IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කොළඹ චොංකින් ගුවනින් එක් වේ

 චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජූලි  1 වෙනි දා සිට  කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත.

කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා   නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.

චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම  හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම  කොළඹ දී අත්සන් කළහ.

මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට  ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම  නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ   යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත  සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.

එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.

තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු  කාල සටහනක‍ට අනුකූලව විධිමත් ගුවන් සේවා  ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත්  ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස්   මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි  මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාග‍මේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.

චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි  සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා ර‍ට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.

ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී   වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.

තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.

කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම  චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.

මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින  සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.

මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින්  සහ චෙන්ඩු  යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ.

 



අදහස් (0)

කොළඹ චොංකින් ගුවනින් එක් වේ

සඳුන් Sunday, 18 May 2014 08:46 AM

මමත් සිවිල් ගුවන්සේවා ගැන ටිකක් දන්නවා. මංජුල කියල තියෙන්නේ හෝ දන්නේ එක වර්ගයක ගුවන් යානා සම්බන්ධයෙන් විතරයි. එහෙම ඔක්කොම මෙහෙම තමයි කියල ලියන එක හොඳ නෑ වගේම වැරදියි. ඔය කියන විදියට අත්ලාන්තික් සාගරය හරහා ගුවන්යානා වලට යන්නම බෑ.(නදී)

:       0       0

පන්ඩුල Wednesday, 04 June 2014 02:37 PM

මම හර්ෂිගේ මතය අනුමත කරමි. මංජුලගේ අදහස පුස්සක් (නදී)

:       0       0

සුපුන් Saturday, 10 May 2014 05:51 AM

රණතුංග කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ (නි)

:       0       0

රමින්දු Saturday, 10 May 2014 07:23 AM

මේ නගරයේ නම චොන්ග් චින්ග් හෝ චුන්ග් චින්ග් ලෙස එහි වැසියන් මේ දෙවිදිහටම කියනවා. මා රැකියාව කරන්නේ එහේ. (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Monday, 12 May 2014 09:12 AM

සෑම්, මම මේ ගෙවන්නේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ 24 වෙනි අවුරුද්ද. එයාර් ලංකා සහ ශ්‍රී ලන්කන් සම්බන්ධව යමෙක් වැරදි මත ඉදිරිපත් කරනකොට මට ටිකක් දුකක් දැනෙනවා. මොකද ශ්‍රී ලන්කන් එක්ක අවුරුදු 19ක් විතර රැකියාව කරලා එයින් ලැබූ අත්දැකීම් තුලින් තමයි මම දැන් කීයක්හරි වැඩියෙන් හම්බකර ගන්නේ. ඒක නිසා ශ්‍රී ලන්කන් එකට මම ණයගැතියි. මේ ලිපිය හොදින් කියවලා බලන්න. මේ ගුවන් යානය යොදවලා තියෙන්නේ සංචාරක සමාගමක් හරහා නිශ්චිත කාල වකවානුවකට. මේකේ සියලු ගුවන් ගමන් වාර සඳහා අදාළ සමාගම විසින් ගුවන් සමාගමට මඟීන් හිටියත් නැතත් ගෙවීම් කළයුතුයි. (නි)

:       0       0

අලුත්ගේ Monday, 19 May 2014 06:36 PM

අපිට තියන හොඳම වෙළඳපොළ තමා අප්‍රිකාව. කෝ ඉතින් කට්ටියට තේරෙන එකක්යැ. ඔන්න තව කවුරුහරි කළොත් නම් තේරෙයි (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 03 June 2014 05:23 AM

මංජුලට මේක බැලුවම මොනවා හිතුනද දන්නේ නැ. හර්ෂි මෙවැනි දේවල් පුද්ගලයන්ට කියන්න එපා ඔයා ලස්සන නැහැ, ඔයාගේ බුද්ධිය මදි මෙවැනි දේවල් කියන්නේ හර්ශිගේ ගතිගුණ හොඳ මදි නිසා කියල කව්රුහරි ඔයාට කිව්වොත් මොකද හිතෙන්නේ.(නදී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Sunday, 11 May 2014 09:41 AM

සෑම්, ලෝකේ කිසිම ගුවන් සේවයක් ස්වදේශිකයන් ගැන විතරක් හිතල ගමනාන්ත තීරණ කරන්නේ නැහැ. ගුවන් සමාගමකට ස්වදේශික හෝ විදේශික ඕනෑම කෙනෙක් ඔවුන්ගේ මගියෙක් පමණයි. ශ්‍රීලන්කන් එක එයාර් ලංකා සමයේ ජපානයේ මගින් නොමැති කිසිදු ආර්ථික වාසියක් නැති එක්තරා පාලකයෙක්ගේ ඥාතියෙකුගේ පෞද්ගලික ව්‍යාපාරයක් වෙනුවෙන් ගමනාන්තයක් සකස් කරලා තිබුනා විතරක් නෙවෙයි ඔහුගේ බඩු භාණ්ඩ සීතල කඳුකරයේ සිට ගුවන්තොටට එනතුරු ගුවන් යානයත් මොනවහරි හේතු දක්වලා ප්‍රමාද කරා. නමුත් මේවා ගැන ඒකාලේ මාධ්‍ය වලවත් කතා නොකරට ප්‍රසිද්ධ රහස්. දැන් ඔය මාධ්‍ය නිදහස නැහැ කියලා කැගැහුවට ඒකාලේ ඇත්ත කතා කරපු ලියපු මාධ්‍යවේදීන්ට උනේ මොනවාද කියලා එයාලගේ ඔලුවේ හිටපු උකුනෙක් වත් දන්නේ නැහැ. (ස)

:       0       0

ධම්ම Sunday, 11 May 2014 09:58 AM

බටහිර අපට කොණහන කොට අප චීනෙට, රුසියාවට ලංවෙන එක සාධාරණයි. සුභ අනාගතයක්! (ස)

:       0       0

සුනිල් Friday, 30 May 2014 02:07 AM

අනාගත ලෝක බලවතා චිනයනම්, එහි හැකිතාක් නගර සමග ගුවනින් සම්බන්ද වීම තුලින් අනාගත ශ්‍රිලංකාවේ සමෘද්ධිය උදෙසා බටහිර සහ ඉන්දියාව සමග ඇති සබඳතා වල මන්දගාමි බව වෙනුවට හොද ආදේෂකයෙකු වනු ඇති. (ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Tuesday, 03 June 2014 08:44 PM

චන්ද්‍ර ඔය අනුන්ගේ අඩු පාඩු සොයන හර්ශිලා වගේ උදවිය ගැන මම එතරම් තැකීමක් කරන්නේ නැහැ. මම යමකට අදහස් දක්වන්නේ පොරක් වෙන්න වත් එහෙම නැතුව පක්ෂයක හෝ පුද්ගලයෙකුට මඩ ගැසීම හෝ පහර ගැසීමටවත් නෙවෙයි. හැබැයි ඇත්ත ඇති සැටියෙන් දකින්න මට මගේ දෙමව්පියෝ උගන්වලා තියෙනවා. එ්කේදී මට පක්ෂ පාට වැඩක් නැහැ. මම මේකට අදහස් දක්වන්නේ මම දන්නා දේ හුවමාරු කරගන්නත් නොදන්නා දේ ඉගෙනගනත් පමණයි. මේකේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ ගුවන්යානා සම්බන්ධ අදහස් දැක්වූ සමහරක් කිසිම හරවත් ආකාරයට දක්වලා නැහැ. මොනවා උනත් ශ්‍රී ලන්කන් සමාගමට මම සැමදාමත් ආදරෙයි. මා ඉහතින් දැක්වූ අදහස් වල සම්පුර්ණ කොටස් පල නොවීම නිසා මට අසාධාරනයක් සිදුවී තිබෙන බව වැටහුනා නමුත් ඒ ගැන කනගාටුවක් නැහැ. මන්ද කතෘ තුමාට යමක් පළකිරීම සහ පල නොකිරීමට ඇති අයිතියට මම ගරු කරන නිසා. (නදී)

:       0       0

හර්ෂි Tuesday, 03 June 2014 03:03 PM

ශ්‍රී ලන්කන් දියුණු නොවුනේ හරි දේ හරියට නොකියන අය හින්ද වෙන්න ඇති. (ස)

:       0       0

සෑම් Saturday, 10 May 2014 09:45 AM

රමින්දු ,මම හිතුවේ මේ නගරයේ එකම ලාංකිකයෙක්වත් නැහැයි කියලා.එක්කෙනෙක් හරි ඉන්න එක ලොකු සතුටක්. එක මගියෙක් වෙනුවෙන් ගමනාන්ත වෙනස් කරන අපේ ගුවන් සේවය ඔබ වෙනුවෙන් ම මේ සත්කාරය කළා කියලා හිත හදා ගත්ත හැකි .(ස)

:       0       0

සංගීතා Tuesday, 03 June 2014 03:06 PM

සුබ පැතුම් . අලුත් ප්ලේන් ටික ගෙනල්ල තව තව රට වලට දැම්ම නම් හොඳයි. (ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Tuesday, 20 May 2014 09:35 AM

ජනක, ගම්ලත් සහ සදුන් මේ ලින්ක් එකෙන් බලන්න සාගර හරහා ගුවන් යානා ගමන් කරන මාර්ග වැටිලා තියෙන්නේ කොහොමද කියලා http://www.flightradar24.com අහසේ ඉඩ තිබුණත් ගොඩබිම ගුවන් තොටුපොළවල් තිබුණත් ඒවා හරහා යන්න සහ ගොඩබෑමට ක්‍රමවේදයක් තියෙනවා (නි)

:       0       0

ජගත් Sunday, 11 May 2014 08:37 PM

ඔක්කොම ප්ලේන් ටික චීනෙටම යවමු. (ස)

:       0       0

සුනිමල් Monday, 19 May 2014 08:16 PM

අපෙනුත් මෙන්න සුභ පැතුම්! (නි)

:       0       0

කමල් Monday, 19 May 2014 08:16 PM

අලුත් අලුත් ඒවා එනකොට අපේ අය හූල්ල හූල්ලා බලා ඉඳීවි (නි)

:       0       0

නිහාල් Sunday, 18 May 2014 11:30 PM

හොඳයි (ස)

:       0       0

මාලිංග Monday, 19 May 2014 08:25 PM

කෝ ගේනවා කියූ අලුත් ගුවන්යානා? (නි)

:       0       0

ජනක Friday, 16 May 2014 06:03 PM

මංජුලගේ මතය වැරදියි.දකුණු අප්‍රිකාවේ සිට තායි, සිංගප්පූර්, දකුණු අප්‍රිකා, පැසිෆික් යන ගුවන් සේවා මුහුද හරහා යනවා මිස ඔය කියන වටයක් යන්නේ නැහැ (නි)

:       0       0

ගමලත් Friday, 16 May 2014 06:07 PM

මංජුල දන්නේ නැතුව ඇති ඔය මාර්ගයේ මැඩගස්කර් , සීෂෙල්ස්, මොරිසස් , මාලදිවයින යන රටවල් තිබෙන බව. දැනට යන යානා ඔය වටේ යන්නේ නැහැ, කෙළින්ම මුහුද හරහා යන්නේ. (නි)

:       0       0

පුබුදු Monday, 19 May 2014 08:29 PM

රටට හොඳක් වෙනවා නම් අපිත් අපේ උපරිම සහයෝගය දෙනවා (නි)

:       0       0

සංගක්කාර Friday, 16 May 2014 06:17 PM

ඉන්දියාවේ ජනගහණය බිලියන එකයි, චීනයේ බිලියන 1.2, ලංකාවේ මිලියන 22යි. අපි ඉලක්ක කළ යුත්තේ ලංකාවේ ගමනාන්තයද? නැත්නම් සම්බන්ධතා යානාද? (නි)

:       0       0

රන්ගිකා Thursday, 15 May 2014 01:12 PM

මංජුල, මම ඉන්නේ දකුණු අප්‍රිකාවේ. 1995ට වඩා දැන් වෙනස්. මෙහෙට එන යානා අධික ලාබ ලබනවා. ඉන්දියාවට , චීනයට , කොරියාවට යන කට්ටිය ගොඩක් ඉන්න්නවා. (නි)

:       0       0

ගනේෂ් Thursday, 15 May 2014 01:17 PM

1995 දී ලාභ නොලැබුවේ සම්බන්ධතා යානා අඩුකම නිසා. ඒත් දැන් තත්ත්වය වෙනස් නිසා මේක හොඳ ඉල්ලමක් . (නි)

:       0       0

හරිෂ් Monday, 19 May 2014 08:34 PM

මේක ලාබ නොලබන්නේ, පරිපාලනයේ දැනුම අඩුකම නිසානේ. චීනයට දැමීම හොඳ වැඩක්. නමුත් චීන්නු යන්නේ කොහෙද කියලා සොයන්න ඕනෑ. ලංකාව හරහා ඔවුන්ට පහසුවෙන් යන්න පුළුවන් ස්ථාන සම්බන්ධ කළ යුතුයි. (නි)

:       0       0

රණතුංග Saturday, 10 May 2014 02:11 AM

මේ ගුවන් සමාගම පිලිබදව කලින් පළවූ ප්‍රවෘතියට ගොඩක් දේවල් කිව්වා.ඒ නිසා මට නම් දැන් මේකට කියන්න දෙයක් නැහැ. (ස)

:       0       0

මංජුල අබු ඩාබි Wednesday, 14 May 2014 10:36 PM

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් වලට 1995දි විතර ශ්‍රී ලංකන් ගමන් කරා. නමුත් එහිදී කිසිදු ලාබයක් ලබන්න බැරි උන නිසා එක අතහැර දැම්මා. යුරෝපයත් නැගෙනහිර ආසියාවේ සමහර රටවල් ඉලක්ක කරගෙන දැනටමත් ගුවන් සේවා ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට තියෙන ගුවන් යානා ඇතුලත පහසුකම් තවදුරටත් වර්ධනය කර නෙගෙන ගුවන් සේවා අතර තරඟයක් දෙන්න අමාරුයි. එක මිල අධික කට යුත්තක්. (ස)

:       0       0

සෑම් Sunday, 11 May 2014 03:37 PM

මංජුල අබුඩාබි, ඔබ මාව තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට. කටුනායකින් යන්නෙත් එන්නෙත් බහුතරය ශ්‍රී ලාංකිකයන්. මම ලංකාවට දහ දොළොස් ගමනක් ඇවිල්ලා ගිහින් තියනවා. ඒ සෑම වතාවකදීම ගුවන් යානයේ අති බහුතරය ශ්‍රී ලාංකිකයන් මිසක් විදේශීය සංචාරකයන් නොවේ. ඉතින් ලාංකිකයන් නොයන තැනකට විදේශිකයන් දහයක් දොළහක් දාගෙන ගියාම වෙන අලාභය කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ගමගේ Wednesday, 14 May 2014 02:30 PM

චීනයට දැම්මට වැඩක් නැහැ අප්‍රිකාව සම්බන්ධ කරන්නේ නැතුව. දැන් චීන්නු වැඩි හරියක් ඉන්නේ අප්‍රිකාවේ‍. දකුණු අප්‍රිකාවට ගියානම් වඩා හොඳයි. (නි)

:       0       0

ලංකාතිලක Wednesday, 14 May 2014 02:38 PM

දකුණු අප්‍රිකාව හොද අදායම් මාර්ගයක්. ආසියාව අප්‍රිකාවට සම්ම්බද කරන ගුවන් යානා අඩුයි. චීන්නු අප්‍රිකාවේ සිට විසාල වසයෙන් යනවා එනවා . දකුණු අප්‍රිකාව දියුණු රටක් , අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි , ඇයි ශ්‍රී ලංකන්ට මේක පේන්නේ නැත්තේ. (නදී)

:       0       0

මංජුල අබුඩාබි සිට Thursday, 15 May 2014 02:52 PM

රංගිකා සහ ගනේෂ් යන දෙන්න ගේම අදහස් සමග මම එකඟයි. නමුත් ඕනෑම ගුවන් මගියෙක් බලන්නේ තමන්ගේ ගමනාන්තයට මග සම්බන්ධතා ගුවන්යානා වලට මාරු නොවී තනි ගමනට තමන්ගේ ගමනාන්තයට ලඟා වෙන්න. රංගිකා උනත් කැමතියිනේ ඩුබායි හෝ වෙනත් ගමනාන්තයක් වෙතට නොගිහින් කෙලින්ම ලංකාවට එන්න එකයි මෙතන තියෙන ප්‍රශ්නය. අනික ගුවන් යානයක ගමන් මාර්ගයක් තීරණය වියයුත්තේ විනාඩි එකසිය අසුවක් වගේ කාලයක් ඇතුලත ගුවන් තොටුපලක් තිබිය යුතුයි හදිසි ගොඩ බෑමකට පහසු වෙන ආකාරයට එනිසා ලංකාවේ ඉඳලා අප්‍රිකාවට යනකොට කෙලින්ම අප්‍රිකාවට යන්න බැහැ. අපිට පියාසර කරන්න වෙන්නේ ඉන්දියාව සහ ගල්ෆ් කලාපය හරහා ගොස් ඉතියෝපියාව,කෙන්යාව, ටැන්සානියාව මොසැම්බික් සිම්බාබ්වේ හරහා යන්න වෙන්නේ එක ලොකු පිරිවැයක් අනික අනික් රටවල ගුවන් මාර්ග වල ගමන්කරන්න අවසර ලැබෙන පරිධි ගමන් කාලය සකස් කරන්න ඕන. ඒකත් ලොකු අභියෝගයක්. ඒවගේම ඒ රටවල සිවිල් ගුවන් සේවා අධිකාරි වල අවසරය තිබිය යුතුයි ඒවාට අවශ්‍ය ගෙවීම් කල යුතුයි. මට මතක හැටියට කලින් අප්‍රිකාවට ගියේ ඩුබායි ට්‍රාන්සිට් කරගෙන. (නදී)

:       0       0

හර්ෂි Saturday, 24 May 2014 12:58 PM

මංජුලට බුද්ධිය අඩු බවක් පෙනේ. කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ට සුබ පැතුම් . (අ)

:       0       0

ජානක Saturday, 24 May 2014 01:03 PM

අපගේ සුබ පැතුම , තව තව වෙනත් රටවල් වලටත් වැඩි කලානම් හොදයි . මංජුල ගැනනම් දුකයි , මංජුල ඔය ලින්ක් එකේම එංගලන්තයේ සිට ඇමරිකාවට යන ප්ලේන් බලන්න. (අ)

:       0       0

පන්ඩුල Wednesday, 14 May 2014 02:44 PM

අපේ රට තියන තැන අනුව ගුවන් සමාගමකින් හොද ලාබ ගත හැකියි . යුරෝපය නැගෙනගිර අාසියවටත් , දකුණු අප්‍රිකාව අාසියවටත් සම්මබන්ද කරන්න හොද ස්ථානයක් . අවාසනාවකට බලදාරීන්ට මේ දැනුම අඩුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site