සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපකරණ සහ උපාංග නිෂ්පාදන සමාගමක් වන The ME Group චීනයේ හොඳම විදුලි උපකරණ සහ උපාංග නිෂ්පාදන සමාගම් සියය අතර සිටින Devolt Electric Limited ආයතනය සමඟ එක්ව විදුලි නිෂ්පාදන අගය එකතු කර ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරයක් ඉකුත්දා ආරම්භ කළේය.
මෙයට අමතරව එම චීන සමාගම නිෂ්පාදනය කරන විදුලි උපකරණ 108ක් මෙරටට ගෙන්වා බෙදා හැරීමටද කටයුතු ආරම්භ කළ බව The ME Group සමාගම් සමූහයේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා පැවසීය.
තම සමාගමේ නිෂ්පාදන ලොවපුරා රටවල් ගණනාවකට අපනයනය කෙරෙන බවත් එය වඩාත් වැඩිදියුණු කරමින් Dvolt සන්නාමය යටතේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ආදායම් ගෙන්වා ගැනීමට සිය ව්‍යාපාරය පුළුල් කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම නව ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පෙරේදා(10) පැවැත්විණ.
ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ මහා පරිමාණ අංශයේ හොඳම වෙළඳ සන්නාමය ලෙස Devolca ගෞරව සම්මානයට පාත්‍ර වූ බවද මෙහිදී ප්‍රකාශ විය.
මෙම උත්සවයට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය එම්.සී සපුමලගේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ සහ The ME Group ආයතනයේ උපසභාපතිනි කුමාරි සමරවික්‍රම,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ෂෙහාන් සමරවික්‍රම, සෙනිත් සමරවික්‍රම සහ සෙනාල් සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘කරන්ට් බඩු” රට පටවන මෙහෙයුම ඇරඹේ