භානුක අමරසිංහ
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේදී 236.8ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2024 වසරේ දෙවැනි භාගය සඳහා වන ඉඩම් තක්සේරු දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි. ඒ අනුව මෙය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7ක වැඩි වීමක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, සියයට 9.4ක සහ සියයට 3.9ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් මෙම ඉහළයාමට දායක වී තිබේ.
කෙසේ වෙතත් අර්ධ වාර්ෂික පදනමින් බැලූ විට, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි.
සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත්කර ඒ වෙනුවට විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනය
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේදී 236.8ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉතාලි ත
සතිය ආරම්භයේදී පිට පිට දින දෙකක් පසුබැසීමට ලක් වූ කොළඹ කොටස් හුවමාරුව ඊයේ (27) දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය.
මුදල් ව්‍යාපාර පනත සහ මුදල් සමාගම් පනත යටතට ඇතුළත් ආයතන හැර වෙනත් පුද්ගලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ‘මුල්‍ය’ යන වචනය භාවි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
කොළඹ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 7.7කින් ඉහළට
අනුර වරාගොඩ Friday, 28 February 2025 07:19 PM
හොඳයි, ඒ සිදුවීම නමුත් මට දැනගැනීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ඇති ඉඩම්, වානිජ ගොඩනැගිලි, ගෙවල් පිළිබඳව වෙන්වෙන්ව වටිනාකම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලෙස ස්තුතියි ඔබට...!
අනුර වරාගොඩ Friday, 28 February 2025 07:22 PM
ඉතාමත් හොඳයි... නමුත් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ඇති සියලු ඉඩම්, වාණිජ ඉඩම්, ගොඩනැගිලී, වාණිජ ගොඩනැගිලි ඇතුළුව වෙන්වෙන්ව කරුණු ඉදිරිපත් කරන ලෙස ස්තුතියි ඔබට...!