IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


කර්මාන්ත සංවර්ධන මණ්ඩලය CIPM ආයතනය සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන ඉතිහාසයට නව ආරම්භයක් සනිටුහන් කරමින්, රාජ්‍ය ආර්ථිකයට ඍජු දායකත්වයක් සපයන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) ආයතන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යන ජාතික කර්තව්‍යයට උරදෙමින්, 600කට ආසන්න කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සියලු සේවක පිරිසගේ රැකියා විස්තර (Job Description) සැකසීම සහ ආයතනයේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සෑම සේවකයකු වෙනුවෙන්ම ප්‍රධාන කාර්ය සාධක දර්ශක (KPI) නියම කිරීම යන කර්තව්‍යය සිදු කිරීමෙන් තම ආයතනයට නව මුහුණුවරක් ලබාදීම වෙනුවෙන් මානව සම්පත් කළමනාකරණය අධ්‍යයනය සඳහා ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම මොරටුව, කටුබැද්ද පිහිටි ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා සිදු කරන ලදී.
IDB ආයතනය නව පරිච්ඡේදයකට මුලපුරන මෙම කර්තව්‍යයේදී CIPM ආයතනය වෙනුවෙන් විශේෂඥ උපදේශක සහ ආයතනික පුහුණුකරු ප්‍රසන්න ලියනආරච්චි මහතා විසින් තම දැනුම, නොමසුරු දායකත්වය සහ මගපෙන්වීම IDB කාර්ය මණ්ඩලය වෙත ලබා දෙනු ඇත. 
මෙම අවස්ථාවට IDB ආයතනය නියෝජනය කරමින් එහි සභාපති රවී නිස්සංක, අධ්‍යක්ෂ ජෙනරාල් සුරංග ගුණරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ආචාර්ය එන්.සී. සපුමානගේ, සුජිත් බෝම්ඹුවල, ගාමිණී විජේකෝන්, මංගල සිල්වා යන මහත්වරු සහභාගි වූ අතර CIPM ආයතනය නියෝජනය කරමින් වෘත්තීය හා අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජී. වීරතුංග, ව්‍යාපාර පාසල් මෙහෙයුම් කළමනාකාරිනී ලශිකා ලියනාරච්චි සහ තිරසරභාවය සහ පහසුකම් කළමනාකරණය පිළිබඳ ප්‍රධානී චන්දිම පින්සිරි යන අය සහභාගි වූහ.



අදහස් (0)

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය CIPM ආයතනය සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මිදුණේ IMF සහායෙන්
2025 අප්‍රේල් මස 25 54 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


IMF හතරවැනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාව මෙම සතියේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති
2025 අප්‍රේල් මස 25 24 0

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර පවතින විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එක


මාර්තුවේදී තේ ඵලදාව ඉහළට
2025 අප්‍රේල් මස 25 31 0

මේ වසරේ මාර්තු මාසයේදී මෙරට තේ ඵලදාව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4ක් ලෙස සටහන් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.


‘‘සංචාරක උදාව 2025’’ මැයි 23 සහ 24 BMICH හිදී
2025 අප්‍රේල් මස 25 26 0

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව 2025“ සංචරණ සහ සං


ලංකාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේදී ජාත්‍යන්තර ගුවන්සේවා සමුළුවක්
2025 අප්‍රේල් මස 25 14 0

දකුණු ආසියානු රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා පිහිටුවා ගනු ලැබූ COSCAP - South Asia (Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia) සංවිධානයේ 32 වන සමුළුව ඉකුත


අපනයන සංවර්ධනයට පළාත් මට්ටමෙන් විධිමත් වැඩපිළිවෙළක්
2025 අප්‍රේල් මස 25 16 0

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 825 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 383 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 538 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site