IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ගාස්තු සංශෝධනයෙන් සූර්ය බලශක්ති කර්මාන්තය අවදානමක

  • වහළ මත සූර්ය බලශක්ති ගාස්තු සංශෝධනය කිරීමේදී පුළුල් ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සලකා බලන්න 
  • ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි
  • ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උපායමාර්ගයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වහළ මත සූර්ය බලශක්ති කර්මාන්තය හඳුනාගත යුත්තේ ඇයිදැයි පිළිබඳව කරුණු පෙන්වා දෙයි

දිව්‍යා තොටවත්ත
වහළ මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතිවලින් උත්පාදනය කරනු ලබන විදුලිය සඳහා ගෙවන ගාස්තුව තවදුරටත් අසාධාරණ ලෙස අඩු කිරීමෙන් වළකින ලෙස සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළේය.
තවදුරටත් සූර්ය බල විදුලිය සඳහා ගෙවන ගාස්තුව අඩු කරනු ලැබුවහොත් ඉන් කර්මාන්තයේ වර්ධනයට බලපෑමක් එල්ල විය හැකි බවත් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීමට දරන උත්සාහය ඉන් බාධාවක් විය හැකි බවත් සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය එහිදී අනතුරු ඇඟවූවේය. පසුගිය සතියේ පැවැති එම මාධ්‍ය හමුවේදී ගාස්තු අඩු කිරීමෙන් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක පිළිබඳව කර්මාන්ත නියෝජිතයෝ පෙන්වා දුන්හ.
එහිදී අදහස් දක්වමින් සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සභාපති ජාවිඩ් කමිල් මහතා ප්‍රකාශ කර සිටියේ අස්ථාවර සහ අනපේක්ෂිත ප්‍රතිපත්ති සමග සූර්ය බලශක්ති කර්මාන්තයට පැවැත්මක් නොමැති බවයි. ආර්ථික වර්ධනයට මෙන්ම මෙරටට සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් ගෙන ඒමට සූර්ය බලශක්ති කර්මාන්තය දායක වන බැවින් තම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් වෙනස් නොවන සාධාරණ ප්‍රතිපත්තියක් සිය කර්මාන්තය සඳහා ක්‍රියාත්මක කරන ලෙස යැයි කමිල් මහතා පැවැසුවේය.
මීට මාස 6 කට පෙර ගාස්තුව රුපියල් 37 ක් වූ බවත් එය සියයට 40 කින් අඩු කරමින් රුපියල් 27 දක්වා අඩු කිරීමට බලධාරීන් කටයුතු කළ බවත් කමිල් මහතා ප්‍රකාශ කළේය. එලෙස අඩු කළ ගාස්තුව නැවතත් අඩු කිරීමට බලධාරීන් සූදානම් වන බවත් ඔහු පැවැසුවේය. එමගින් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටිනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ වහළ මත සවිකළ සූර්ය බලශක්ති කර්මාන්තය කැපීපෙනෙන ලෙස වර්ධනය වී ඇති බවත් සේවකයන් 40,000 කට රැකියා සපයා තිබෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 1000 ක් ඒ වටා ගොඩනැගී තිබෙන බවත් සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ඉටුකර ගැනීම සඳහා සූර්ය බලශක්ති ව්‍යාපාරය ඉතා වැදගත් කාර්යභාර්යක් ඉටුකරන බවත් කෙසේ නමුත් මෑතකදී සිදු කරන ලද සහ යෝජිත ගාස්තු කප්පාදුවෙන් සූර්ය බලශක්ති කර්මාන්තය කෙරෙහි ආයෝජකයන්ගෙන් විශ්වාස දෙදරී යා හැකි බවත් සූර්ය බලශක්ති ව්‍යාපෘති 1000 ක් එම ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ මුදල් සහ බලශක්ති ඉතුරුම් එමගින් අනතුරේ හෙළෙන බවත් කමිල් මහතා පැවැසුවේය. මේ අවස්ථාවේදී සූර්ය බලශක්ති කර්මාන්තය ඉතා වැදගත් ස්ථානයක සිටින බවත් තවත් මාස 6 කින් ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. එමගින් ආයෝජකයන්ගේ විශ්වාසය අවතක්සේරුවට ලක්වනු ඇති බවත් ඕනෑම වෙළෙඳපොළක ස්ථාවරත්වයක් තිබිය යුතු වීම එයට හේතුව බවත් ඔහු පැවැසුවේය.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600 කින් සූර්ය බලශක්තිය දායකත්වය ලබා දී තිබෙන බවත් එය මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 5 ක් බවත් කමිල් මහතා ප්‍රකාශ කළේය. එලෙස දායකත්වයක් ලබා දුන්නත් වහළ මත සවිකළ සූර්ය බලශක්ති කර්මාන්තය ලාභදායී, දේශීයව අරමුදල් සපයන බලශක්ති විසඳුමක් වුවද එයට ලැබිය යුතු නිසි හඳුනා ගැනීම තවමත් ලැබී නැතැයි ඔහු පැවැසුවේය.
ඒ හේතුවෙන් සූර්ය බලශක්ති නිෂ්පාදකයන්ට සාධාරණ මිලක් ලැබෙන පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති රාමුවක් වහළ මත සවිකළ සූර්ය බලශක්ති කර්මාන්තයට ලැබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. රජය, ගාස්තු හුදෙක් ගණිතමය සූත්‍ර ලෙස නොසැලකිය යුතු බවත්, ඒ වෙනුවට පුළුල් ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සලකා බැලිය යුතු බවත් කමිල් තර්ක කළේය.



අදහස් (0)

ගාස්තු සංශෝධනයෙන් සූර්ය බලශක්ති කර්මාන්තය අවදානමක

ඔබේ අදහස් එවන්න

 

ව්‍යාපාරික විත්ති

ව්‍යවසායකයන්ට ලෝක වෙළදපොළ ඇල්ලීමට රජයෙන් සැලසුම් ජනපති තරුණ ව්‍යවසායකයන්ට කියයි
2025 මාර්තු මස 12 17 0

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.


කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට පියවර
2025 මාර්තු මස 12 12 0

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊ


පැවති ණය පියවීමට අලු‍තින් ණය නොගත්තා නම් රට බංකොලොත් වන්නේ මීට කලින්
2025 මාර්තු මස 12 52 0

ශ්‍රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප


තේ පාලන පනතත් සංශෝධනයට
2025 මාර්තු මස 12 12 0

තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹද


කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් අරඔයි
2025 මාර්තු මස 12 11 0

සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.


කුලී රථකරුවන්ගේ ගැටුම් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක්
2025 මාර්තු මස 12 12 0

දේශීය කුලී රථකරුවන් සහ යෙදුම් පාදක කරගත් කුලී රථකරුවන් අතර පවතින ගැටලු‍කාරී තත්වය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 137 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 346 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site