තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ (COYLE-කොයිල්) 2025 වසර සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය මාර්තු 10 වැනිදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම රැස්වීම, ආර්ථීක සංවර්ධනයේ හා නවෝත්පාදනයේ ඉදිරි ප්‍රවණතා පිළිබඳ මඟ පෙන්වන තීරණාත්මක අවස්ථාවක් වූ අතර, ආර්ථීක වර්ධනය හා ගෝලීය ව්‍යාප්තිය පිළිබඳ නව ප්‍රවේශයක් ලබා ගැනීමට ප්‍රමුඛ අවස්ථාවක්ද විය.
මෙම අවස්ථාවේදී, COYLE හි 2025/2026 වසර සඳහා නව සභාපති ලෙස මංජුල විජේසුන්දර මහතා පත් කර ගන්නා ලදී. 2024/2025 කාලය සඳහා සභාපති ලෙස කටයුතු කළ තුෂිර රදෙල්ලගේ මහතා, නවෝත්පාදනය පෙරදැරි කරගෙන සිදු කළ මෙහෙවර මෙහිදී සුවිශේෂී ඇගැයුමකට ලක් විය.
තුෂිර රදෙල්ලගේ මෙහෙයවීම යටතේ, COYLE ශ්‍රී ලංකා ව්‍යවසායකයන් සඳහා ප්‍රමුඛ පහසුකම් සලසන්නකු ලෙස තවත් ශක්තිමත් විය. නව ව්‍යාපාරික අවස්ථා වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම, නවෝත්පාදනය, ව්‍යාපාරික උන්නතිය වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සහ කර්මාන්ත සංවර්ධනය යන අංග මත කේන්ද්‍රගතව ඔහු කටයුතු කළේය. මෙමගින් ඔහු ආයතනයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් ශක්තිමත් අධිතාලමක් දැමූ අතර, එය අනාගත වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ.
ජාත්‍යන්තර වෙළෙඳාමේ මනා පළපුරුද්දක් සහිත, විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවල විශේෂඥතාවක් ඇති ව්‍යවසායකයකු ලෙස, මංජුල විජේසුන්දර මහතා COYLE හි නව නායකත්වය භාර ගැනීම වැදගත් අවස්ථාවකි. “මංජු ඒජන්සි” හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඔහු, ශ්‍රී ලංකාවේ විශාලතම යතුරුපැදි අමතර කොටස් බෙදාහැරීමේ ජාලයක ප්‍රමුඛයා ලෙස කටයුතු කරයි. දිවයින පුරා වෙළෙඳ නියෝජිතයන් 300කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්තව පවතින ඔහුගේ මෙම බෙදාහැරීමේ ජාලය නව රැකියා ජනිත කරමින් දේශීය ආර්ථීකය පෝෂණය කිරීමට මහත් කටයුත්තක් සිදු කරයි.
ශ්‍රී ලංකාව පමණක් නොව, චීනයේ නිංබෝ මැචි ඉම්පෙක්ස් සමාගම හි අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු ජාත්‍යන්තර මෝටර් අමතර කොටස් වෙළෙඳපොළේ තවත් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි. Industrial Multiclean Systems (IMS) හරහා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා ලෝකප්‍රකට කාර්මික පිරිසුදු කිරීමේ උපකරණ සහ හෝටල් සැපයුම් උපකරණ සේවා සැපයීමේ කාර්යයේද ඔහු නිරත වේ. The Garden Fusion Café ඔහුගේ නවතම ව්‍යාපාරයයි, එය ශ්‍රී ලංකා රසයන් ඉතාලි කෝපි සංග්‍රහය සමඟ එක්සත් කරමින් ආහාරපාන ක්ෂේත්‍රයේ නව්‍යතා හඳුන්වා දීමට ඉදිරිපත් ව ඇත.
COYLE හි නායකත්වය භාරගෙන ඇති මංජුල විජේසුන්දර, ව්‍යාපාරික සංවර්ධනය, ගෝලීය ව්‍යාප්තිය, විනිවිද පෙනෙන ප්‍රතිපත්ති සම්පාදනය සහ සාමූහික වර්ධනය යන මූලික අරමුණු මත අවධානය යොමු කරමින් සිය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය. ඔහු COYLE හි ජාත්‍යන්තර නායකත්වය වර්ධනය කිරීමට අරමුණු කරමින්, G20 යොවුන් ව්‍යවසායක සන්ධානය හරහා ගෝලීය ජාලකරණය ශක්තිමත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. ඒ අනුව මියන්මාරය, දකුණු කොරියාව සහ අනෙකුත් රටවල් සමඟ නව අවබෝධතා ගිවිසුම් (MOUs) ඇති කිරීම මගින් අදාළ රටවල් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගනිමින්, එම රටවල ව්‍යාපාරික අවස්ථා වර්ධනය කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ Ease of Doing Business ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම සඳහා, ඔහු ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ සමීපව ක්‍රියාකරමින්, ව්‍යාපාර නීති සරල කිරීම සහ යහපාලනය, විනිවිද බව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. COYLE සාමාජිකයන් සියලු දෙනා එක්සත් කර ගනිමින්, සාමූහික පදනමින් ආයතනයේ හා ආර්ථිකයේ අරමුණු සාක්ෂාත් කිරීමට කටයුතු කරනු ඇත.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොයිල් AGM 2025: වර්ධනය හා ගෝලීය පුළුල් කිරීමේ නව යුගයක ඇරඹුමක්