කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ඉංග්‍රිසි භාෂා කුසලතාවය ඉහළ නැංවීමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින් පාසල් දරුවන් 25,000ක් සඳහා නොමිලේ ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීමට සැරැසේ.
පළමු වන ශ්‍රේණියේ සිට අ.පො.ස (සා/පෙළ) දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ යටතේ පාසල් විෂයය මාලාවට සමගාමීව ඉංග්‍රිසී භාෂාවේ මූලිකාංග, ව්‍යාකරණ, නිවැරදි භාෂා භාවිතය මෙන්ම කථනය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට සැලසුම් කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 68 ක් පිහිටුවා ඇති අතර වසර දහයක් පුරා මේ පාඨමාලාව පවත්වයි.
නොමිලේ පවත්වන මෙම ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහන සඳහා තම දරුවන් ඇතුලත් කිරීමට අපේක්ෂා කරන දෙමාපියන්ට තම නම, ලිපිනය ලියූ මුද්දර කවරයක් "පාසල් ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහන", මොහාන් ලාල් ග්‍රේරු පදනම, අංක 18, පීටර්ස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට එලබෙන ජනවාරි මස 30වන දිනට ප්‍රථම යොමු කළ යුතු අතර පහත සඳහන් දුරකථන අංකයන්ගෙන් කොට්ඨාශ භාර නිලධාරීන් අමතා වැඩි විස්තර ලබා ගත හැක.
හෝමාගම - 0712307023,රත්මලාන සහ මොරටුව - 0775903636,මහරගම - 0779038510,උතුරු කොළඹ - 0773335062
කොළොන්නාව සහ බොරැල්ල - 0775082572,කඩුවෙල - 0716183760,කැස්බෑව සහ කෝට්ටේ - 0772660963,අවිස්සාවේල්ල - 0716480881,මැද කොළඹ - 0721027666
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්‍රේරු පදනමින් ‘කඩුව' නොමිලේ
සත්‍යාපාල Friday, 24 January 2014 04:27 AM
මැතිවරණ කාලේ ළංවෙන නිසා ගොඩක් දෙනෙක් මොන මොනවා හරි පටන්ගන්නවා. (අ)
අල්විස් Tuesday, 21 January 2014 05:34 AM
මොකක්ද මේ කඩුව කියන්නේ? (නදී)
බිඩාර Sunday, 02 February 2014 12:03 PM
ගම්බද දුප්පත් දරුවන් විසිපන්දහසක් සොයාගන්න. මුදල් නැති ඉගෙනගන්න හැකි දරුවන් තෝරාගෙන ඉගෙන්නුවොත් රටට සේවයක් වේවි.(නදී)
දිමුතු රොෂාන් ප්‍රනාන්දු Sunday, 26 January 2014 09:12 AM
වසර 10 නොමිලේ උගන්වන්න එතුමාට ආපු අදහසට ගරු කල යුතුයි.(නදී)
ශ්‍යාමලී Friday, 24 January 2014 08:28 AM
හොද වැඩක්. කවදත් ඉතින් ග්‍රේරො සර් ළමන්ට හොද මග යන්න පාර හදන්න මහන්සි වෙන පින්වත් මහත්මයෙක්නේ. ඔබට පින්. (අ)
ලලිත් Monday, 20 January 2014 04:03 PM
එතකොට මින් ඉස්සරහට ඉංග්‍රීසි උගන්වන්න අමාත්‍යංශයෙන් නැතිව ග්‍රේරු පදනමින්ද ?(දිල්)
කාන්ති Thursday, 23 January 2014 07:45 AM
ග්‍රේරෝ මහත්මයට පුළුවන් නේද ලයිසියම දරුවන් ගෙන් මුදල් ගන්නේ නැතිව උගන් වන්න. (අ)
දර්ශන තෙන්නකෝන් Monday, 20 January 2014 07:22 AM
උසස් සමාජ සේවයක්.(නදී)
කෙවින් Monday, 20 January 2014 09:01 AM
මේක ගොඩක් හොද වැඩක්. නමුත් කොළඹ දරුවන් හට ගුරුවරු සොයා ගැනීම, ආයතන සොයා ගැනීම පහසු වේ. ඔබතුමාට හැකි නම් කොළඹින් පිටත් මේ වගේ දෙයක් කරන්න බලන්න. ග්‍රාමීය දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා පහත්. ඔබට පින්. (නදී)
රුවන් - රත්නපුර Saturday, 25 January 2014 03:27 PM
කාන්ති... ලයිසියම් එකේ ඉගෙන ගන්න දරුවන් ඇතුලත් කරන්නෙ ඒකට එවන්න පුලුවන් අය.ඒ සල්ලි වලින් ගම් වල මෙහෙම හරි දෙයක් කරන එක ගැන සතුටු වෙන්න ඕනා.අනෙක ග්‍රේරු නියෝජ්‍ය ඇමති වුන ගමන් ලයිසියම් එකෙන් අස් වුනා කියා තිබුණා දන්නේ නැතිද?අනික ග්‍රේරු මහත්තයාගෙන් ඉගෙන ගත්ත අය කියන්නේ නැහැ එයා සල්ලි වලට ඒක පස්සෙම ගියා කියා.පිට ඉදන් කහින්න එපා.ඉගෙන ගත්තු ගෝලයන්ගෙන් අසා දැන ගන්න. (අ)
තුසි Tuesday, 28 January 2014 07:33 PM
අනාගත ජනාධිපති නැත්නම් අගමැති
ගුණවර්ධන Friday, 24 January 2014 03:00 PM
මෙයා එතකොට ග්‍රේරෝ කන්නන්ගරද ? බස්නාහිර ඡන්දය ඉවර වෙනකන් මොකක්ද කියලා හරියටම කියන්න බැහැ. ඒත් හිතට ආපු එකත් හොඳ දෙයක්.(නදී)
අමරවංහ Tuesday, 21 January 2014 08:48 PM
මහත්පල මහා නිසංශ ලැබෙන පිංකමක්. (නදී)
අයේෂ් Thursday, 30 January 2014 09:43 AM
ග්‍රේරු පදනමෙන් දැන් ආයුධ බෙදනවාද (දී)
බන්දුලතා Wednesday, 22 January 2014 02:52 PM
දුප්පත් දරුවන්ගේ ඇස් පාදන මඟක්. ඔබතුමා ඇතුළු මෙම කර්තව්‍යයට උරදෙන සැමට පිං සිදු වෙයි. (නදී)