නව පරපුර කර්මාන්තයෙන් ඈත්වීම ප්‍රශ්නයක්
අවශ්‍ය උපකරණ මිල ගිනි ගණන්, සහන ක්‍රමයක් තිබෙනවා නම් ශක්තියක්
විදුලි මිලත් ශ්‍රමයත් එක්ක බැලුවාම ලාබයක් නැතිතරම්
ලොකු කළු ගලක් රු: 25,000 ත් 30,000 ත් අතර
අමාරුවෙන් නිෂ්පාදන කළත් නිශ්චිත වෙළෙඳපොළක් නෑ
අතරමැදියන් නිසා සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ
පෝද්දල - සරත් ආනන්ද ගමගේ
ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ආසනයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමැඩුම ගම්මානය අනාදිමත් කාලයක සිට ප්‍රසිද්ධව ඇත්තේ ගල්වඩු කර්මාන්තයටය. මෙම ගම්මානයේ පදිංචිකරුවෝ බොහෝ දෙනෙක් රළු කළුගල් සමග ඔට්ටුවෙමින් ඒවා සියුම් නිර්මාණ බවට පත්කර ඉන් ලද ආදායමෙන් සිය කුටුම්භ රක්ෂණය කර ගත් හ. බොහෝ මෑතක් වනතුරුම කලුගල් හා ගැටුණු මිනිසුන්ගෙන් පිරී තිබුණු මීමැඩුම ගම්මානය අද නිසොල්මන්වීමෙන් පෙන්නුම් කරන්නේ අතීතයේ තිබූ සශ්‍රීකත්වය කෙමෙන් කෙමෙන් ඈත්වී ඇති බවයි.
දකුණේ ගල් වඩුවන්ගේ නිජබිම වූ මීමැඩුම ගම්මානයේ ගල්වඩු ශිල්පීන්ගේ එදා අද සහ හෙට දවස පිළිබඳව තබන ලද සටහනකි මේ.
පිය පාර්ශ්වයෙන් උරුමවුණු ගල්වඩු ශිල්පය වැළලීයාමට ඉඩ නොදෙමියි යන තිර අදිටනින් යුතුව එහි නියැලෙමින් ජීවිතය ගොඩනගා ගැනීමට වෙහෙසෙන චානක ජයමාල් මහතා මීමැඩුම ගම්මානයේ පදිංචිකරුවෙකි.
මේ ඔහු ගල්වඩු කර්මාන්තයේ වර්තමානය ගැන හෙළිකළ කතාවයි.
‘‘මේ මීමැඩුම ඉතිහාසය පුරාම ප්‍රසිද්ධව තිබුණේ ගල්වඩු කර්මාන්තයට.අපේ තාත්තගෙ සීයලගෙ කාලෙ අය තමයි සන්දරවල ඓතිහාසික දුටුගැමුණු රජමහා විහාරයේ කළුගල් සාංචි තොරණ හදල තියෙන්නෙ. තනි කළුගලින් හදපු වෙනත් සාංචි තොරණක් රටේ වෙන කොහේවත් නෑ. මේ මෑතක් වනතුරුම මේ ගමේ හැම ගෙදරකම මිනිස්සු ජීවත් වුණේ මේ කර්මාන්තයෙන්. ඒත් අද දිනෙන් දිනම මේ කර්මාන්තය ගමෙන් ඈත්වෙමින් තියෙන්නෙ. අලුත් පරම්පරාව මේ කර්මාන්තයෙන් ඈත්වීම තමයි මම නම් දකින ලොකුම ප්‍රශ්නය. දැන් ඉන්න ළමයි මේ වගේ බරවැඩ, ඇඟපත අපිරිසුදු වන වැඩ කරන්න උනන්දුවක් නෑ. ඒනිසා අපේ පරම්පරාවෙන් පස්සෙ මේ කර්මාන්තය ඉදිරියට යයි කියල විශ්වාස කරන්නත් අමාරුයි.
තාක්ෂණික උපකරණ එන්න ඉස්සර අපේ ගමේ හැදූ ගල් වංගෙඩි තමයි රටපුරා ගෙවල්වල තිබුණෙ. ඒ කාලෙ ගමේ හැම ගෙදරකම වංගෙඩි මිරිස් ගල් හැදුවා. ඒවයෙන් කැඩෙන ගල්කෑලි වලින් කොන්ක්‍රීට් ගල් හැදුව.ඒ කොන්ක්‍රීට් ගල් හදන වැඩේ කළේ ගමේ කාන්තා උදවිය. ගල් ක්‍රෂර් ආවට පස්සෙ ඒ කර්මාන්තය නැතිවෙලාම ගියා.
අපේ මුතුන් මිත්තො කටුවෙන් මිටියෙන් කළුගල් කැටයම් කළත් අද ඒවට නවීන උපකරණ තියෙනව. අද මේ උපකරණ දරාගන්න බැරි තරම් මිල අධිකයි.පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙ නම් අපට උපකරණ කට්ටලයක් නොමිලේ ලබාදුන්නා. එහෙම නැතුව සහන මිලකට හරි උපකරණ ලබා ගන්න වැඩ පිළිවෙළක් හරි හැදෙනවනම් ඒක අපිට ලොකු සහනයක්.
මේ තාක්ෂණික උපකරණ සියල්ල වැඩ කරන්නෙ විදුලි බලයෙන්. පහුගිය කාලෙ විදුලි මිල අහස උසට ගියා.මේ කර්මාන්තය කඩාවැටෙන්න ඒකත් හේතුවක් වුණා. මැෂින්වලට යන වියදමයි, විදුලි මිලයි වැයවෙන ශ්‍රමයයි එක්ක බැලුවම කිසිම ලාබයක් නෑ.ඒ නිසා අපි වර්තමාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි මේ කර්මාන්තය කරගෙන යෑමට අවශ්‍ය සහයෝගය හා අවධානය ලබාදී මේ කර්මාන්තය කඩා වැටෙන්නට නොදී අවශ්‍ය පහසුකම් ලබාදෙන්න කියල.”
පෙර කල සෑම නිවසකම පාහේ දක්නට ලැබුණු ලොකු ගල් වංගෙඩිය වෙනුවට දැන් තියෙන්නෙ මුළුතැන්ගෙයි පැන්ට්‍රිය උඩ තියන්න පුළුවන් හුරුබුහුටි පොඩි ගල් වංගෙඩියක්.මේකෙන් තමයි ගම්මිරිස් ටිකක් සුදුලූනු ටිකක් පොල් සම්බෝලයක් කොටාගන්නෙ. මේ ගල් වංගෙඩියෙ මෝල් ගහත් කලුගල්. ඒක තමයි විශේෂත්වය. මේ හුරුබුහුටි නිර්මාණය වෙළෙඳපොළ දක්වා එන ක්‍රියාවලියේ කටුක බව පිළිබඳව කරුණු පැහැදිලි කළේ මීමැඩුම ගම්මානයේ රංග දන්තනාරයන මහතාය
‘‘අපේ මුතුන් මිත්තො මේ කර්මාන්තයට අවශ්‍ය කළු ගල් සොයා ගත්තෙ මේ ප්‍රදේශයේම තියෙන මීමැඩුම කන්දෙන්. දැන් ඒ කන්ද අයිති වතු සමාගමකට.මේ කන්දෙන් අක්කර 6ක් ගුණරත්න වීරකෝන් ඇමැතිතුමාගෙ කාලෙ අපි වෙනුවෙන් වෙන්කරල දුන්න. දැන් ඒ ප්‍රදේශයේ කළුගල් නෑ. දැන් අපි කළුගල් සොයා ගන්නෙ පිටින්. ලොකු ගලක් රුපියල් 25000 ක් 30000ක් වෙනව.ඒ නිසා කන්දෙ අනිත් පැත්තෙ ගල් ටිකත් අපිට ලබාදෙන්න බලධාරීන් කටයුතු සලස්වල දෙනවනම් මේ කර්මාන්තය නගා සිටුවන්න ඒක ලොකු රුකුලක් වේවි.
අපි ගල් කඩන්න පාවිච්චි කරන කටු වර්ග කිහිපය නිතර නිතරම මොටවෙන නිසා ඒව තලල පන්නරය තියාගන්න ඕන. ඒකට පාවිච්චි කරන පොල්කටු අඟුරු පවා අපි ගන්නෙ සල්ලි වලට.මැෂින් වලටයි විදුලියට යන වියදමයි බැලුවම අපිට ලොකු පිරි වැයක් දරන්න වෙනව.ඒ වගේම සමහර නිර්මාණ අවසන් නිමාව දකින මොහොතෙදිත් කැඩිල විනාශ වෙන්නත් පුළුවන්. ඒ පාඩුවත් අපි දරාගන්න ඕන.
මේ විදියට නිමා කරන නිර්මාණ අවසානෙ අලෙවි කරගන්න අපිට නිශ්චිත වෙළෙඳ පොළක් නෑ. අපිට මේව දෙන්න වෙලා තියෙන්නෙ අතරමැදියන්ට. ඒනිසා අපිට සාධාරණ මිලක් ලැබෙන්නෙ නෑ. මේ කුඩා වංගෙඩියකට අපිට ලැබෙන්නෙ රුපියල් 2500යි. ඒත් ඒක වෙළෙඳ පොළේ අලෙවි වෙන්නෙ 6000 ට 7000ට. ඊට වඩා වැඩි මුදලටත් අලෙවි වන බවත් අපි දන්නව.රජයට අනුබද්ධ ආයතනයකින් හරි අපේ නිර්මාණ මිලදී ගෙන අපිට සාධාරණ වෙළෙඳපොළක් සොයා දෙන්න බලධාරීන් කටයුතු කරනවා නම් මේ කර්මාන්තයේ දියුණුවට ඒක ලොකු හයියක් වේවි”
පිය පාර්ශ්වයෙන් මේ කර්මාන්තයට උරුමකම් කියන අනුර රංදෙනිය මහතා සිය කර්මාන්තය අද පත්ව ඇති තත්වය ගැන කියන්නේ මෙවැනි කතාවකි.
‘‘අපේ තාත්තලා මේ කර්මාන්තය ගල් කටුවෙන්, උල් කටුවෙන්, මිටියෙන්, කුළු ගෙඩියෙන් කළාට අද අපි භාවිත කරන්නෙ තාක්ෂණික උපකරණ.ඒ සඳහා යොදා ගන්න ග්‍රයින්ඩර් තල ඉක්මනින් ගෙවෙනව. මේ තල දරාගන්න බැරි තරම් මිල අධිකයි. අඟල් 4 1/2තලයක් රුපියල් 4000 යි. අඟල් 9 තලයක් රුපියල් 6000 යි. ආර්ථිකය කඩාවැටීමත් එක්ක මේවායේ මිල නොසිතූ ලෙස ඉහළ ගියා. මේ අතුරු වියදම් නිෂ්පාදනයට එකතු කළොත් අපේ නිර්මාණ මිල වැඩි නිසා අලෙවිය පවා අඩුම වෙලා යන්න පුළුවන්.
ඒනිසා මෙවැනි කර්මාන්තවල යෙදෙන අයට යම් හෝ සහනයක් දෙන්න වැඩපිළිවෙළක් හදනවනම් කඩා වැටෙන අපේ කර්මාන්තයට එක ලොකු සහනයක් වෙවි.
මගේ නිෂ්පාදන නම් මම අතරමැදියන්ට දෙන්නෙ නෑ. අලෙවි කරන්නෙත් මමමයි. පාරිභෝගිකයා ඉල්ලන ඕනෑම නිෂ්පාදනයක් ලබාදෙන්න මට පුළුවන්. කළුගල් ටයිල්, කළුගල් බේසම්, පවා මම නිර්මාණය කරනව. මේ කිසි දෙයක් වෙනද වගේ අලෙවි වෙන්නෙ නෑ. ඉඳල හිටල තමයි යම් නිර්මාණයක් අලෙවි වෙන්නෙ.
මෙවැනි වටපිටාවක දැන් මේ කර්මාන්තයේ යෙදෙන්නෙ ප්‍රදේශයේ සුළු පිරිසක් පමණයි. පිරිසක් මේ කර්මාන්තය හොඳින් කෙරෙන වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වෙලා. තවත් පිරිසක් වෙනත් රැකියා සොයාගෙන ගිහිල්ල. සුළු කර්මාන්ත මේ විදියට කඩාවැටීමෙන් ජන ජීවිතවලට වන හානිය වගේම ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවන බවද බලධාරීන්ට මතක් කරන්න කැමැතියි ”
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්
ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ස
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ
නිදහස් දින නිවාඩුවට පෙර, ආයෝජකයන්ගේ උනන්දුව අඩුවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, ඍණාත්මක බවක් පෙන්නුම් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගල් වඩු කර්මාන්තයේ අඳුරු කලදසාව