වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම් සහිත ස්මාට් දුරකතනයට Tap කිරීමෙන් ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය. මුදල් නෝට්ටු භාවිතයෙන් සහ පොෂ් යන්ත්‍ර භාවිතයෙන් ඉදිරියට ගොස් විධිමත් හා නව්‍ය ගෙවීම් ක්‍රමවේදයක් මේ හරහා ඉදිරිපත් කර ඇත.
“මෙම සහයෝගීතාව විශාල දිගු පියවරක්. Tap to pay මගින් නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙනවා පමණක් නොව රියැදුරන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ඔවුන්ගෙන් ලැබෙන සේවය වඩාත් ශක්තිමත් කිරීමටත් මෙය යොදා ගන්නවා. මෙම සේවාව ගෙවීම් වඩාත් පහසු හා ඉක්මන් කරනවා. කවරාකාර ගමනක් වුවද ඒ ඒ ආකරයට විස්තර ඇතුළු කර පහසුවෙන් කුලී රථ වෙන් කර ගන්න පුළුවන්. අඛණ්ඩව සේවය සපයන දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක් මගින් පාරිභෝගිකයන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීමත්, යාවත්කාලීන වූ වෙබ් අඩවිය සමඟ ඉහළ සේවයක් සැපැයීමත් මඟින් කැන්ගරු කැබ්ස් ආරක්ෂාකාරී, සුව පහසු ගමනකට ඉඩලසා දෙනවා.
Genie Business සමඟ හවුල්කාරිත්වයෙන් Kangaroo Cabs කාර්යක්ෂමව ගාස්තු ස්වයංක්‍රීයව අය කර ගන්නා අතර කාලය අවම කර ගැනීමටත්, නිවැරැදි ගෙවීම් විස්තර සඳහන් වීමටත් ඉඩ සලසා දෙනවා.” කැන්ගරු කැබ්ස් මූල්‍ය අධ්‍යක්ෂ කුසල් ෆොන්සේකා මහතා පැවැසීය. කැන්ගරු කැබ්ස් Miles හඳුන්වා දෙමින් දෛනික පාරිභෝගිකයන්ට වටිනාකමක් සපයයි. සෑම සැතපුමකටම රුපියලක් පාරිභෝගිකයාට එකතු වෙන Kangaroo Miles පාරිභෝගිකයන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වන වැඩසටහනකි.
ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කොන්දේසිවලට සියයට සියයක ප්‍රතිශතයකින් අනුකූල වනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු නොවන බවත්, ක
2024 වසර අවසන් වන විට සේවක අර්ථ සාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,375.7ක් වූ බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2023 වසර අවසානයේදී වාර්තා කළ රුපියල් බිලියන 3,88
පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසුගිය මාර්තු මාසයේදී මෙරට නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු මාසයේදී මිලියන 401.9 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති බව එම බැංකුව නිකුත් කළ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානම
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි