තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ සහය සහිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
මාර්තු මාසයේදී කොළඹ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙලෙස එකඟතාවට පැමිණ තිබේ.
“තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම හා එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මෙම එකඟතාවට පැමිණීමට නියමිතයි “ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වොෂින්ටනයේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ලබන ජූනි මාසයේදී දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම සලකා බැලීමට අධ්‍යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු වෙයි.
මෙහි පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම නව නීතිය ආදායම් බලමුලු ගැන්වීම මුල්කරගෙන කල් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සඳහා හේතු විය යුතුයි.“එම අරමුදල කියයි.
ජාත්‍යන්තර සංචිත රැස්කීරීම නැවත ආරම්භ කිරීම ගැන එම අරමුදල මෙරට බලධාරීන්ට ප්‍රශංසා කළේය. එමගින් ශ්‍රී ලංකාවේ බාහිර අවදානම් තත්ත්වය අඩු කරගත යුතුයැයි එම අරමුදල පෙන්වා දෙයි.
මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා පැසැසුමට ලක් කළේ
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්
ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාම
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය, සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී සමාගමේ ජාතික දිගු-කාලීන ශ්‍රේණිගත කිරීම දැනට පවතින AA(lka) මට්ටම
පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැල
වයඹ මුහුදු තිරය සුවිශේෂී මුහුදු කලාපයක් වෙයි. මෙම මුහුදු කලාපය ජෛව විවිධත්ව සුන්දරත්වය මනා ලෙස පිළිඹුවන අපුර්වතම නිර්මාණයක් ද වෙයි. එහෙත් මෙවන් සුන්ද
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවක