IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


කල්පිටියේ ගෝවා කිලෝව රුපියල් 5 යි

(පද්මා කුමාරී කංකානම්ගේ )

මේ දිනවල සාමාන්‍ය වෙළද පොලේ එළවලු මිළ ගණන් ඉහළ ගිය ද කල්පිටියේ ගෝවා මිල කිලෝව රුපියල් පහ දක්වා පහළ ගොස් තිබේ.

මේ හේතුවෙන්  ගෝවා වගාවේ නිරත වූ ගොවීන්ට ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව ඇතැ යි  ගොවීහු කියති.

මේ පිළිබදව අදහස් දැක් වූ නාරක්කල්ලිය ගොවි මහතෙකු වූ සිරිල් ඇලෙක්සැන්ඩර් මහතා පැවසුවේ,මෙවර ගෝවා වගාවේ අස්වැන්න ඉතා ඉහළ වූවත්,මිළ පහළ යාම නිසා  අවාසනාවන්ත ලෙස එහි ප්‍රතිලාභය ගොවීන්ට අහිමි වී ඇති බවත් ය.

ගෝවා වගාකරුවෙකු වූ කේ.ඒ.සරත් මහතා පැවසුවේ,තමාගේ අක්කරයක ගෝවා වගාව සදහා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය කළ බව ය.

ගෝවා කිලෝ 20,000 කට අධික අස්වැන්නක් ලැබූව ද මිළක් නොමැතිවීමෙන් තමා ඉතා අසරණ බවට පත්ව ඇතැ යි,ඒ මහතා පවස යි.

ගෝවා වගා කරුවන්ගේ මෙම ගැටලුව අප පුත්තලම දිස්ත්‍රික්ක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය වෙත යොමු කළෙමු.

ඒ මහත්මිය පැවසූයේ මේ කන්නය තුළ ගොවීන් වැඩි පිරිසක් ගෝවා වගාවට නැඹුරුවීම, ගෝවා වගාවට උචිත පරිසර සාධක ලැබීම යන හේතු නිසා ගෝවා සැපයුම ඉහළ ගොස් ඇති බවයි.මේ කන්නයේ කල්පිටියේ පමණක් අක්කර 600 කට වැඩි භූමි භාගයක ගෝවා සිටුවා ඇති බවය.

එකම කාලයක ගොවියෝ බොහෝ දෙනෙකු එකම භෝගය වගා කිරීම නිසා සැපයුම වැඩි වී ඇති නිසා ඊට විසදුමක් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් දියත් කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසයි.

ඒ අනුව එක් එක් සතියේ වගා කිරීමට නිර්දේශිත භෝගයන් කෘෂිකරම දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පළ කරන බැව් ඒ මහත්මිය වැඩි දුරටත් පවස යි. නිළධාරීන් හරහා මෙම පණිවිඩය ගොවීන්ට ලැබෙන බවත් අධ්‍යක්ෂකවරිය සඳහන් කළේය.



අදහස් (0)

කල්පිටියේ ගෝවා කිලෝව රුපියල් 5 යි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

වාහන ආනයන බදු තවත් ඉහලට
2025 ජනවාරි මස 15 103 0

වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පසුගිය ජනවාරි 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මෝටර් රථ නිෂ්පාදන බද්ද පිළිබඳ සටහනක් පමණක් බ


පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි
2025 ජනවාරි මස 15 92 0

කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදු කරන දැවැන්තම ව්‍යාපෘතිය වන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය 10 වැනිදා ආරම්භ විය.


ආයෝජන මණ්ඩලයේ වැඩ ඩිජිටල්කරණය වෙයි
2025 ජනවාරි මස 15 19 0

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්ය රැසක් පසුගිය10 වැනි දින සිට ඩිජිටල්කරණ


ආර්ථිකය පිළිබඳව ධනාත්මක බලාපොරොත්තු
2025 ජනවාරි මස 15 13 0

නව රජයක් තේරී පත්වීමත් සමග රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ සුබවාදී අදහස් මෙන්ම ධනාත්මක බලාපොරොත්තු ඇතිව තිබෙන බව මෙරට ප්‍රමුඛතම ව්‍යාපාර


අලු‍තින් සංචාරක කලාප 13 ක්
2025 ජනවාරි මස 15 6 0

අලු‍තින් සංචාරක කලාප 13 ක් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපෘතියකට තවත් ඩො.මි. 65ක ආයෝජනයක්
2025 ජනවාරි මස 15 10 0

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම මගින් ඉදිකරන The Colombo Border ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමිව ඇතැ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 222 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 304 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site