පණුගල අමුණ, එහි වේළී කැඩී බිඳී වසර ගණනක්
රුපියල් කෝටි ගණන් වෙන්වී ඇති බව කිව්වත් කිසිදු වැඩක් කෙරී නෑ
සල්ලි ආපහු ගිහින් කියා ගොවියා නොමග යවනවා විතරයි
වේයන්ගොඩ කුඹුරු අක්කර 400 ක් ඇතුළත්ව බෙම්මුල්ල පේරුවේ අක්කර 1200 ක වගාව නැවතිලා
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
වේයන්ගොඩ ප්‍රදේශයේ කුඹුරු අක්කර 400 ක් ඇතුළත්ව බෙම්මුල්ල පේරුවේ අක්කර 1200 කට වැඩි කුඹුරු ප්‍රමාණයකට දියවර සැපයූ වියලගොඩ පණුගල අමුණ හා එහි වේලී කැඩී බිඳී වසර කිහිපයක් ගතව ඇතත් ඒවා පිළිසකර කරන්නට බලධාරීන් මෙතෙක් අපොහොසත්වීම නිසා කන්න හතරක් තිස්සේ තමන්ගේ වී ගොවිතැන සම්පූර්ණයෙන්ම අඩාලවී ඇතැයිද යල කන්නයට පෙර අමුණ හා වේලි සකස් නොකළහොත් ඉදිරියට බත්කෑම සිහිනයක් පමණක් වනු ඇතැයි වියලගොඩ ගොවීහු පවසති.
පණුගල අමුණ කැඩී බිඳී ගොස් ඇති බවට ලත් තොරතුරක් අනුව ලංකාදීපය ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ කළ සංචාරයේදී මේ බව අනාවරණය විය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහාවාරි කෘෂිකර්ම වැඩ පිළිවෙළ යටතේ දී-ඇල් ඔය හරස් කර පණුගල අමුණ සකස් කර ඇත්තේ මීට වසර හැත්තෑවකට පමණ ඉහතදීය. මේ අමුණේ වැදගත්කම හේතු කොට ගෙන 1994 දී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීමෙන් අමුණේ නිසි ප්‍රතිසංස්කරණයක් කළ බවට සිහිවටන ඵලකයක්ද ඇත්තේය. එහෙත් අමුණේ ආරම්භය සඳහන් කෙරෙන සිහිවටන ඵලකය අද දක්නට නැත. එම සිහිවටන ඵලකය රට හදන ඇත්තන්ගේ දැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව දැකිය හැකිය.
2021 මාර්තු මාසයේ මහ වැස්සත් සමග අමුණේ බැමි කඩාවැටුණු බවත් ඒවා නිසි පරිදි සකස් කරන්නට පියවර නොගත් බැවින් මේ විනාශය සිදුව ඇති බවත් ගොවීන් පෙන්වා දුන්නේ මහත් ශෝකයෙනි. අමුණට ඉහළින් ස්ථාන දෙක තුනකින් දීඇල් ඔයේ ඉවුර කැඩුණු තැන්වලට වැලි කොට්ට තබා ඇති අන්දම දැකිය හැකිය. එම ඉවුරු නිසි පරිදි සකසන්නට වසර දෙක තුනක් තිස්සේ පියවර ගෙන නැති නිසා කිසි විටක අමුණ වසා ගොවි බිමට ජලය ලබා ගැනීමේ අවස්ථාව ගිලිහි ඇතැයිද එහි අමුණ වැසුවොත් කැඩුණු ඉවුරුවලින් ජලය පිටාර ගලා ගම යටවෙන බවද ගොවීහු පෙන්වා දෙති.
අමුණේ ගැලවී ඇති ගල් බැමි හා ජල කද වෙනත් මං ඔස්සේ ගමන් කිරීම වළක්වන්නට රුපියල් කෝටි ගණන් වෙනවී ඇති බව නිලධාරීන් පසුගිය වසර කිහිපය තිස්සේම සඳහන් කළද කළුගල් කියුබ් සියයක් පමණ ගෙනැවිත් දැමීම හැරෙන්නට වෙනත් කිසිදු වැඩක් කෙරී නැති බවද දැනගත හැකි විය.
අමුණේ කැඩුණු තැනකට කුඹුරුවලින් පස් කපා ගොඩ කිරීම නිසා අක්කර හතරක් පමණ අතහැර දමා ඇති අයුරු දැකිය හැකිවිය.
පණුගල අමුණ ගොවි සමිතියේ සභාපති ජේ. පී. විජේසිංහ මහතා මෙසේ කීය.
2021 වැස්සත් එක්ක අමුණේ බැමි ගැලවී වැටුණා. ඉවුරු පෙරලීලා ගියා. ඊට පස්සේ 2024 දීත් අමුණේ ඉවුරු කඩා වැටුණා. ඒවා සකස් කරනවා කිව්වාට තවම හදලා නැහැ. අද හදයි හෙට හදයි කියා අපි බලාගෙන ඉන්නවා.
කේ. ඒ. නිමල් කරුණාතිලක මහතා ද මේ පණුගල අමුණේ සෙවණින් ගොවිතැනින් දිවි ගෙවූ ගොවි මහතෙකි. ඔහු මෙසේ කීය.
ගතවු වසර තුතට දෙවතාවක් අමුණ කැඩුණා. ඔයේ ඉවුරු බිදී ගියා. නිලධාරින් කළේ තාවකාලික පැලැස්තර විතරයි. ස්ථිර වැඩ පිළිවෙළක් කරන්නට ඉල්ලුවත් එම ඉල්ලීම බීරි අලින්ට වීණා ගැයීමක් වගේ වුණා. 2011 ඉවුරු කැඩී යාමෙන් අපේ කුඹුරු වැලි පස්වලින් යටවුණා. ඒවා ඉවත් කරන්නට මහත් වෙහෙසක් ගන්න සිදුවුණා. ඒවා ඉවත් කරන්නට දැඩි කොන්දේසි මත අවසර ලැබුණා. බර යන්ත්‍ර සූත්‍ර යොදා ගන්න තහනම් කියා අපිට ලිඛිතව දැනුම් දුන්නා. අපිට නීති රිති එහෙම වුණාට 2024 මාර්තුවලදී ඉවුර කැඩුණාම බලධාරීන් ඉතාමත් බර යන්ත්‍රයක් අැලේ කුඹුරු උඩින් ගමන් කරවන්නට කටයුතු කළේ අපේ වගා විනාශ කරවමින්. මම මේ ගැන පොලිසියටත් පැමිණිල්ලක් කළා.
එහෙම කුඹුරුවලින් බර යන්ත්‍ර ගෙන යාම වැරදියි. මේ අමුණ මහා වාරි වැඩ පිළිවෙළ යටතේ තියෙන එකක් නිසා ඔයේ ඉවුර වාහනයක් යන්න පුළුවන් විදියට තියෙන්න ඕනෑ. දැන් ඔයේ ඉවුරු නැහැ. කැඩිලා. නැත්නම් ඉඩම් වලට කොටු වෙලා. කිසිම නිලධාරියෙක් ඒවා ගැන කිසි විටෙක බලලා නැහැ. ඒ වුණාට කාර්යාලය තියෙන්නෙත් අල්ලපු වැටේ. අමුණ හදන්න කියලා ගෙනා ගල් කියුබ් 100 ක් විතර ගෙනත් දාලා කාලයක් වෙනවා. එච්චරමයි. මහ පොළවේ පිහිටි පණුගලත් කඩා දමලා දැන් වතුර ගමන් කරන්නේ වෙනත් දිසාවකටයි.
ජේ. පී. ගුණතිලක මහතා මෙසේ කීය.
අත්තනගල්ලේ මහ අමුන ලෙස සැලකෙන මේ අමුණ නිසා රටට බත සැපයුවා. මෙහි වටිනාකම නිසාම 1994 දී එවකට ජනාධිපතිතුමියගෙන් කළ ඉල්ලීම මත ප්‍රතිසංස්කරණයක් කරන්නට පුළුවන් වුණා. ඊට පස්සේ කිසිම දෙයක් වෙලා නැහැ. තැනින් තැන ඉවුරු කැඩීලා ගියා විතරයි. අමුණේ ගල් බැමි පෙරලුනා විතරයි. ඒවාට ස්ථිරසාර විසදුමක් දෙන්න කිසිම නිලධාරියෙක් මෙතෙක් සමත්වුණේ නැහැ.
මේ අමුණ නැති නිසා බෙම්මුල්ල පෙරුවේ කුඹුරු අක්කර 1500 කට විතර බලපෑමක් ඇති වෙනවා. එහෙම වාතාවරණයක් තිබුණත් ගොවියාට වතුර ටික දෙන්න කිසිම නිලධාරියෙක් පියවර අරන් නැහැ. සමබන්ධීකරණ කමිටුවටත් කිව්වා. අඩු ගානේ ඒකේ න්‍යාය පත්‍රයටවත් මේ ගැටලුව ඇතුළත් කර තිබුණේ නැහැ. මම ඉදිරිපත් වෙලා කරුණු කිව්වාමයි කතාවට ගත්තේ. හදනවා හදනවා කියනවා විතරයි. මහාවාරි කිව්වාට මෙහෙම ගියාම බත් ඇටයක් කන්න නැති වෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ වැස්සට ඉස්සර වෙලා අමුණ හදලා වේලි බැඳලා නුදුන්නොත් අපිටත් රටටත් බත් කන්න නැති වෙන එක සිකුරුයි. දැනටත් කන්න හතරකින් වී ඇටයක් නැහැ. ඉංජිනේරුවො කරන්නේම බොරු විතරයි. කෝටි එකහමාරක් පාස්වුණා කිව්වා. ශතයක දෙයක් කෙරුණේ නැහැ. දැන් කියනවා සල්ලි ආපහු ගිහින්ලු. ගොවියා නොමග යවනවා විතරයි.
මේ අමුණ වහා අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කර ඇති බව ප්‍රද්ශයේ ගොවිජන සේවා නිලධාරීන්ගෙන් කළ විමසීමේදී දැනගනන්ට ලැබිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පණුගල අමුණ කාර්යාලයේ නිලධාරීන් කාර්යාලයේ නොවීම නිසා හමුවීමට ඉඩ නොලැබුණු අතර ගම්පහ වාරි මාර්ග කාර්යාලයේ ඉංජිනේරුවරයාට දුරතකනයෙන් කළ ඇමතීමේදී පිළිතුරු දුන් නම සඳහන් නොකළ නිලධාරිණියක පැවසුවේ පණුගල අමුණද ඒක හදනවානේද යනුවෙනි.
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊ
ශ්රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප
තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹද
සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.
දේශීය කුලී රථකරුවන් සහ යෙදුම් පාදක කරගත් කුලී රථකරුවන් අතර පවතින ගැටලුකාරී තත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කුඩම්මාගේ සැලකිලි ලබන වියලගොඩ ගොවියෝ