ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) සමාගම වාර්ෂිකව පවත්වනු ලබන නත්තල් වෙළද සැණකෙළියේ ප‍්‍රථම ත්‍යාගය වු අයිඩියල් චෙරි ඔටෝ මොබයිල් නව චෙරි ජේ3 මෝටර් රථය මෙවර හිමිකරගැනීමට ඉන්දියන් ජාතිකයෙකු වු දීපේෂ් ප‍්‍රදාන් මහතා සමත් විය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සේද මාවතේදී අද පැවැති නත්තල් වෙළද සැණකෙළියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති ආනන්ද විමලසේන මහතා විසින් ජයග‍්‍රාහී මෝටර් රථයේ යතුර දිනේෂ් ප‍්‍රදාන් මහතාට බාර දුන්නේය.
ගුවන්තොපොළෙහි පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තයන්හි තීරු බදු රහිත අලවිසැල් සමග ඇතිකරගත් සහයෝගීතාවයෙන් මෙම ප‍්‍රවර්ධණ වැඩසටහන පැවැත්වුණි.
මෙවර මෙම සැනකෙළියේ සජීවී අත්දැකීම් ලබා ගැනීමට මෙරටට ඇතුළුවන ප‍්‍රධාන දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටවන මගීන් හට මෙන්ම දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතා කරන මගීන් සඳහාද ලබා දීමට කටයුතු යොදා තිබුණි.
ගුවන්තොටුපලවල් දෙකෙහිම ඇතුල්වීමේ හා පිටවීමේ පර්යන්තයන්හි තීරුබදු රහිත අලෙවි සැලකින් ඇමරිකානු ඩොලර් 10 ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් මිලදී ගැනීමක් කරනු ලැබූ සෑම ගුවන් මගියෙක්ම මෙම විශේෂ දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබු අතර එයින් වාසනාවන්තයින් නව දෙනෙකු තෝරාගන්නා ලදී.
මෙහි ප‍්‍රථම ත්‍යාගය ලෙස අයඩියල් චෙරි ඔටෝ මෝබයිල් පුද්ගලික සමාගම විසින් පිරිනැමුන නවතම චෙරි ජේ3 මෝටර් රථය ඉන්දියන් ජාතිකයෙකු වන දිනේෂ් ප‍්‍රදාන් මහතාට හිමිවුණි.
කැනඩාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකු වන කේ.ජී ලහිරු ඉෂාන් සමරනායක රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක්ද, ඕස්ටේරිලියාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකු වන බර්නඞීන් ද සිල්වා රුපියල් දෙලක්ෂ පනස් දහසක්ද, කැළණියේ ජී.එමි.ඒ.ඒ.අයි පෙරේරා රුපියල් එක් ලක්ෂ පනස් දහසක්ද ඉන්දියන් ජාතිකයෙකු වන සංජීව කුමාර් අගර්වාල් රුපියල් ලක්ෂයක්ද හිමිකරගත්තේය.
මීට අමතරව බත්තරමුල්ලේ සුනිල් ජයවර්ධන 40‘‘ සැම්සුන්ග් රූපවාහිණී යන්ත‍්‍රයද, කඩුවෙල ජී.කේ.එල් විජේතිලක එල්.ජී දොර දෙකේ ශීතකරනයක්ද, කොළඹ 03 නිශාන්ති රත්වත්ත සිංගර් ලැප්ටොප් යන්ත‍්‍රයක්ද, දුම්මලසුරිය කේ.පී.ජී පෙරේරා අරිස්ටන් ලිප් පහේ උඳුනක්ද හිමිකරගත්තාය.
මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා අයිඩියල් චෙරි ඔටෝ මෝබයිල් සමාගම, නේෂන් ට‍්‍රස්ට් බැංකුව සහ ඩයලොග් සමාගම අනුග‍්‍රාහකත්වය දැරීය.
මෙම වෙළඳ සැණකෙළියට සමාගාමීව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම තීරුබදු රහිත අලෙවිසැල් සමගින් එක්ව ආබාධිත දරුවන් දස දෙනෙකුට විශේෂ රෝද පුටු සහා රුපියල් 135,000 ක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ගුවන්තොටුපල සහ ගුවන් සේවා ශ්රී ලංකා සමාගමේ සභාපති ආනන්ද විමලසේන, උප සභාපති සංජීව විජේරත්න සමග අයිඩියල් චෙරි ඔටෝ මොබයිල් සමාගමේ උප සභාපති අරවින්ද ද සිල්වා මහතා ඇතුලූ අනුග්‍රාහකයෝ රැසක් එක් වුහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන්තොටේ ලොතරැයි කාරය ඉන්දියාවට
ඉඳුනිල් Saturday, 02 May 2015 06:18 AM
අවුරුදු තෑග්ග අසල්වැසියාට! (නි)
තිළිණ Saturday, 02 May 2015 12:48 AM
මෙදා අවුරුද්ද සරුයි එහෙනම් (නි)
කැළුම් Saturday, 02 May 2015 12:48 AM
සුබ පැතුම්! (නි)