IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කාන්තා ව්‍යවසායකයන්ට ලංකා බැංකුවෙන් ‘රන් ලිය’

  • නීත්‍යනුකූලව ආදායම් උත්පාදනය කරන ඕනෑම ක්‍රියාවලියකට ණය ගන්න පුළුවන්
  • සංචාරක අපනයන ක්ෂේත්‍රවල ප්‍රමුඛතාව
  • ආයෝජන‌, ප්‍රාග්ධන අරමුණුවලට රුපියල් මිලියන 50 බැගින් 

ඩබ්ලිව්.කේ.එල්.බී.එන්. සමන්ති
සහකාර මහා කළමනාකාරිණී 
(ශාඛා ණය කලාප II) - ලංකා බැංකුව

ශ්‍රී ලාංකික ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීම වෙනුවෙන් වසර 85ක් පුරා කැප වන මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව, ලංකා බැංකුව, මෙරට කන්තාවන් ශක්තිමත් කරමින් ව්‍යවසායකයන් බවට පත් කිරීමට උපරිම සහයෝගය ලබා දෙන මූල්‍ය ආයතනයකි. ලංකා බැංකුව කාන්තා ව්‍යවසායකයන් වෙත ලබා දෙන මූල්‍ය හා මූල්‍යමය නොවන සේවා තවදුරටත් ගුණාත්මක හා කාර්යක්ෂම කරමින්, BOC රන් ලිය ණය යෝජනා ක්‍රමය‘ හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. 

මේ ඒ පිළිබඳව ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරිණී (ශාඛා ණය කලාප II) ඩබ්ලිව්.කේ.එල්.බී.එන්. සමන්ති මහත්මිය දැක්වූ අදහස්ය.

“ලංකා බැංකුව කාන්තාවන් බල ගැන්වීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ලංකා බැංකුව කාන්තා ව්‍යවසායකයන් සඳහා ම හඳුන්වා දුන් සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් විදියට ‘රන් ලිය’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමට පුළුවන්. නිෂ්පාදන මෙන් ම සේවා සැපයීම ඇතුළු ව කාන්තා ව්‍යවසායකයන් විසින් මෙහෙයවනු ලබන, නීත්‍යනුකූල ව පිළිගත හැකි ඕනෑ ම ආදායම් උත්පාදන ක්‍රියාවලියක් සඳහා රන් ලිය ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය සහයෝගය ලබා ගත හැකි යි. මෙම ණය පහසුකම් ලබා දීමේ දී සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර සහ අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවත් පැවසිය යුතු ම යි.

කාන්තාවන් ප්‍රමුඛ වී පවත්වාගෙන යනු ලබන නීත්‍යනුකූල ව පිළිගත් ඕනෑ ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබනවා. එහි දී අදාළ ව්‍යාපාරයේ අයිතිය සියයට 50කට වඩා කාන්තාවන් සතු විය යුතු යි. නැතිනම් ව්‍යාපාරයෙන් අවම වශයෙන් සියයට 20ක් කාන්තාවන් සතු වීම, කාන්තාවක් විසින් ව්‍යාපාරයේ ප්‍රධාන තීරණ ගැනීමේ තීරක වීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියෙන් අවම වශයෙන් සියයට 30ක් කාන්තාවන් වීම යන නිර්ණායක තුන ම සපුරාලන ව්‍යාපාරයක් සඳහා රන් ලිය ණයක් ලබා ගැනීමට පුළුවන්.එහි දී උපරිම ණය මුදල ලබා ගැනීමේ දී ආයෝජන අරමුණු සඳහා’රුපියල් මිලියන 50 ක් ආපසු ගෙවීමේ කාලය වසර 5කට ද, ප්‍රාග්ධන අරමුණු සඳහා රුපියල් මිලියන 50 ක් ආපසු ගෙවීමේ කාලය වසර 3කට ද ආදී වශයෙන් උපරිම ණය මුදල රුපියල් මිලියන 100ක් දක්වා ලබා ගැනීමේ හැකියාව අපි උදා කර දී තිබෙනවා. ඒ වගේම තරඟකාරී පොලී අනුපාතයක් යටතේ ලබා දෙන මෙම ණය මුදලක් ආයෝජන අවශ්‍යතා සඳහා ලබා ගැනීමේ දී මාස 6ක උපරිමයකට යටත් සහන කාලයක් ඇතුළු ව වසර 5කින් ගෙවීමට හැකි බවත් පැවසිය යුතු ම යි. 

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වගේ ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහාත් කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය සහයෝගය ලබා දෙන ලංකා බැංකුව මේ වන විට කාන්තා ව්‍යවසායකයන් විශාල සංඛ්‍යාවක් බල ගැන්වීමට කටයුතු කර ඇති බව ඉතා සතුටින් පැවසීමට කැමැතියි. මූල්‍ය සහයෝගයට අමතර ව, අදාළ ව්‍යාපාරය අපනයන හා සම්බන්ධ ව්‍යාපාරයක් නම්, එම අපනයන කටයුතු සඳහා අවශ්‍ය උපදේශනය ඇතුළු අවශ්‍ය ශක්තිය සහ රැකවරණය ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරන බවත් අවධාරණය කළ යුතුයි. මේ සඳහා ම විශේෂිත ඒකකයක් ලෙස ‘BOC Export Circle’ හඳුන්වා දෙන්න පුළුවන්. මෙ මඟින් ව්‍යාපාර අපනයන මට්ටම දක්වා වර්ධනය කර ගැනීම වෙනුවෙන් සහයෝගය ලබා දීම වගේ ම ඊට අවශ්‍ය ණය පහසුකම් (උදා:- Packing Credit) ලබා දීමත් විශේෂයි. බිඳ වැටුණු ව්‍යාපාර නැවත බල ගැන්වීමට සහයෝගය ලබා දීම වෙනුවෙන් අප පවත්වාගෙන යන ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකකය (BRRU) මඟින්, ව්‍යාපාරයක් යම් අසාර්ථක තත්වයකට මුහුණ දීම නිසා, ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලක් ගෙවීමට නොහැකි ව අක්‍රිය තත්වයට පත් වී පවතින අවස්ථාවක කාන්තා ව්‍යවසායකයන්ට අත්වැලක් වීමට කටයුතු කරනවා. ඒ වගේ ම BOC SME Circle  හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම හා ව්‍යාපාරික දැනුම ලබා දීම සඳහා විවිධ වැඩමුළු පැවැත්වීමට ලංකා බැංකුව කටයුතු කරන බවත්, ඒ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB),  අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත අමාත්‍යාංශය වැනි ආයතන ලංකා බැංකුව සමඟ අත්වැල් බැඳ ගෙන සිටින බවත් සිහිපත් කිරීමට කැමැතියි.

“මෙම ණය පහසුකම්වලට අමතර ව කාන්තා ව්‍යවසායකයන් නව ඩිජිටල් මානයක් කරා රැගෙන යාමට ඔවුන්ගේ අවශ්‍යතා හා ප්‍රවණතා පිළිබඳ ව අවබෝධයෙන් යුතු ව කටයුතු කරන ලංකා බැංකුව, SME Online  ණය අයදුම් කිරීමේ පහසුකම, SmartPay, Smart Online Banking, Mobile Banking  (B App), E - Commerce සක්‍රීය Debit  Card, BOC Connect  ආදී වශයෙන් ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් හඳුන්වා දී තිබෙනවා. 

 



අදහස් (0)

කාන්තා ව්‍යවසායකයන්ට ලංකා බැංකුවෙන් ‘රන් ලිය’

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ක්ෂුද්‍ර, කුඩා හා මාධ්‍ය ව්‍යවසාය අභියෝග විසඳන්න විශේෂඥ කමිටුවක්
2025 පෙබරවාරි මස 05 9 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව


අපද්‍රව්‍ය කළමනාකරණ ධාරිතාව නැංවීමට ජපානයෙන් යෙන් මි. 300ක්
2025 පෙබරවාරි මස 05 6 0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්


සිවුවැනි මාසයටත් ව්‍යාපාරික විශ්වාසය ඉහළට
2025 පෙබරවාරි මස 05 9 0

ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව


සුළු හා මධ්‍ය ව්‍යාපාර ගෝලීයව නැංවීමට ExpoScaleUp ඇරැඹේ
2025 පෙබරවාරි මස 05 9 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ස


කොමර්ෂල් බැංකුවෙන් රු. බි. 15ක හරිත බැඳුම්කර නිකුතුවක්
2025 පෙබරවාරි මස 05 5 0

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ


කොටස් වෙළෙඳපොළ සෘණ අගයකින් මාසය අරඹයි
2025 පෙබරවාරි මස 05 8 0

නිදහස් දින නිවාඩුවට පෙර, ආයෝජකයන්ගේ උනන්දුව අඩුවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, ඍණාත්මක බවක් පෙන්නුම් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site