IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ජනතාව වැඩි බදු බරක් ගෙවන්නේ කෙසේද?

 

මහජනතාවගෙන් බදු අය කරන අතර එම බදු වලින් යැපෙන ආණ්ඩුව තවදුරටත් බදු සහන දෙන අංශ හඳුනා ගැනීමෙන් පසු මහජනතාවට පසුබිම නිරවුල්ව වටහා ගැනීමට අවස්ථාවක් සම්පාදනය වේ. බදු වංචාකරුවන් හා බදු පැහැර හරින්නන් වශයෙන් චෝදනා කරන පිරිස ද හෙළිදරව් කරන්නට කටයුතු කිරීම ද ඉතාම වැදගත්ය.

 

සාරා කන්දෙගොඩ


උපයනවිට ගෙවන බදු සඳහා සහනයක් සපයන ලද බව ආණ්ඩුවේ මතය වී තිබේ. පසුගිය වසරේ අවසාන භාගයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා රට තුළ සැලකිය යුතු උද්‍යෝගයක් ඇති කරන ආකාරයට බදු සංශෝධන යෝජනා ඉදිරිපත් කළේය. ජනතාවාදී ආණ්ඩුවක් වශයෙන් ආර්ථිකය තුළ උත්පාදනය කිරීමෙන් ඇතිවන වාසි ජනතාවට ලැබෙන්නට සලස්වන බව මෙහිදී හැඟී ගියේය. එක පැත්තකින් උපයනවිට ගෙවන බදු අඩු කළ එම යෝජනාව අනෙක් පැත්තකින් වාණිජ බැංකුවල තැන්පත් සඳහා මෙතෙක් අය කරන ලද රඳවා ගැනීමේ බද්ද සියයට පහක සිට දහය දක්වා සියයට සියයකින් ඉහළ නැංවීය.


රඳවා ගැනීමේ බද්ද වැඩිකිරීම සාධාරණද?
රට කරගෙන යන්නට බදු අවශ්‍යය. බදු අය කරගත යුතු ආකාරය ගැන සම්මතයක් තිබේ. ජනතාවට දැරිය හැකි ප්‍රතිශතවලින් බදු අය කිරීම සුදුසුය. ලෝකයේ දියුණු රටවල සියයට තිස්පහ දක්වා සහ එයට ඉහළ බදු අය කරන බව රහසක් නොවේ. මැදි ආර්ථික මටට්මක සිට එතැනින් ද පහතට වැටුණු රටක ජනතාවකට අධික බදු බරක් පැටැවිය යුතු නැත. උහුලාගත නොහැකි වූ ජීවන වියදම පදනම් කරගෙන රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂවලට අමතක නොවෙන පාඩමක් උගන්වන්නට මෙරට ජනතාව සමත් වූ අතර එය ජාතික ජනබලවේගය ආණ්ඩුවේ පැවැත්මට ලබාදුන් තිර සහතිකයක් සේ කල්පනා කිරීම කිසිසේත් සුදුසු නැත.  
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පාලනය කිරීමේ බලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවරාගෙන තිබේ. මාස හතළිස් අටක් දක්වා විහිදෙන ආධාර සහ එය වටා සංවිධානය කරන ප්‍රතිපත්ති තීරණ හඳුන්වා දෙන එහි විශේෂඥයෝ ශ්‍රී ලංකාවේ පාලකයන්ට ඉලක්කම් දක්වා ඒවා හඹා යන ලෙස නියම කරමින් සිටිති. වරින් වර මෙරටට එන මුල්‍ය අරමුදලේ නිලධාරීන් ඔවුන්ගේ නිර්නායක අනුව රට පවතින්නේ ද යන්න පරීක්ෂා කරමින් සිටින බව පෙනේ. 
පසුගිය අවස්ථා දෙකක් තුළ මෙරටට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ ඔවුන් කරන ලද නියම අනුව සහ ඒවායේ අඩු ලුහුඬුකම් ගැන පෙන්වා දුන්හ. තුන්වැනි වතාවට ද පැමිණි එහි කණ්ඩායම ජනාධිපතිවරයා පමණක් නොව ආණ්ඩුවේ ආර්ථික තීරණ ගන්නා ප්‍රධානීන්ද මුණ ගැසිණ. මෙහිදී රට පවතින තත්වය සහ ජාතික ජනබලවේගය ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික දර්ශනය ගැන ගැඹුරෙන් කරුණු කියා දෙන බව පැහැදිලිය. රට තුළ උත්පාදනයක් ඇති කරන්නට පියවර ගත යුතු අතර එම පියවර සඳහා අලුත් ආණ්ඩුවට වුවමනා පරිදි බදු හා ආදායම් ඉලක්ක හසුරුවන බව අවශ්‍ය බව පෙන්වා දෙන්නට ඇත. 
කෙසේ නමුත් දැනට අනුගමනය කරන පියවර අනුව මූල්‍ය අරමුදල සමග පසුගිය රනිල් ආණ්ඩුව ඇතිකරගත් එකඟතා වෙනස් නොකරන බව නිරීක්ෂණය කළ හැකිය. උපයනවිට ගෙවීම සඳහා සහන දෙන අතර තැන්පත් පොලිය මත රඳවාගැනීමේ බද්ද දෙගුණ කිරීම එහි ප්‍රතිඵලයකි. බද්ද ගෙවිය නොහැකි අඩුආදායම් ලබන පිරිසට ඒ සඳහා විවෘත කරන ලද කවුළුවට පැමිණ කරුණු දක්වන සේ යෝජනා කිරීමෙන් එම රඳවා ගැනීමේ බදු දැනටමත් ගෙවන පිරිස තවත් සංකීර්ණ කරුණු දැක්වීමකට තල්ලු කිරීමක් පමණකි.

  
බදු ආදායම් ඉලක්ක ගැන පෙන්වා දීමක්
2026 වසරේ දී මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 14 ක ප්‍රමාණයක් උපයා ගත යුතුය. එය රු. බිලියන 4,400 ක් පමණ මුදලක් විය හැකිය. 2027 වසරේ දී එය තවත් වැඩි කරන්නට නියමිතය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලැස්ම අනුව මුදල් අමාත්‍යාංශය පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ දී නිකුත් කරන ලද චක්‍රලේඛනය අනුව මෙය සඳහන් වේ. මෙම නියමය අදටත් අවලංගු කර නැත. බදු යෝජනා සංශෝධනය මෙහි ප්‍රතිඵලයකි.
ජනතාවට බදු පනවන ආණ්ඩුව බදු සහන සපයන ලද අංශ හෙළිදරව් කිරීම සඳහා පැකිළෙන හේතුව පැහැදිලි නැත. ජනාධිපති අරමුදලෙන් සහන ලැබූ දේශපාලනඥයන්ගේ ලැයිස්තු හෙළිකරන පසු එහි කටයුතු ගැන මහජනතාව විස්මිත වූහ. අරමුදලට මුදල් සපයන සංවර්ධන ලොතරැයි මිලදී ගැනීමෙන් පවා වළකින්නට ඇතැම් ජන කොටස් තීරණය කර ඇත. මෙයට සමානව රජයේ බදු සහන හිමි අංශ හෙළිකරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දන්වා තිබේ. අනෙක් අතට රුපියල් බිලියනයකට වඩා මහජන මුදල් වැය කරන පසු ඒවායේ පසුබිම ජනතාවට හෙළි කළ යුතුවේ. දූෂණ හා වංචා කෙරෙහි මහත් ඕනෑකමකින් ක්‍රියා කරන ආණ්ඩුව මෙම අංශ දෙක සම්බන්ධයෙන් අන්තර් ජාල වෙබ් අඩවි සකස් කර තොරතුරු දැනගැනීමට ඉඩ සැපයීම අවශ්‍යය.


 බදු ගෙවන්නේ රට වැසියන් බව අමතක කිරීම
2023 වසරේ මුල් මාස අටක් තුළ මෙරට බදු ආදායම රුපියල් බිලියන 1661.6 කි. 2024 වසරේ සමාන කාල පරිච්චජේදයක් තුළ එය රු. බිලියන 2665.9 ක. දේශීය ආදායම් සඳහන් කරන පරිදි 2024 වසරේ රු. ට්‍රිලියන 1.95 ක බදු එකතු කරගෙන තිබේ. එය 2023 වසරට සාපේක්ෂව සියයට විසිපහක වැඩිවීමකි. මෙයින් රු. බිලියන 245.5 ක් වැට් බදු මගින් උපයා ගෙන ඇත.  බදු සංශෝධන හේතු කොටගෙන ආණ්ඩුවේ ආදායම ඉහළ ගොස් ඇති ප්‍රමාණය මෙයින් පැහැදිලි වේ. 2025 වසරේ දී මෙම ස්වභාවය තවත් දියුණුවනු ඇත. 
මෙම බදු ගෙවන්නේ මෙරට දුප්පත් ජනතාව බව අමතක කළ යුතු නැත. සමාගම්වලට හා ධනවත් පුද්ගලයන්ට බදු වැඩිකරන බවට මතයක් සමාජයේ තිබේ. එය එපමණ ඇත්තක් නොවේ. සමාගම්වලට පනවන බදු ඒවායේ නිෂ්පාදනවලට එකතු කෙරේ. නිපැයුම මිල වැඩි කරන පසුබිම තුළ රජයේ බදු ද ඇතුළත්ය. පොහොසතුන් ධනය ලබාගන්නේ ව්‍යාපාර හා කර්මාන්තවල නිරතවීමෙන් ය. ලබන ආදායම බදුවලට ගෙවන පසු ජීවන තත්ත්වය පහළ ගොස් ඔවුන් ද සුඛෝපභෝගී වාහන අත්හැර සරල ජීවිතයකට හැරෙනු ඇතැයි උපකල්පනය කිරීම සුදුසු තත්ත්වයක් නොවේ. බදු වැඩි කිරීමෙන් පසු ඔවුහු තමන්ගේ ආදායම වැඩි කරගන්නා පියවරට පත්වෙති. එය ගෙවන්නෝද පාරිභෝගිකයෝය. බදුවලට අවසානයේ දී අත්පත්වන ඉරණම අනුව එය ගෙවන අවසාන පුද්ගලයා සේවාවක් ලබන, නිෂ්පාදනයක් මිල දී ගන්නා කොටස බව අමතක කළ යුතු  නැත.


ආර්ථිකය ප්‍රසාරණය කරන පිළිවෙළක් හැදීම
ජනතාවට බදු බර වැඩිකිරීමෙන් ආණ්ඩුවේ ආදායම වැඩිකිරීමේ සැලැස්ම අවසානයේ දී මහජනතාව මත සියලු බර පැටවීමකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආදායම්  ඉලක්ක, අය වැය හිඟය හෝ ණය ආපසු ගෙවන ක්‍රමවේද හඳුන්වා දුන් පසු ඒවා බැර කෙරෙන්නේ පවතින කුඩා ආර්ථිකයටය. ජනතාවගේ කොටස උදුරා ගන්නා සේ උපදෙස් දෙන අරමුදල ව්‍යාපාර හා කර්මාන්ත දියුණු කළ යුතු ඉලක්ක සම්පාදනය නොකරන්නේ ඇයි? මුල්‍ය අරමුදල තක්සේරුව අනුව රට තුළ ව්‍යාපාර ආරම්භ කළත් නොකළත් ඔවුන්ට ප්‍රශ්නයක් නැත. අදහසක් වශයෙන් රජය සතු ව්‍යවසාය පෞද්ගලීකරණය කරන සේ දක්වයි. එමගින් අලුත් ප්‍රසාරණයක් අපේක්ෂා කෙරේ. 
එහෙත් එය නොකිරීම බරපතළ තත්වයක් සේ සලකන්නේ නැත. දේශපාලන අංශ ද රජයට අයත් අංශ පැවැරීම මහත් නරක ක්‍රියාවක් වශයෙන් සමාජයට අර්ථ දක්වමින් සිටී. කරුණු මෙසේ හෙයින් අලාභ හා තව දුරටත් කාර්යක්ෂමව ව්‍යාපාර මෙහෙයැවිය හැකි රජයට අයත් ආයතන මහා භාණ්ඩාගාරයට අවාසි සහිතව පසුවේ. මහජනතාව ගෙවන බදු වැය කරන්නේ මෙම ආයතනවල පාඩු හා පොලිය පියැවීම සඳහාය.
2025 වසර සඳහා තාවකාලික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ. එයට අනුව මුල් මාස හතර සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලට වෙන් කර ඇති මුදල 4,197 ක්  බව දැක්වේ. එය මෙරට ණය වාරික ඒවායේ පොලිය හා ණය සේවා ගෙවීම් සඳහාය. මෙම ගෙවීම් අතරවාරයේ තවත් රුපියල් බිලියන 4,000ක් දක්වා වසර තුළ ණය ලබාගත හැකි සීමාව ඉහළ නංවා ඇත. ණය ගෙවන අතර ණය ගැනීමට වඩා මෙම රාමුව වෙනස් කරන ක්‍රමයක් ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි ? ණය වශයෙන් ගන්නා මුදලට සියයට පහක සේවා ගාස්තුවක් වෙන් කළත් රුපියල් බිලියන 200 ක් 2025 වසර අවසානයේ  දී මහජන බදුවලින් එම ණය හිමිකරුවන්ට ගෙවන්නට සිදුවේ.
පර් යේෂණ වාර්තා දක්වන පරිදි උපයනවිට ගෙවන බදු පරාස වෙනස් කිරීමෙන් පසු මෙතෙක් ගෙවමින් සිටි ජනකොටස්වලට ලැබෙන ස්ථානය දළ වශයෙන් රුපියල් බිලියන අසූවක් පමණ වනු ඇතැයි සැලකේ. එම සහනය තිබිය දී අලුතින් ගන්නා ණයවලට රු. බිලියන දෙසියයක් ගෙවීම සාධාරණීකරණය කළ හැකි ද? මෙම සියලු බර උහුලන්නේ මෙරට සියලු ජන කොටස් වන අතර වක්‍ර බදු ගෙවන දුප්පත් ජනතාව මෙයින් තවත් පීඩාවට පත්වන බව පෙන්වා දිය හැකිය.
   



අදහස් (0)

ජනතාව වැඩි බදු බරක් ගෙවන්නේ කෙසේද?

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට
2025 ජනවාරි මස 10 21 0

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව (Government Digital Payment Platform - GDPP) සම්බන්ධයෙන් 2024 වසරේදී සිදු කරන ලද සාර්ථක නියමු පරීක්ෂණවලින් පසුව 2025 වසරේදී ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකු


වී ගන්න ‘ඔඩපණ’ ණය රුපියක් කෝටි 1000
2025 ජනවාරි මස 10 8 0

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම


Fitch Ratings ලංකා බැංකුවේ තත්වය ඉහළ දමයි
2025 ජනවාරි මස 10 10 0

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDRs) CCC මට්ටම


ලංකාවට මාලදිවයිනේ මහඟු ආර්ථික අවස්ථාවක්
2025 ජනවාරි මස 10 12 0

මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන්


පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ අද ඇරඹේ
2025 ජනවාරි මස 10 21 0

කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදුකරන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (10දා) ආරම්භ කිරීමට නියමිතය.


විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු නියෝග සම්මතයි
2025 ජනවාරි මස 10 3 0

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු තවත් පනත් දෙකක් සම්බන්ධ නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සම්මත විය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 94 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 502 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site