලියන 172 කින් හෙවත් සියයට 9.77 කින් රුපියල් ට්‍රිලියන 1.935 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, ගෙවීගිය මාස 12 තුළ බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 368 කින් හෙවත් සියයට 23.49 කින් වර්ධනය වී ඇත.

සේයාරූ සටහන - කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ්‍රීපවන් සහ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන්



අදහස් (1)

කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් වර්ධනයක්

gagana Saturday, 28 August 2021 11:39 AM

අධ්‍යාපනයට විදේශගතවන දරුවන්ගේ වියදමට අවශ්‍ය අනුමත ප්‍රමාණවත් විදේශ මුදල්වත් ලබා නොදෙන, 3.4% හිඟන පොළී ගෙවගෙවා තව ලැජ්ජා නැතුව කියනවා බැංකුව ශක්තිමත් වෙලාලු...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 2 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 14 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 279 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 271 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 141 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 174 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site