එකී මෙකී නොකී සියල්ල මිලදී ගැනීමට නම් පිටකොටුව වෙළෙඳ සංකීර්ණය වෙත යා යුතුය. පිටකොටුවේ වීදී රාශියකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිස මෙරට නම් දරාපු ස්ථානයක් ලෙස ප්‍රකටව පවතින්නේ පිටකොටුව 04 වැනි සහ 5 වැනි හරස් වීදිය ය. අප අද ගොඩ වූයේ 4 වැනි හරස් වීදීයේ එම්. මහේන්ද්‍ර කුමාරන් මහතාගේ සිංහ ට්‍රේඩර්ස් වෙතය.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
අපි මිරිස්, කහ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, අබ, කොත්තමල්ලි වගේ කුළුබඩු වර්ග විකුණන්නේ. අපි තොග වෙළෙන්දෝ. අපි බඩු ආනයනය කරන්නේ නෑ. දේශීය නිෂ්පාදන තමයි විකුණනේ. සේවකයෝත් හයදෙනෙක් ඉන්නවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. ගිය මාසෙත් හොඳටම බිස්නස් අඩු වුණා. ජනවාරිවල නම් බිස්නස් ටිකක් තිබ්බා.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව මොකක්ද කියලා හරියටම කියන්න බෑ. එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් බලපානවා. එක හේතුවක් තමයි පහුගිය කාලේ තිබ්බ හාල් ප්‍රශ්නේ නිසා දිගුකාලීනව පිටකොටුවෙ වෙළෙදාම් කළ වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වුණා. සිල්ලර වෙළෙන්දෝ පිටකොටුවට එන්නේ ඔක්කොම ඕන කරන බඩු ටික අරන් යන්න. ඒ අතර හාල් ප්‍රධාන දෙයක්. හාල් හිඟය නිසා වෙළෙන්දෝ පිටකොටුවට එන එක අඩු වුණා. ඒක අපිටත් බලපෑවා.
තවත් ගැටලුවක් තමයි ඉස්සර ලංකාවේ හැම තැනටම බඩු දුන්නේ කොළඹ කොටුවෙන්. හැබැයි දැන් හැමතැනම වෙළෙඳ මධ්‍යස්ථාන තියනවා. දඹුල්ල, තඹුත්තේගම, මී ගොඩ, වැලිසර. ඒ නිසා අපේ වෙළෙඳාම දැන් හැම තැනටම බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි කොටුවේ වෙළෙඳාම අඩු වෙලා තියෙන්නේ. අනිත් හේතුව තමයි මිනිස්සුන්ට තියන ආර්ථික ප්‍රශ්න. මේ තියන ආර්ථිකේ එක්කෙ මිනිසුන්ට හිතේ හැටියට වියදම් කරන්න බෑ. ඔය වගේ හේතු නිසා තමයි වෙළෙදාම් අඩු වෙන්නේ.
ශෂිකා අබේරත්න
ඡායාරූප- සුමුදු හේවාපතිරණ
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිය මාසෙත් බිස්නස් හොඳටම අඩු වුණා