මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා කිව් ආර් කේතය භාවිත කරමින් තැඹිලි ගෙඩියක් මිලදීගත් අවස්ථාව.
අම්බලන්තොට සනත් ගමගේ
මෙරට ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව දුර්වල මට්ටමක පවතින හෙයින් එය ප්‍රගුණ කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත්දා හම්බන්තොටදී පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සංවිධානය කරනු ලබන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩ සටහනක් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේදී පැවැති අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළු අදාළ පාර්ශ්ව රැසක් මෙම ප්‍රවර්ධන වැඩ සටහනට සහභාගී වි සිටියහ.
මෙහිදී අදහස් දැක් වු මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේද පැවසීය. ග්‍රාමීය ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව ඉතාම දුර්වල මට්ටම පවතිනවා. එම තත්වය සැලකිල්ලට ගත් ඇතැම් පිරිස් නීති විරෝධි පිරමිඩ ක්‍රම ආරම්භ කරමින් ජනතාවගේ මුදල් තැන්පතු සේ ලබා ගන්නවා. එවිට ජනතාව එම නීති විරෝධි මූල්‍ය ආයතන සමග ගනු දෙනු කිරීම ආරම්භ කරනවා. මූල්‍ය සාක්ෂරතාවක් ඇති අය මෙම නීති විරෝධි පිරමිඩ වලට යොමු විම අවම වි තිබෙනවා. තම ප්‍රදේශවල ජනතාවට එම අවබෝධය ලබාදිමට බලපත්‍ර ලාභී බැංකුවලට මෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතනවලටත් වගකීමක් තිබෙනවා.
එම නිසා ඉදිරියේ දී මහ බැංකුව මගින් මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටන් විවිධ ආයතන විශේෂයෙන්ම පොලිසියද සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නවා.
ග්‍රාමිය මට්ටමේ සිටින කිසියම් ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් කරන පුද්ගලයෙක් බැංකුවට ගොස් ණය මුදලක් ඉල්ලලුම් කරන විට ව්‍යාපාරය සම්බන්ධයෙන් ලාබ අලාභ ව්‍යාපාරයේ ස්වභාවය ගැන බැංකුව දැනුවත් කිරීම සිදුකළ යුතුයි. එසේ කිරීමේ දී යම් යම් ගැලු ඇතිවේ. ඒ අනුව එම පුද්ගලයා අපේක්ෂා කරන දෙය ඉටු නොවිමට ඉඩ තිබේ.
ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධා
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරට වඩා 2024 වසරේදී සියයට 10 කින් ඇමෙරිකන් ඩොලර් බිලියන 6.57 දක්වා වර්ධනය වී ඇත.
රාත්‍රී කාලයේදී සීගිරිය සංචාරකයන් සඳහා විවෘත නොකරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන වා
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වනHNB Finance PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පව
මෙරට ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව දුර්වල මට්ටමක පවතින හෙයින් එය ප්‍රගුණ කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (ජනවාරි 15) පෙරවරුවේ නවදිල්ලියේ දී පැ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ග්‍රාමීය ජනයාගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමට නව වැඩපිළිවෙළක්